යක්කඩුවේ හාමුදුරුවෝ
මේ මහා වියතාණන් වහන්සේ හඳුන්වා දීමට
තරම් මා සතු සුදුසු කම් ප්‍රමාණවත් යයි මට නොසිතේ. ආතා සිය පොත්
එකතුවෙන් මට ලබා දුන් පොත කඩමාල්ලක් බවට
පත්ව තිබිණි. වනකතා කෘතිය කෙතරම් අගනේද යන්න වටහා ගැනීමට වැඩි වෙලාවක් ගත නොවීය.
පසුව පොත්
සාප්පු පීරා යමින් මේ පොත නැවත කෙසේ හෝ පළවී ඇද්දැයි සෙවීමි.
එහි
යක්කඩුවේ හාමුදුරුවන් හඳුන්වා දෙන මහ වියතුන් මුණ ගැසිණි.
මේ
උපුටනයන් දෙස අවධානය දෙන්න.
“......අපේ යක්කඩුවේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ
කෙබඳු හාමුදුරු නමක්දැයි අලුත් වනකතා පාඨකයන්ට හඳුන්වා දීමට මහාචාර්ය වල්පොල රාහුල හාමුදුරුවන්
වහන්සේ ලියූ ලිපියකින් කොටසක් උපුටා දක්වමි.
ඉන්දියාවේ ජනාධිපතිව සිටි ආචාර්ය සර්ව පල්ලි රාධ
ක්‍රිෂ්ණන් දාර්ශනිකයා රාහුල හිමියන් යක්කඩුවේ හාමාදුරුවන් ගේ කාමරයට කැඳවාගෙන ගොස්
උන්වහන්සේ හඳුන්වා දී “ප්‍රසිද්ධියේ පෙනී නොසිටියත් පිරිවෙනේ මේ සියලු ම කටයුතු වල මූලිකයා මුන්
වහන්සේ ය” යි කී විට රාධා ක්‍රිෂ්ණන් තුමා “අත්තිවාරම නොපෙනෙයි, පිටතට පෙනෙන්නේ
ගොඩනැගිල්ලයි” කියා උන්වහන්සේට නැවත වරක් නමස්කාර කළේය.” මෙසේ පවසන වැලමිටියාවේ
කුසලධම්ම හිමිපාණෝ විශිෂ්ට පුවත් පත් කලාවේදී ඩී. බී. ධනපාල ශූරීන් විසින් හිමියන්
ගැන ලියන ලද ලිපියක් හකුලවා දක්වන මහාචාර්ය වල්පොල රාහුල හිමිපාණන් එහි අන්තර්ගතය
පහත සඳහන් ලෙස සම්පිණ්ඩනය කරන බව පෙන්වා දෙති
.
“උන්වහන්සේ මනෝදර්ශනයේ නිර්භයතාව,අධිෂ්ඨානයේ
ස්ථිරත්වය,පාණ්ඩිත්‍යයේ අමිතත්වය,හිතේ විස්තාරය,හෘදයේ කාරුණ්‍යය යන මේ ගුණයන්ගේ
උදාර මහිමය සාමාන්‍ය නරයන් මවිත කරවයි” (වනකතා 2010 මුද්‍රණයේ iවන පිටුව)
වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණන් වහන්සේ 2010 මුද්‍රණය
තුළ මෙසේ ද සටහන් කරති. “අපේ යක්කඩුවේ නායක හාමදුරුවන් වහන්සේ ගේ මුල්ම පොත වනකතාව
යි. විද්‍යාලංකාර පිරිවෙන ආර්ථික අමාරු කම් වලින් ගොඩගැනීමට උපකාර වුනේත් මේ
වනකතාවයි. වරක් රාජ උදහසට ලක්වුනේත්, තවත් වරක් රාජප්‍රසාදයට ලක්වුනේත් මේ වන
කතාවයි. ලියන භාෂාවේත්, කියන භාෂාවේත් පරතරය නැත් කළේත් වනකතාවයි.”
මහාචාර්ය
පොල්වත්තේ බුද්ධදත්ත හිමිපාණන් වහන්සේ විසින් ලියනු ලබන පසු සටහනේ “..........මහජනයාට තේරෙන
බසින් පොත් ලිවිය යුතු යයි මෙහි කලක සිට උද්ඝෝෂණයක් පවතී.....ඒ සඳහා අතිශයෙන් යෝග්‍ය
මග සොයා ගැනීමෙන් මුල පිරුවේ යක්කඩුවේ ප්‍රඥාරාම ස්ථවිර තුමායයි. කිය යුතුය. මේ
පොත් පෙළේ තවත් පොත් අනාගතයේ පළ වන බැවින් මෙය “සාමාන්‍ය මහජනතාවට ලැබුණ
සම්පතකැ”යි කිය යුතුය.
මේ පොත මෙතරම් තදින් මා සිත පැහැර ගත්තේ ඇයි ?
බ්ලොග් සටහන් කියවන අය හා ලියන අය ගැන
ඇතැම් වියතකු මට දුන් උපදේශයක් නිසා ඇති වූ අධික සිත් පෑරිමෙකිනි. ඉතිරිය මී ළඟ ලිපියට තබමි.