Monday, November 16, 2015

අධ්‍යාපනය හා බුරිය


අධ්‍යාපනය ගැන අර්ථ කථන

"අධ්‍යාපනය" යන වචනය ලංකාවේ බොහෝ වෙලාවට භාවිත කරන්නෙ පාසලක පන්තියක වාඩිවී ගුරුවරයා කියන දේ අසා සිටීම, ඉන්පසුව ගුරුවරයා දෙන සටහන ලියා ගැනීම හා ඒවා පාඩම් කර  ගුරුවරයා දෙන
ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම බව පෙනීයනවා. අධ්‍යාපනය කියන්නෙ ඒවගෙ දේකට  බව විවිධ වගකිවයුතු අය කරන ව්‍යවහාර අනුවත් පෙනී ගිය වාර බොහොමයි. මේ  විවිධ අවස්ථාවල අධ්‍යාපනය ගැන අසන්නට කියවන්නට ලැබෙන ප්‍රකාශ කීපයක්


  1. අධ්‍යාපනය විතරක් හරියන්නෑ. ක්‍රීඩාකරන්නත් ඕන. අධ්‍යාපනයෙන් විතරක් ජීවත් වෙන්න බෑ. යමක්  හරිහැටියට කරන්න දස්කම් ලබාගන්නත් ඕන.  
  2. හොඳ ගුණධර්ම පිළිපැදීම ජීවිතයේ පුරුද්දක් කරගන්නැතුව අධ්‍යාපනය විතරක් දීල වැඩක් නෑ.
  3. අපේ විශ්ව විද්‍යාලවල කරන්නෙත් අධ්‍යාපනය දෙන එක විතරමයි. අන්තිමේ දී මොනව හරි කරන්න නං එ් ගැන දන්න අයගෙන් අහගෙන පුරුදු වෙන්ඩ වෙනව. 

මේ ප්‍රකාශ "අධ්‍යාපනය" ගැන ගමේ ගොඩේ කතාවුන ඒව නෙවෙයි. ජනමාධ්‍යවල පෙනී ඉන්න ජනමාධ්‍යෙව්දීන් කියන අය වෙතින්, හාමුදුරුවරුන්ගේ ප්‍රසිද්ධ දේශනාවලින්, දේශපාලකයන්ගේ ප්‍රකාශවලින් අහ කියාගන්න ලැබුණ දේවල්. 

මේ පාතින් තියෙන්නෙ සාමාන්‍ය අයගෙ ප්‍රකාශ කීපයක්
  1. අධ්‍යාපනෙන් පස්සේ මොනව හරි "කෝස් එකක්" කරන තැනකටවත් යවාගන්න ඕන. නැත්නං ඔය විස්සවිජ්ජාල වල ගිහිල්ල විතරක් හරියන්නෙ නෑ.
  2. මයෙ කෙල්ල "....... කෝස් එක" කරන්ඩ යනව. විස්ස විජ්ජාලෙ පටන්ගන්ඩ තව කල්යනව නේ. මොනව හරි කර කියාගන්න පුරුදුවෙන්න එක හොඳයි. නැහ්නං විස්ස විජ්ජාලටෙ ගිහිල්ල ආව කියල කරන්න පුළුන් දෙයක් නෑ. 
  3. විබාගෙ ලිව්ව විතරයි මයෙ එකාට කොම්පියුටර් කෝස් එකකට සිස්සත්තයක් හම්බ වෙලා ඕන්න යනව. ඒකෙ ලියාපදිංචි වෙන්ඩයි පොත්වලටයි විතරයි සල්ලි ගන්නෙ.
ඇත්තෙන්ම අධ්‍යාපනය කියන්නෙ මොකද්ද ?  අධ්‍යාපනේ පිළිබඳව පවතින ලොකුම ගැටළුව ගුරුවරියන් බුරිය පේන්ඩ ඇඳුම් අඳින එකද? පාසලට මොබයිල් එකක් ගේන එක ද? අඩි උස සෙරෙප්පු වලයි අධ්‍යාපනෙයි අතර තියන සම්බන්දෙ මොකද්ද ?  


