Monday, November 16, 2015

අධ්‍යාපනය හා බුරිය


අධ්‍යාපනය ගැන අර්ථ කථන

"අධ්‍යාපනය" යන වචනය ලංකාවේ බොහෝ වෙලාවට භාවිත කරන්නෙ පාසලක පන්තියක වාඩිවී ගුරුවරයා කියන දේ අසා සිටීම, ඉන්පසුව ගුරුවරයා දෙන සටහන ලියා ගැනීම හා ඒවා පාඩම් කර  ගුරුවරයා දෙන
ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම බව පෙනීයනවා. අධ්‍යාපනය කියන්නෙ ඒවගෙ දේකට  බව විවිධ වගකිවයුතු අය කරන ව්‍යවහාර අනුවත් පෙනී ගිය වාර බොහොමයි. මේ  විවිධ අවස්ථාවල අධ්‍යාපනය ගැන අසන්නට කියවන්නට ලැබෙන ප්‍රකාශ කීපයක්


  1. අධ්‍යාපනය විතරක් හරියන්නෑ. ක්‍රීඩාකරන්නත් ඕන. අධ්‍යාපනයෙන් විතරක් ජීවත් වෙන්න බෑ. යමක්  හරිහැටියට කරන්න දස්කම් ලබාගන්නත් ඕන.  
  2. හොඳ ගුණධර්ම පිළිපැදීම ජීවිතයේ පුරුද්දක් කරගන්නැතුව අධ්‍යාපනය විතරක් දීල වැඩක් නෑ.
  3. අපේ විශ්ව විද්‍යාලවල කරන්නෙත් අධ්‍යාපනය දෙන එක විතරමයි. අන්තිමේ දී මොනව හරි කරන්න නං එ් ගැන දන්න අයගෙන් අහගෙන පුරුදු වෙන්ඩ වෙනව. 

මේ ප්‍රකාශ "අධ්‍යාපනය" ගැන ගමේ ගොඩේ කතාවුන ඒව නෙවෙයි. ජනමාධ්‍යවල පෙනී ඉන්න ජනමාධ්‍යෙව්දීන් කියන අය වෙතින්, හාමුදුරුවරුන්ගේ ප්‍රසිද්ධ දේශනාවලින්, දේශපාලකයන්ගේ ප්‍රකාශවලින් අහ කියාගන්න ලැබුණ දේවල්. 

මේ පාතින් තියෙන්නෙ සාමාන්‍ය අයගෙ ප්‍රකාශ කීපයක්
  1. අධ්‍යාපනෙන් පස්සේ මොනව හරි "කෝස් එකක්" කරන තැනකටවත් යවාගන්න ඕන. නැත්නං ඔය විස්සවිජ්ජාල වල ගිහිල්ල විතරක් හරියන්නෙ නෑ.
  2. මයෙ කෙල්ල "....... කෝස් එක" කරන්ඩ යනව. විස්ස විජ්ජාලෙ පටන්ගන්ඩ තව කල්යනව නේ. මොනව හරි කර කියාගන්න පුරුදුවෙන්න එක හොඳයි. නැහ්නං විස්ස විජ්ජාලටෙ ගිහිල්ල ආව කියල කරන්න පුළුන් දෙයක් නෑ. 
  3. විබාගෙ ලිව්ව විතරයි මයෙ එකාට කොම්පියුටර් කෝස් එකකට සිස්සත්තයක් හම්බ වෙලා ඕන්න යනව. ඒකෙ ලියාපදිංචි වෙන්ඩයි පොත්වලටයි විතරයි සල්ලි ගන්නෙ.
ඇත්තෙන්ම අධ්‍යාපනය කියන්නෙ මොකද්ද ?  අධ්‍යාපනේ පිළිබඳව පවතින ලොකුම ගැටළුව ගුරුවරියන් බුරිය පේන්ඩ ඇඳුම් අඳින එකද? පාසලට මොබයිල් එකක් ගේන එක ද? අඩි උස සෙරෙප්පු වලයි අධ්‍යාපනෙයි අතර තියන සම්බන්දෙ මොකද්ද ?  


ඔන්න අපේ ආතගෙ මතය

වැඩිදෙනකු තවම කතා නොකළට සංවේදී නොවුනට අධ්‍යාපනය කියන්නෙ කතා කරන්නම ඕන කාලීන තේමාවක්. අධ්‍යාපනය කියන දේ නොදරුවන් වගේ අයගෙ වැඩයි ඩීල් කාරයංගෙ වැඩයි හන්ද වල් වැදිල තියෙන්නෙ. අධ්‍යාපනේ හැදෙන්ඩ ඕන විදිහ පාලකයන්ට තියා කාටවත්ම ලෙසියෙං තේරුම් බේරුම් කරගන්න බැරි දෙයක් බවට පත්වෙලා. ඒ හින්ද මුළු සමාජයම එකතුවෙලා ඒක තේරුම් බේරුම් කරගන්ඩ ඕන. කන්නංගර මහත්තයගෙ ගාන්ධි වගේ අයගෙ පොටෝ‍ෙගහගන ඉඳල විතරක් නං හරියන්නේ නෑ.

