හදිසියේ මුණ ගැසුන ගුරුතුමා මහත් වේදනාවකින් පසුතැවිල්ලෙන් හඬාවැටෙමින් සිටින බවත් දක්නට ලැබිණි. මේ ඔහු මුවින් පිට වූ වදන් කීපයකි.
එදා මම
ඔවුන් නොදත් දේ ඔවුන්ට කියා දුනිමි
අකුරු හැඩයට ලියා වැකි ගොඩනගන්නට
පරුදු කළෙමි
සංඛ්‍යා පෙළ ගස්වා ඒවායින් විජ්ජා ද දක්වන්නට
හුරු කළෙමි
අද ඔවුහු
භාෂාව යොදා ගනිමින් සමාජය භේද භින්න කර
ගිනි අවුලවති
සංඛ්‍යා වලින් හරඹ දක්වමින්
ජනතාව මුලා කරමින්
ඔවුහුම තර වෙති
මා කළයුතුව තිබුණේ
භාෂාව හා සංඛ්‍යා ඉගැන්වීම නොව
මගේ දිවිපැවැත්ම තුළින්ම
චිත්තවේග ජය ගැනීමට උගන්වා
අවංකත්වය, කරුණාව හා මෛත්‍රිය
ඔවුන් තුළ රෝපණය කිරීම බව
මට දැන් ඒත්තුගොස් ඇත.
මාතලන්ගෙ මේ ලිපිය තියන විස්තර කියෙවුවාම අදාල අයට ඉගැන්වූ ගුරුවරුන් වැලපෙනවා ඇත්තේ ඒ විදිහටයි සිතෙනවා. විමතියක් ඇති වෙනව නං ඒ ලිපිය බලන්න ඇයි මේ ගුරුවරු වැලපුනේ කියල හොඳට තේරුම් යාවි.
පිහිය පළතුරු කැපීමට මෙන්ම ජීවිත නැසීමටද භාවිතා කළ හැකිය
ReplyDeleteඒක ඇත්ත කිචී. සතුරන් නැසීමට පාවිච්චි කරන්නේ නම් එහිද වටිනාකමක් වෙයි. පිහියෙන් තමාටම ඇණ ගෙන නැහෙන්නත් පුළුවන්. මුවහත ඇති පිහියක් සේ බුද්ධිය මෙන්ම සංවේදී බවද (අධ්‍යාත්ම වටිනාකම් ද) තියුණු ලෙස මුවහත් වීමට අධ්‍යාපනය ඉවහල් වුනා නම් ලෝකය කෙතරම් සාරවත් විය හැකිව තිබිණිද !
ReplyDeleteසරලව කෙටියෙන් කියල තිබුනට මේ ලොකු කතාවක්. ඇත්ත තමයි
ReplyDeleteමම දිරිය ලදිමි. තනි නොකළාට ස්තුතියි මධ්‍යස්ථ
ReplyDeleteමගේ සිහියට ආවේ සුනිල් එදිරිසිංහ ගයන ගීයක "සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ - අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ" යන දෙපදය.
ReplyDeleteගී පද රචකයා ගරු ගෝල භූමිකාවේ නූතන ස්වභාවය ඇසුරෙන් නිර්මාණය කළ පදවලැට කටහඬ නාදමාලා රචනයද මනාව ගැලපී ඇති නිර්මාණයක් නේද කණිෂ්ක
Deleteමා මුලින් සඳහන් කළ "පැන මඩ කඩිති" ගීය පදමාලාව සංගීතය හා ගායනය මනාව සුසංයෝග වූ සුභාවිත ගීයක් බව සැබැයි.
Deleteඑහෙත් සමාජ ඇගයීම් සහ වටිනාකම් බොහෝ සෙයින් වෙනස් වී ඇති මෙකල, එදා කතාන්තර උපමා ලෙස එළෙසම යොදා ගත හැකිද යන්න ම පැනයෙකි.
ඔව් කණිෂ්ක ඔය ගැටළුව ඔබේ කොමෙන්ටුව දිකිද්දි මටත් ඇතිවුනා. එ් මොහෙතේ නිහඬව මා සිරිකරගත් අදහස ඔබ පවසා තිබෙනවා.
Deleteඋන්නපු දෙයේ නෙමෙයි වරද ඉගෙන ගත්ත දෙය යොදා ගන්න විදිහේ..
ReplyDeleteදිනේෂ් කණීෂක දෙදෙනාම පවසන්නෙ එකම කාරණය දෙවිදිහකින්. වැරැද්ද ඇත්තේ විෂයයන්ගේ නොවෙයි. දිනේෂ කණිෂ්ක දෙදෙනා සමග මාත් ඉන්නේ එකම තැන
ReplyDeleteවිල්ෆ්‍රඩ් පෙරේරා මැතිඳුන් වගේම තවත් ගුරුවරු දහස් ගනනක් හිතින් වැලපෙනවා ඇති නයින්ට කිරි පොවා ඇති කිරීම ගැන.. ඒකත් අර තුවක්කුව හදපු මනුස්සයට වගේ..
ReplyDeleteකල්‍යාණ මිත්‍ර විල්ප්‍රඩ් පෙරේරා ශූරීන් හඳුනාගන සිටියාද , ඔබ ඉතාම සංවෙදී වෙමින් ලිපිය කියවා ඇති බව පෙනෙනවා. තුවක්කුව හදපු මනුස්සයගේ කතාව මා අසා නැහැ. ඔබේ ලිපියක එය ලියන්න පුළුවන් නේද
ReplyDeleteමටත් කියන්න තියෙන්නේ දිනේෂ් කියල තිබ්බා වගේ ඉගෙන ගත්ත දේ යොදාගන්න විදිහේ වරද කියල තමා.
ReplyDeleteඇත්ත මේ තත්ත්වය අප කාටත් වගේ තේරුම් යන විදිහ නේද මනා. මේ වරද හරිගස්ස ගන්න එක නම් තවත් පමා වෙන්න හොඳ නෑ.
ReplyDelete