ඔන්න අපේ ආතගෙ මතය

වැඩිදෙනකු තවම කතා නොකළට සංවේදී නොවුනට අධ්‍යාපනය කියන්නෙ කතා කරන්නම ඕන කාලීන තේමාවක්. අධ්‍යාපනය කියන දේ නොදරුවන් වගේ අයගෙ වැඩයි ඩීල් කාරයංගෙ වැඩයි හන්ද වල් වැදිල තියෙන්නෙ. අධ්‍යාපනේ හැදෙන්ඩ ඕන විදිහ පාලකයන්ට තියා කාටවත්ම ලෙසියෙං තේරුම් බේරුම් කරගන්න බැරි දෙයක් බවට පත්වෙලා. ඒ හින්ද මුළු සමාජයම එකතුවෙලා ඒක තේරුම් බේරුම් කරගන්ඩ ඕන. කන්නංගර මහත්තයගෙ ගාන්ධි වගේ අයගෙ පොටෝ‍ෙගහගන ඉඳල විතරක් නං හරියන්නේ නෑ.

Thursday, November 12, 2015

සමුගන්නා හිමිපාණනි

අක්තපත්‍රයකින් පිදුම් නොලද නායක හාමුදුරුවෝ

“………..දේශපාලකයින්ගේ වේදිකා සරසන්නෙකුගේ තත්ත්වයට ද උන්වහන්සේ කිසිදා පත් නොවූහ. නිර්භය ලෙස ඕනෑම වැරැද්දක් විවේචනය කිරීමේ හැකියාව හා පෞරුෂය උන්වහන්සේට ලැබුණේ මෙම අදීනත්වය හේතුවෙනි. මේ අර්ථයෙන් ද 1940 දශකයේ විද්‍යාලංකාර ප්‍රකාශයේවිස්තර වන රටවැසියාගේ යහපතට හේතුවන දේශපාලනයෙහි යෙදුණු නූතන යුගයේ භික්ෂුවයයන ගෞරවය ලබන්නට මාදුළුවාවේ සෝභිත හිමියෝ හැම අතින්ම සුදුසුකම් ලබති.
 -ගල්කන්දේ ධම්මානන්ද හිමිපාණන්

ඉහත ඡේදය උපුටාගත්තා Kathika Sanvāda Mandapaya වෙතින්.

සෝබිත අපේ ලොකු හාමුදුරුවනේ ඔබවහන්සේ ජීවමානව සිටියදි එක මලක් හෝදෙන්නට නොහැකි වූ මා අද මල් දහසක් ගෙනාවත් ඇති වැඩක් නැත.  ගුණ මකු මට සමාව දෙනු ලැබේවා.!


Tuesday, November 3, 2015

මම ලිව්වත් උඹ ලිව්වත්

බූරුවො බුරන හැටි


ඔන්න මීට ඉස්සෙල්ල බූරුවො බල්ලන්ගේ වැඩ කරනව  කියල මම කිව්වෙ ඇයි කියන එකට බොහොම කෙටි උත්තරයක්. 

මේ දකින්ඩ තියන දේශපාලන ආර්ථික සමාජ ක්‍රියාකාරීත්වය ගැන මම උඹ ලවා ලියෙව්වත්, උඹ හිතල ලිව්වත්,  වෙන අය ලිව්වත්  ඒවයේ තියෙන් මහ විසාල කැකෑරෙන වේදනාවක් ! බලාපොරොත්තු සුන්වීමක් ! එහෙම නේද ? ඇයි ඒ ?

යුද මානසිකත්වයක හිටපු සමාජෙට ඒකෙන් මිදෙන්න පුළුවන් උන බවක් තවම පේන්න නෑ. සමාජයට බලපෑම් කරන්ඩ වරං අරගෙන ඉන්න  පිරිස අතර ඉන්න සමහර පූජකවරු විතරක් නෙවෙයි මොනව කරල හරි සල්ලි ගොඩ ගහගන ඉන්න බලපුළුවන් කාරයොත් දෙකට තුනට බෙදිල  ජාති වාදෙ, ආගම් වාදෙ කරපින්නා ගෙන යකා නටනව. ජයගත්ත කියල හිතන නොහිතන පාලක වර්ග දෙකටම තවම උන විකාරෙ. මුළු සමාජෙම ගත කරන්නෙ අවිචාර සමයක.  යුද්දෙකින් පස්සෙ මිනිස්සු විකෘති වෙන බව, මානසික රෝගීන් වෙන බව ඉතිහාසෙ   දිහා බලපන්. උදාහරණ ඕනතරං.