Thursday, November 12, 2015

සමුගන්නා හිමිපාණනි

අක්තපත්‍රයකින් පිදුම් නොලද නායක හාමුදුරුවෝ

“………..දේශපාලකයින්ගේ වේදිකා සරසන්නෙකුගේ තත්ත්වයට ද උන්වහන්සේ කිසිදා පත් නොවූහ. නිර්භය ලෙස ඕනෑම වැරැද්දක් විවේචනය කිරීමේ හැකියාව හා පෞරුෂය උන්වහන්සේට ලැබුණේ මෙම අදීනත්වය හේතුවෙනි. මේ අර්ථයෙන් ද 1940 දශකයේ විද්‍යාලංකාර ප්‍රකාශයේවිස්තර වන රටවැසියාගේ යහපතට හේතුවන දේශපාලනයෙහි යෙදුණු නූතන යුගයේ භික්ෂුවයයන ගෞරවය ලබන්නට මාදුළුවාවේ සෝභිත හිමියෝ හැම අතින්ම සුදුසුකම් ලබති.
 -ගල්කන්දේ ධම්මානන්ද හිමිපාණන්

ඉහත ඡේදය උපුටාගත්තා Kathika Sanvāda Mandapaya වෙතින්.

සෝබිත අපේ ලොකු හාමුදුරුවනේ ඔබවහන්සේ ජීවමානව සිටියදි එක මලක් හෝදෙන්නට නොහැකි වූ මා අද මල් දහසක් ගෙනාවත් ඇති වැඩක් නැත.  ගුණ මකු මට සමාව දෙනු ලැබේවා.!


Tuesday, November 3, 2015

මම ලිව්වත් උඹ ලිව්වත්

බූරුවො බුරන හැටි


ඔන්න මීට ඉස්සෙල්ල බූරුවො බල්ලන්ගේ වැඩ කරනව  කියල මම කිව්වෙ ඇයි කියන එකට බොහොම කෙටි උත්තරයක්. 

මේ දකින්ඩ තියන දේශපාලන ආර්ථික සමාජ ක්‍රියාකාරීත්වය ගැන මම උඹ ලවා ලියෙව්වත්, උඹ හිතල ලිව්වත්,  වෙන අය ලිව්වත්  ඒවයේ තියෙන් මහ විසාල කැකෑරෙන වේදනාවක් ! බලාපොරොත්තු සුන්වීමක් ! එහෙම නේද ? ඇයි ඒ ?

යුද මානසිකත්වයක හිටපු සමාජෙට ඒකෙන් මිදෙන්න පුළුවන් උන බවක් තවම පේන්න නෑ. සමාජයට බලපෑම් කරන්ඩ වරං අරගෙන ඉන්න  පිරිස අතර ඉන්න සමහර පූජකවරු විතරක් නෙවෙයි මොනව කරල හරි සල්ලි ගොඩ ගහගන ඉන්න බලපුළුවන් කාරයොත් දෙකට තුනට බෙදිල  ජාති වාදෙ, ආගම් වාදෙ කරපින්නා ගෙන යකා නටනව. ජයගත්ත කියල හිතන නොහිතන පාලක වර්ග දෙකටම තවම උන විකාරෙ. මුළු සමාජෙම ගත කරන්නෙ අවිචාර සමයක.  යුද්දෙකින් පස්සෙ මිනිස්සු විකෘති වෙන බව, මානසික රෝගීන් වෙන බව ඉතිහාසෙ   දිහා බලපන්. උදාහරණ ඕනතරං.

ඔන්න ඔහොම වෙලාවට රටක් ගොඩ යන්න නං  මහා ප්‍රාඥයො ඕන වෙනව. පවතින සහ ඇති වෙමින් තියන ගැටළුවලට විසඳුම් මොනවද කියල  සොයල රටටත් පාලකයන්ටත් ජනතාවටත් මග පෙන්නන්න ඕන ප්‍රාඥයො. ඒ අය. කෝ ? තවම එහෙම අය ඉන්න පාටක්වත් පේන්න නෑ. ප්‍රාඥයො එක්කො රට ඇර ගිහිල්ල. නැත්නං උන්වත් මරාදාල එහෙමත් නැහ්නං උන් සේරම මර නින්දෙ.

දැං ඉතින් විසඳුම් හොයන්නෙ, පෙන්නල දෙන්නෙ මාධ්‍ය මුදලාලි ලයි පාතාල බල පුළුවන් කාරයොයි, කුහකකම රෙද්දකින් වහගෙන ඉන්න පූජකයොයි (වැඩියම හාමුදුරුවරු) . සිහිබුද්ධියෙන් ඉන්න අය මොකද්ද කරන්නේ කියල හිතාගන්න දඟලද් දි ; අඩියක් තියන්නවත් බැරුව ඉද්දි  සමහර එව්වො එතනට පැනල බඩ පිනුං ගහ ගහ විසඳුම් පෙන්නනව. විසඳුම් දෙනව. තීන්දු දෙනව. 

දිග වැඩි වෙන හින්ද මම එකිං එක කියන්න යන්නෙ නෑ. බලාපං මාතලන්, ඩ්‍රැකී, මනෝමන්දිර , මධ්‍යස්ථ, රසික, කුරුටු ගෑ ගීපවුර, අවංක ආර්යයන්, මහේෂ් රත්නායක, දයල්බතී, විචාරක, බණ්ඩා, පියුමි ළමයා, කල්‍යාණ මිත්‍ර,නලින් දිල්රුක්ෂ, ඉවාන්පවුලූෂා, රතී ලියන දිනපොත, දෙතිස්කතා, අටම්පහුර, දේශකයා, අජිත් කුමාර, මගේ කිචී, කණිෂ්ක, රූපෙ, අහස් බූන්දි, පැරකුම් .............. ල විතරක් නෙවෙයි තවත් බොහොම කට්ටිය පේස්බුක් එකේ වුනත් ඉන්න සමහර කොල්ලො කෙල්ලොයි   කොහොම හරි නින්දෙ ඉන්න අය නැගිටු වන්න, බූරුවන්ගෙ බූරු වැඩ ගැන නොනවත්තාම ලියාගෙන, ලියාගන, ලියාගන, ලියාගන, ලියාගන.................. යන හැටි. 
රූප හොයල තෝර ගත්තෙ අන්තර්ජාලයෙන්