අධ්‍යාපනය ගැන අර්ථ කථන
"අධ්‍යාපනය" යන වචනය ලංකාවේ බොහෝ වෙලාවට භාවිත කරන්නෙ පාසලක පන්තියක වාඩිවී ගුරුවරයා කියන දේ අසා සිටීම, ඉන්පසුව ගුරුවරයා දෙන සටහන ලියා ගැනීම හා ඒවා පාඩම් කර ගුරුවරයා දෙන
ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම බව පෙනීයනවා. අධ්‍යාපනය කියන්නෙ ඒවගෙ දේකට බව විවිධ වගකිවයුතු අය කරන ව්‍යවහාර අනුවත් පෙනී ගිය වාර බොහොමයි. මේ විවිධ අවස්ථාවල අධ්‍යාපනය ගැන අසන්නට කියවන්නට ලැබෙන ප්‍රකාශ කීපයක්
- අධ්‍යාපනය විතරක් හරියන්නෑ. ක්‍රීඩාකරන්නත් ඕන. අධ්‍යාපනයෙන් විතරක් ජීවත් වෙන්න බෑ. යමක් හරිහැටියට කරන්න දස්කම් ලබාගන්නත් ඕන.
- හොඳ ගුණධර්ම පිළිපැදීම ජීවිතයේ පුරුද්දක් කරගන්නැතුව අධ්‍යාපනය විතරක් දීල වැඩක් නෑ.
- අපේ විශ්ව විද්‍යාලවල කරන්නෙත් අධ්‍යාපනය දෙන එක විතරමයි. අන්තිමේ දී මොනව හරි කරන්න නං එ් ගැන දන්න අයගෙන් අහගෙන පුරුදු වෙන්ඩ වෙනව.
මේ ප්‍රකාශ "අධ්‍යාපනය" ගැන ගමේ ගොඩේ කතාවුන ඒව නෙවෙයි. ජනමාධ්‍යවල පෙනී ඉන්න ජනමාධ්‍යෙව්දීන් කියන අය වෙතින්, හාමුදුරුවරුන්ගේ ප්‍රසිද්ධ දේශනාවලින්, දේශපාලකයන්ගේ ප්‍රකාශවලින් අහ කියාගන්න ලැබුණ දේවල්.
මේ පාතින් තියෙන්නෙ සාමාන්‍ය අයගෙ ප්‍රකාශ කීපයක්
- අධ්‍යාපනෙන් පස්සේ මොනව හරි "කෝස් එකක්" කරන තැනකටවත් යවාගන්න ඕන. නැත්නං ඔය විස්සවිජ්ජාල වල ගිහිල්ල විතරක් හරියන්නෙ නෑ.
- මයෙ කෙල්ල "....... කෝස් එක" කරන්ඩ යනව. විස්ස විජ්ජාලෙ පටන්ගන්ඩ තව කල්යනව නේ. මොනව හරි කර කියාගන්න පුරුදුවෙන්න එක හොඳයි. නැහ්නං විස්ස විජ්ජාලටෙ ගිහිල්ල ආව කියල කරන්න පුළුන් දෙයක් නෑ.
- විබාගෙ ලිව්ව විතරයි මයෙ එකාට කොම්පියුටර් කෝස් එකකට සිස්සත්තයක් හම්බ වෙලා ඕන්න යනව. ඒකෙ ලියාපදිංචි වෙන්ඩයි පොත්වලටයි විතරයි සල්ලි ගන්නෙ.
ඇත්තෙන්ම අධ්‍යාපනය කියන්නෙ මොකද්ද ? අධ්‍යාපනේ පිළිබඳව පවතින ලොකුම ගැටළුව ගුරුවරියන් බුරිය පේන්ඩ ඇඳුම් අඳින එකද? පාසලට මොබයිල් එකක් ගේන එක ද? අඩි උස සෙරෙප්පු වලයි අධ්‍යාපනෙයි අතර තියන සම්බන්දෙ මොකද්ද ?
ඔන්න අපේ ආතගෙ මතය
වැඩිදෙනකු තවම කතා නොකළට සංවේදී නොවුනට අධ්‍යාපනය කියන්නෙ කතා කරන්නම ඕන කාලීන තේමාවක්. අධ්‍යාපනය කියන දේ නොදරුවන් වගේ අයගෙ වැඩයි ඩීල් කාරයංගෙ වැඩයි හන්ද වල් වැදිල තියෙන්නෙ. අධ්‍යාපනේ හැදෙන්ඩ ඕන විදිහ පාලකයන්ට තියා කාටවත්ම ලෙසියෙං තේරුම් බේරුම් කරගන්න බැරි දෙයක් බවට පත්වෙලා. ඒ හින්ද මුළු සමාජයම එකතුවෙලා ඒක තේරුම් බේරුම් කරගන්ඩ ඕන. කන්නංගර මහත්තයගෙ ගාන්ධි වගේ අයගෙ පොටෝෙගහගන ඉඳල විතරක් නං හරියන්නේ නෑ.