ඔන්න ඔහොම වෙලාවට රටක් ගොඩ යන්න නං  මහා ප්‍රාඥයො ඕන වෙනව. පවතින සහ ඇති වෙමින් තියන ගැටළුවලට විසඳුම් මොනවද කියල  සොයල රටටත් පාලකයන්ටත් ජනතාවටත් මග පෙන්නන්න ඕන ප්‍රාඥයො. ඒ අය. කෝ ? තවම එහෙම අය ඉන්න පාටක්වත් පේන්න නෑ. ප්‍රාඥයො එක්කො රට ඇර ගිහිල්ල. නැත්නං උන්වත් මරාදාල එහෙමත් නැහ්නං උන් සේරම මර නින්දෙ.

දැං ඉතින් විසඳුම් හොයන්නෙ, පෙන්නල දෙන්නෙ මාධ්‍ය මුදලාලි ලයි පාතාල බල පුළුවන් කාරයොයි, කුහකකම රෙද්දකින් වහගෙන ඉන්න පූජකයොයි (වැඩියම හාමුදුරුවරු) . සිහිබුද්ධියෙන් ඉන්න අය මොකද්ද කරන්නේ කියල හිතාගන්න දඟලද් දි ; අඩියක් තියන්නවත් බැරුව ඉද්දි  සමහර එව්වො එතනට පැනල බඩ පිනුං ගහ ගහ විසඳුම් පෙන්නනව. විසඳුම් දෙනව. තීන්දු දෙනව. 

දිග වැඩි වෙන හින්ද මම එකිං එක කියන්න යන්නෙ නෑ. බලාපං මාතලන්, ඩ්‍රැකී, මනෝමන්දිර , මධ්‍යස්ථ, රසික, කුරුටු ගෑ ගීපවුර, අවංක ආර්යයන්, මහේෂ් රත්නායක, දයල්බතී, විචාරක, බණ්ඩා, පියුමි ළමයා, කල්‍යාණ මිත්‍ර,නලින් දිල්රුක්ෂ, ඉවාන්පවුලූෂා, රතී ලියන දිනපොත, දෙතිස්කතා, අටම්පහුර, දේශකයා, අජිත් කුමාර, මගේ කිචී, කණිෂ්ක, රූපෙ, අහස් බූන්දි, පැරකුම් .............. ල විතරක් නෙවෙයි තවත් බොහොම කට්ටිය පේස්බුක් එකේ වුනත් ඉන්න සමහර කොල්ලො කෙල්ලොයි   කොහොම හරි නින්දෙ ඉන්න අය නැගිටු වන්න, බූරුවන්ගෙ බූරු වැඩ ගැන නොනවත්තාම ලියාගෙන, ලියාගන, ලියාගන, ලියාගන, ලියාගන.................. යන හැටි. 
රූප හොයල තෝර ගත්තෙ අන්තර්ජාලයෙන් 

Tuesday, October 13, 2015

බල්ලෝ ස්ට්‍රයික්

බූරුවො බුරනවා

ඔන්න ආතට ඩිංගක් සනීප වුනා විතරයි කතාවක් කියන්න පටන්ගත්තා. මට නං තවමත් තෝරගන්න බැරි වුනා.  පුළුවන් නං තෝරන්නකො. 

බල්ලො මනුස්සයත් එක්කම ශිස්ටාචාරෙට එකතු වෙලා ඉස්සරහට ආව කියනව නේ. උං ඉස්සර ඉඳලම ගමරාලලට කොච්චරනං පිහිට වුනාද ! දඩයෙමේදි උදව් උනා. කාවදාවත් පිටු පෑවෙ නැති කළගුණ දන්න යාළුවෙක් වුනා. අන්ධයන්ට මග පෙන්නුවා. පොඩිදරුවන් රැක බලාගත්තා. ලොකුම දේ වුනේ මනුස්සයා නිදාගත්තම ගෙදර මුරට ඉන්න එක.

මහ හයියෙන් බුරල හොරු පන්නන එකයි බය ගන්නන එක්යි තමා ලොකුම වැදගත්ම රාජකාරිය.

