සබ්බේ සත්තා උග්‍ර උන්මත්තකා.....! ?
ජනමාධ්‍යකින් උපුටා ගත්තු නිසයි දරුවන්ට එරෙහි හිංසනය පිටු දකිමු කියන වදන් පෙළ උදෘතපාඨ ලකුණු අස්සට දැම්මෙ.
පහුගිය දවස්වල සිද්ද වුන ඛේදවාචකයන් මොනවද කියන එක දැන් සෑහෙන්න පැහැදිලියි. හොඳ සිහියෙන් ඉන්න අයට කරන්නට බැරි ඒ අපරාධ කරල තියෙන්නෙ මානසික රෝගීන් බව.
ඔවුන් රටේ හැම ක්ෂෙත්රයකම ඉන්න බවත් පහුගිය ටිකේ ජනමාධ්‍ය දිහා බැලෙන කොට තේරුම් ගියා.
ඒ හින්ද "සබ්බේසත්තා උන්මත්තකා" විය හැකියි. ඒත් සබ්බේ සත්තා "උග්‍ර" උන්මත්තකා වෙන්න විදිහක් නෑ නේ.
ඒ හින්ද "සබ්බේසත්තා උන්මත්තකා" විය හැකියි. ඒත් සබ්බේ සත්තා "උග්‍ර" උන්මත්තකා වෙන්න විදිහක් නෑ නේ.
මේවට ප්‍රතිකාරය වෙන්නේ රෝගීන් සොයා එල්ලා මරා දැමීම ද ? මානසික රෝගීන් නොසලකා හැරීම අපේ රටේ තරම් වෙනත් රටක සිදුවෙනවා දැයි නොදන්නෙමි.
මේ සත්‍ය කතාවක්.
ඈත පිටිසර නගරයකට ආසන්නයේ පිහිටි ගමක්. (මේ කියන්න යන කෙනාගෙ නම ලියන්නේ නෑ.) සැහෙන්න දක්ෂතා තියන ............. කෙනෙක්. ඒත් එයා කරගත්තු කසාදය අසාර්ථක වී ගියා. එයාට හොරකමේ යන එක සාමාන්‍ය පුරුද්දක් වෙලා තිබුණෙ. මෙහෙම ඉන්න අතරේ හොරකමකට වැරදි කරුවෙලා හිරේ ගියා. අවුරුදුදක විතර දඬුවම් කාලය නිමවූ නිසා නිදහස් වෙලා ගමට ආව. එයා පිස්සෙක් බව හිරේ යන්ඩ පෙරදිත් ගමේ ඇතැමෙක් කතා වුන බව මට මතකයි.

නෑදෑයො නම් හොඳ සිහිය තියන පිළිගත් අය. අසිහියෙන් ඉන්න විකෘති පුද්ගලයෙක් නිසා හිරේදි වෙදකම් කළ බවත් ආරංචි වුනා. ගමට ආවට පස්සේ වසරක් පමණ යනතුරු යන තුරු හොඳට හිටිය. එත් මත්පැන් පානයට ඇබ්බැහි උන ගමන් ආයෙත් පරණ පුරුදු ඇති වුන බව පෙනුනා.
මෙයා ගැහැණූ දරුවන් සිටින ගෙවල් අසල නිතර ගැවසීම නිසා ගමේ අය හිටියෙ විමසිල්ලෙන් හින්ද කරදරයක් ඇති වුනේ නෑ. රාත්‍රියේ නිවෙස් වල ජනේල අසල සිට හසුවීම, රෙදි වැල්වල වනල තිබ්බ, විශේෂයෙන් කාන්තා ඇඳුම් හොරකම් කර ගෙන ගොස් අතටම හසු වීම වගේ දේවල් වැඩිවැඩියෙන් ආරංචි වෙන්න වුනා. කවුරුත් තමන්ගෙ දරුවන් පරෙස්සම් කරගන්න සැලකිලිමත් වුනා.
අසල් වැසියන් විසින් මේ විස්තර අදාල පුද්ගලයාගෙ නෑදෑයන්ට පැවසීම අනුව ඔවුන් ද මැදිහතවී පොලීසිය මගින් මේ පුද්ගලයා නැවත පුනරුත්ථාපන කඳවුරකට යැවුවා විය හැකියි. මේ දිනවල ඔහු නැවතත් ගමට පැමිණ ඇත. කිසියම් කලක් යන තුරු දිනපතා පාවිච්චි කරන්න බෙහෙත් නියම කර ඇති බව දැනගන්න ලැබෙනවා. දැන් ඔහු සිටින බවක් වත් දැන ගන්න බැරි තරමට හොඳයි.

"බැරිවෙලාවත් මේක බෙහෙත් නවත්තල ඉස්සෙල්ල වගේ කසිප්පු බොන්න ගත්තොත් තමයි වැඩේ". මේ ගමේ අය පවසන කතාවක්. මේ ඇත්තටම රෝගියෙක් නේ. ඉතින් එවැනි අය අතින් සිදුවිය හැකි අපරාධයක දි එල්ලා මරන්න ඕනිද ? නැතිනම් අපරාධ වෙන්න කලින් වෙනත් සුදුසු පියවර අරගත යුතුද මේ කල්පනාව ඇති වුනේ මෙන්න මේ ලිපිය කියෙවුවට පස්සෙ
පාසල හා විෂය මාලාව ඔස්සේ අධ්‍යාපනයට යම් තරමින් ළං වන ලිපි ලියමින් සිට ටිකක් ඈතට ගිහින් මේ ලිපිය ලියන්න ගත්තෙ තේමාවෙන් පිට පැන්න නිසා නෙවෙයි. ඒකත් අධ්‍යාපනයට සම්බන්ධ නිසයි.
ඔන්න ඔක්තෝබර් පළවෙනිදා දකින්ඩ ලැබෙන අවිධිමත් ඉගැන්නිල්ලක් බලන්න පුළුවන් බව අාරංචියි. ගරුන්නාන්සෙලා වෙන්නේ ජනමාධ්‍යයක්. ගෙවල් වල සාලෙ තියන යකාගෙ පෙට්ටියෙ පොරචාරරෙ කරනවා.
ළමා හිංසනය පිටු දකින්ඩ ඕන කියග කියා දෙන්න යන්නෙ සිහියෙන් ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට. ඒ අයගෙ හිතේ තමන් ඇර රටේ ඉන්න අනෙක් සේරම අපරාධ කාරයො කියල වෙන්න ඇති. ඒක නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආකල්ප හදන්න උත්සාහ ගන්නවා වගේ පේන්නෙ.
බලධාරීන්ටයි මාධ්‍ය කරුවන්ටයි මධ්‍යස්ථ මත ධාරියා නමින් ලියන මේ ලිපිවත් කියවල ඉන්න කියන්නයි මේ පෝස්ටුව ලිව්වෙ