ඒ වුනාට දන්නවද බල්ල ළඟදි, ඒ කියන්නේ කාලකෙ ඉඳලම කරන්න පටං අරන් තියන දෙයක් ?  කොච්චර කෙරුවත් ගමරාල ගෙන් නං කිසිම හොඳක් සැලකිල්ලක් නැති බව පෙනුන හින්දයි එහෙම වුනේ. කන්න දුන්නේ ඔහේ අහක දාන දෙයක් විතරයි. ගමරාල හැම් බේකන් චීස් බටර් කකා. බී.එම්.ඩබ්ලිව්. බෙන්ස් වගේ ඒවයෙ ගියාට බල්ලට සැලකුවේ නෑ .
ඒ වුනාට බූරුවන්ට හොඳ පුන්නක්කු වගේ දේවල් නිතරම ගෙනත් දුන්න. කාර් පර්මිට් ලැප්ටොප් එහෙමත් දුන්න.  ඇයි උන් බර අදින බව පෙන්න ගෙන අනින්නත් හදනවා නේ. උන් පයින් ගහන්න එහෙමත් එනවා. බල්ල එහෙමද ගමරාල බල්ලට පයින් ගැහුවත් වල්ගේ වනාගෙන ඕන වෙලාවක නිවටය වගේ ඉන්නව. ඌ නිකම්ම නිවටයෙක්  හින්ද. අහක දාන මස්කට්ටක් වගේ දෙයක් දුන්න විතරයි. 

හොඳ වැඩක් කරන්න ඕන කියල රහසෙම කතාකරගත්තු  බල්ලො හොරුන්ට බුරන එක  නවත්තල දැම්ම. ටික කාලයක් ගත වුනා. බල්ලො පිදුරු ගොඩේ වක ගැහිල ඔහේ නිදා ගත්ත.

ගමරාලගෙ  බූරුවො ටික හොරු එන බව දැකල  බල්ලං ළඟට ගිහින් "දැං ඉතින් රාජකාරිය කරපං" කිව්වට ඇහුවෙ නෑ. ඒ ගමන බූරුවො ටික  බල්ලන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න වුනා. ගමරාලට කේලං කිව්ව. තවත් නොයෙක් දේවල් කිව්ව. බුරන එක නැවැත්තුවට අනෙක් දේවල් කරන හින්ද බල්ලන්ට විරුද්දව ගමරාලට මොකුත් කර ගන්න බැරුව ගියා.

හොරු එනවා. හොරු එනඑක නවත්ත ගන්නම බෑ. තව තව බෝවෙන එකත් නැවතෙන්නෙ නෑ. අන්තිමේදි බූරුවො ගොන්නු කටිටියම එකතුවෙලා සේරම එක්ක බුරන්න පටන් ගත්ත. ගං නියංගං පාසා ගිහිනුත් බුරන්න පටන් අරන්.


හොරු තව බෝවෙන එක වලක්කන්න නං, අපි බුරන්න ඕන කියල බල්ලගේ වැඩේ බූරුව බාර අරං !  දැං හොඳටම බූරුවො බුරනව!! කාටත් බුරනවා !!! බල්ලන්ටත් බුරනවා....!!!!!!!? පුදුමෙ කියන්නේ ගමරාලට තවම ඇහැරිලා නෑ. එහෙම නැත්තං බූරුවන්ට බල්ලන්ගෙ වැඩේ කරන්න බෑ කියල තේරිලා නෑ.
පින්තූරය ඉන්ටනෙට් එකෙන්

Wednesday, October 7, 2015

කෙටුම්පතක් බවට හැරවීම

ඇත්ත අමුවෙන්ම

සබෑවටම පවතින දේවල් ඒ තාලටෙම ලියන එකත් දිගටම තිබෙන්නට හැරිමත් ජිවිත වල ඉදිරි යහපැවැත්මට හානිදායක වෙන්ඩ පුළුවන් නේ. ඒ නිසා වගේම ගැටළුව  විසඳුම් මට්ටම කරා යමින්  සමහන් වෙමින් තියන නිසා මීට කලින් ලිපිය අයින් කළා. අලුතෙන් එන කෙනෙකුට කියවන්ඩ නොලැබෙනවාට සමාව දෙන්ඩෝ.

මේ දින දෙකතුනට එය සියය ද ඉක්මවා කියවා තිබුණා. ඉතා සංවේදී වූ

විද්වත් හිතවතුන් රාශියකගේ සැබෑ අනුකම්පාව හා ප්‍රබුද්ධ යෝජනා සහ උපදෙස් රාශියක් ලැබී තිබුණා. ඒවා ප්‍රසිද්ධියේ වගේම පෞද්ගලික ලිපි සහ හමුවී සාකච්ඡා කිරීම් ලෙසත් ලැබී තිබුණා. 
තවම මිනිස්සුත් ඉන්නවා !

ඒ සියල්ලන්ටම ඉතාමත්ම ස්තුතියි. අර දෙමාපියන් ඉල්ලා සිටින්නෙ ඒ සියලු දෙනාටම අනේක වාරයක් පින් දෙන බව පවසන ලෙසයි. ඔන්න මම ඒකත් කළා.

ඉතා ඉවසිල්ලෙන් සිටීමට දෙමාපියන් සමත් වුනා. ලැබෙන උපදෙස් හොඳින්  විමසා එම මාර්ග අනුගමනය කළා. අද්භූත ප්‍රතිකර්මවලටත් ගියා. බෝධිපූජාවැනි ශාන්ති කර්මද  ප්‍රයෝජනයට ගත්තා. මේ නිසා ගැටළුව සෑහෙන තරම් දුරට විසඳාගනිමින් තිබෙන බව පෙනි යනවා.

දරුවා මවගේ පියාගේ සහ වැඩිහිටියන්ගේ නිරන්තර ආදරනීය සැලකිල්ල හමුවේ වේගයෙන් වෙනස් වෙමින් ගොඩ ආවා විය හැකියි. වැඩිහිටියන් අතර දැනට පවතින්නේ  සැකය පමණක් දැයි සිතෙන තරම්.

මෙහි ප්‍රගතිය ඉදිරියේදීද ලියන්නට සිතේවි.
මේ අත්දැකීම ඉතා වටිනා අධ්‍යයන අවස්ථාවක් වුනා නේද කියා මට හිතෙනවා. ආකල්ප වෙනස් වන විට සියල්ල වෙනස්වනවා. ඉතින් ආකල්ප වෙනසකට; පෙරළියකට යාගත හැකිවුනොත් බොහෝ  දේවල් කළහැකිවේවි !

Thursday, October 1, 2015

ඊයේ

ජාතිඅන්තර ළමා දිනේදි මං ඉගෙන ගත්තු පාඩං

දරුවන් හිංසනයට ලක්වේ. ඉදිරියට ද සිදුවේ. ඒ සඳහා වහාම දරුණු දඬුවම් දිය යුතුය. මරණ දඬුවම් දිය යුතුය.  දරුවන්ට සිදුවන හිංසනය  
වලක්වා ගත හැක්කේ එවිටයි. මෙච්චර පහසු විදිහක් තියෙද්දි ඒක කරන්නේ නෑ. 
පහුගිය දවස්වල මාද්දිය මොනතරං ජාතික මෙහෙවරක් කොලා ද !  කොච්චර නං වලිකෑවද ?  පාරක් පාරක් ගානේ පොරකාසයට පත් කරල තිබුණ නඩු තීන්දු ගැන කියා දෙමින් යක්කුන්ගෙ රූප නාලිකාවල්  ගානෙයි, ගම්මැදි හෑලි කියෝන රේඩියෝ චැනල් ගානෙයි, කැලෑපත්තර වලයි වැරදි කරුවන් හොයල කීදෙනෙක් එක්ක තීන්දු තීරණ දුන්න ද? කෝ ඒත් දඬුවම් දුන්නේ නැති එක නේ පුදුමේ.
එහෙම වුනානං සදෙව්මිගෙ සීයටයි, තාත්තටයි, එක්දරු පියාටයි, අවුරුදු 17 පාසල් සිසුවාටයි හතර දෙනාටම උපරිම දඬුවම් දෙන්න තිබුණ නේ. කරගන්න පුවවන් උනේ උංගේ චරිත ඝාතනය කරල දාන එක විතරයි බලන්නකො වෙච්ච දෙයක් ! 

මාධ්‍ය වලින් දේශනා කරමින් ඉන්න ශුද්ධ වන්තයන් ඇරුනාම අනෙක් එව්වො, ඒ කියන්නේ ඒව බලන කියවන අපි වගේ එව්වො සේරම වැරදි කාරයො.

අනතුරු ඇඟවීමයි :- උඹලා පරෙස්සම් වෙයල්ලා. ආයෙ හෙම මෙහෙම දෙයක් කරන්න එපා.
සෑහෙන්න අනතුරු ඇඟෙව්වා.  ඔන්න සාමාන්‍ය මිනිසුන් වන අපි සේරම දැන් බය වෙලා. දරුවන් අපයෝජනයට ලක්කරන්ඩ පෙළඹෙන pedophilia රෝගීන් පුනරුත්ථාපනය වෙලා. ආයෙ නං දරුවකුට හිංසාවක් වෙන එකක් නෑ.

ඉගැන්නීම :- දරුවන් මල් වගේ උන්ට හිරිහැර කරන එක නැවතිය යුතුයි. මනුෂ්‍ය සංහතියෙ අනාගතය දරුවො.
මේ පාඩම අපට දරුවන් ලවාත්  තවත් පණ්ඩිත සුද්ද වන්තයන් ලවාත් මාධ්‍ය මගින් කියා දුන්නා.  
ඔන්න අපි ඉගෙන ගත්තා pedophilia රෝගීන් සේරමත් සුවයි. දැන් ඉතින් හරි. ඉදිරියට අපි කාගෙන්වත් දරුවන්ට හිංසනයක් වෙන්නෙ නෑ.

පසු ලිපි
මීට පස්සෙ දරුවන්ට වන හිංසනය පිටු දැක්කාම ඇති. එහෙම වෙන එක වලක්වන්න pedophilia වැනි අසමාන්‍ය මානසිකතත්තවයන්ට ගොදුරු උන අය ඉන්නවදැයි සොයා සැලසුම් කරන විධිමත් වැඩ සටහන් හදන්න යන්න ඕන නෑ.  ලෝකෙන් උතුම් රටේ.. හැක්.. හැක්.. හැක .. හැක .........!

අති විශේෂයි

වීදියේ අයාලෙ සැරිසරණ දරුවන් ගැන කවුරුවත් හිතන්න  ඕන නෑ. පැල්පත් මුඩුක්කුවල ඉන්න පුංචි එව්වො දරුවන් නොවෙයි. උන්ට සිද්දවෙන  හිංසනය මදි පුංචිකම් කවුද ගණන් ගන්නෙ. 
කිසිකෙනක් දකින්නෙම නැතුව 
උන්ව දූෂණය වුනාවෙ. උන්ව මරා දැමුවාවෙ. 

Monday, September 28, 2015

"දරුවන්ට එරෙහි හිංසනය පිටු දකිමු"

සබ්බේ සත්තා උග්‍ර උන්මත්තකා.....! ?

ජනමාධ්‍යකින් උපුටා ගත්තු නිසයි දරුවන්ට එරෙහි හිංසනය පිටු දකිමු කියන වදන් පෙළ උදෘතපාඨ ලකුණු අස්සට දැම්මෙ. 
පහුගිය දවස්වල සිද්ද වුන ඛේදවාචකයන් මොනවද කියන එක දැන් සෑහෙන්න පැහැදිලියි. හොඳ සිහියෙන් ඉන්න අයට කරන්නට බැරි ඒ අපරාධ  කරල තියෙන්නෙ මානසික රෝගීන් බව. 

ඔවුන් රටේ හැම ක්ෂෙත්‍රයකම  ඉන්න බවත් පහුගිය ටිකේ ජනමාධ්‍ය දිහා බැලෙන කොට තේරුම් ගියා. 
ඒ හින්ද "සබ්බේසත්තා උන්මත්තකා" විය හැකියි. ඒත් සබ්බේ සත්තා "උග්‍ර" උන්මත්තකා වෙන්න විදිහක් නෑ නේ.

මේවට ප්‍රතිකාරය වෙන්නේ රෝගීන් සොයා එල්ලා මරා දැමීම ද ? මානසික රෝගීන් නොසලකා හැරීම අපේ රටේ තරම් වෙනත් රටක සිදුවෙනවා දැයි නොදන්නෙමි. 

මේ සත්‍ය කතාවක්. 
ඈත පිටිසර නගරයකට ආසන්නයේ පිහිටි ගමක්. (මේ කියන්න යන කෙනාගෙ නම ලියන්නේ නෑ.) සැහෙන්න දක්ෂතා තියන ............. කෙනෙක්.  ඒත් එයා කරගත්තු කසාදය අසාර්ථක වී ගියා. එයාට හොරකමේ යන එක සාමාන්‍ය පුරුද්දක් වෙලා තිබුණෙ. මෙහෙම ඉන්න අතරේ හොරකමකට වැරදි කරුවෙලා හිරේ ගියා. අවුරුදුදක විතර දඬුවම් කාලය නිමවූ නිසා නිදහස් වෙලා ගමට ආව. එයා පිස්සෙක් බව හිරේ යන්ඩ පෙරදිත් ගමේ ඇතැමෙක් කතා වුන බව මට මතකයි.
නෑදෑයො නම් හොඳ සිහිය තියන පිළිගත් අය. අසිහියෙන් ඉන්න විකෘති පුද්ගලයෙක් නිසා හිරේදි  වෙදකම් කළ බවත් ආරංචි වුනා. ගමට ආවට පස්සේ වසරක් පමණ යනතුරු යන තුරු හොඳට හිටිය. එත් මත්පැන් පානයට ඇබ්බැහි   උන ගමන්  ආයෙත් පරණ පුරුදු ඇති වුන බව පෙනුනා. 

මෙයා ගැහැණූ දරුවන් සිටින ගෙවල් අසල නිතර ගැවසීම නිසා ගමේ අය හිටියෙ විමසිල්ලෙන් හින්ද කරදරයක් ඇති වුනේ නෑ. රාත්‍රියේ නිවෙස් වල ජනේල අසල සිට හසුවීම, රෙදි වැල්වල  වනල තිබ්බ, විශේෂයෙන් කාන්තා ඇඳුම් හොරකම් කර ගෙන ගොස් අතටම හසු වීම වගේ දේවල් වැඩිවැඩියෙන් ආරංචි වෙන්න වුනා. කවුරුත් තමන්ගෙ දරුවන් පරෙස්සම් කරගන්න සැලකිලිමත් වුනා. 

අසල් වැසියන් විසින් මේ විස්තර අදාල පුද්ගලයාගෙ නෑදෑයන්ට පැවසීම අනුව ඔවුන් ද මැදිහතවී පොලීසිය මගින් මේ පුද්ගලයා නැවත පුනරුත්ථාපන කඳවුරකට යැවුවා විය හැකියි. මේ දිනවල ඔහු නැවතත් ගමට පැමිණ ඇත. කිසියම් කලක් යන තුරු දිනපතා පාවිච්චි කරන්න බෙහෙත් නියම කර ඇති බව දැනගන්න ලැබෙනවා. දැන් ඔහු සිටින බවක් වත් දැන ගන්න බැරි තරමට හොඳයි. 

"බැරිවෙලාවත් මේක බෙහෙත් නවත්තල  ඉස්සෙල්ල වගේ  කසිප්පු බොන්න ගත්තොත් තමයි  වැඩේ". මේ ගමේ අය පවසන කතාවක්. මේ ඇත්තටම රෝගියෙක් නේ. ඉතින් එවැනි අය අතින් සිදුවිය හැකි අපරාධයක දි  එල්ලා මරන්න ඕනිද ?  නැතිනම් අපරාධ වෙන්න කලින් වෙනත් සුදුසු පියවර අරගත යුතුද මේ කල්පනාව ඇති වුනේ මෙන්න මේ ලිපිය කියෙවුවට පස්සෙ

පාසල හා විෂය මාලාව ඔස්සේ අධ්‍යාපනයට යම් තරමින් ළං වන ලිපි ලියමින් සිට  ටිකක් ඈතට ගිහින් මේ ලිපිය ලියන්න ගත්තෙ තේමාවෙන් පිට පැන්න නිසා නෙවෙයි. ඒකත් අධ්‍යාපනයට සම්බන්ධ නිසයි.

ඔන්න ඔක්තෝබර් පළවෙනිදා දකින්ඩ ලැබෙන අවිධිමත් ඉගැන්නිල්ලක් බලන්න පුළුවන් බව අාරංචියි. ගරුන්නාන්සෙලා වෙන්නේ ජනමාධ්‍යයක්.  ගෙවල් වල සාලෙ තියන යකාගෙ පෙට්ටියෙ පොරචාරරෙ කරනවා. 

ළමා හිංසනය පිටු දකින්ඩ ඕන කියග කියා දෙන්න යන්නෙ සිහියෙන් ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට. ඒ අයගෙ හිතේ තමන් ඇර රටේ ඉන්න අනෙක් සේරම අපරාධ කාරයො කියල වෙන්න ඇති. ඒක නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආකල්ප හදන්න උත්සාහ ගන්නවා වගේ පේන්නෙ.  
බලධාරීන්ටයි මාධ්‍ය කරුවන්ටයි  මධ්‍යස්ථ මත ධාරියා නමින් ලියන මේ ලිපිවත් කියවල ඉන්න කියන්නයි මේ පෝස්ටුව ලිව්වෙ



ඉහත රූප සටහන උපුටා ගෑනිම පහත ලින්ක් එකෙනි.
yourliferules.wordpress.com


Monday, September 21, 2015

ආන්ත්‍රාවයි, පිරිමින්ට ආන්ත්‍රාවයි !

විෂයමාලාව ස්ත්‍රී ලිංගිකද ?

“ ඇත්තටම හැබෑ නේන්නම් !“ හදිස්සියේම මෙහම පුදුම හැඟීමක් පහළ වුනේ පහුගිය 17 වෙනිද BMICH එකේ දි  ආචාර්ය ප්‍රනීත් අබේසුන්දරයන්ගෙ ධර්මපාල අනුස්මරණ දේශනයෙ  "පිරිමි ළමයි අයාලෙ යන කාලෙ. ගෑණු ළමයි ඉගෙනීමට උත්සාහ කරන සමාජ වාතාවරණයක අපි ජීවත්වෙන්නෙ" යන කොටස ඇසුනාමයි.

එතැන් සිට මට පාසල මැවී පේන්න උනා. විශ්ව විද්‍යාලය පේන්න වුනා. මොකද්ද හැබෑට වෙලා තියෙන්නෙ. ? කොල්ලො ටිකක් හරි උවමනාවෙන් රැඳිල ඉන්නෙ 5 ට එනකං විතරයි.  6, 7, 8,පන්ති පහුවෙන  උන් කොට යකා නටනව. ක්‍රීඩා වක්වත් නොකරන අය කට්ටිපනින්න පටන් ගන්නව. ගුරුවරු වැඩිහිටියො එක්ක රන්ඩු අල්ලන්න වෙනවා. මෙතෙක්  ආධිපත්‍යය පතුරවා ගෙන හිටපු දෙමාපියො වැඩි දෙනෙක් මේ කාලෙදි තමන්ගේම කොල්ලන්ට බයයි. ගුරුවරුත් එහෙම ද කොහෙද ඇයි මේ ? 

9 පහු කරල 10 ට එද්දි ගුරුවරු බොහොම දෙනෙක් කොල්ලන්ට විහිළු සපයන්නො බවට පත්වෙනව. විවිධාකාර නම් පටබැඳගෙන විකාර කරමින් කෙල්ලො අතරෙ වීරයො වෙන්න තරග කරනවා. කෙල්ලො කොල්ලන්ට හිනා වෙනව තමයි. සමහරවිට අනුමත කරනවත් තමයි. ඒත් මේ සේරම අස්සෙ උන් ඉගෙන ගන්න මහන්සි වෙනව. ඔන්න ඕකයි පොදුවේ දකින්ඩ තියන තත්වය. ඇයි මෙහෙම උනේ ?

විෂයමාලාව ස්ත්‍රී ලිංගික නිසාද ? කොල්ලන් වැඩි දෙනකුට මේ උගන්නන විදිහවත්, උගන්නන දේවල් වත් අල්ලන් නැතුව යන්නෙ ඇයි ? 

O/L වලින් හුඟක් අය හැලී යනව. A/L වලින් තව ගොඩක් හැලෙනව. කැම්පස්යන්නෙ බොහොම ටිකයි. මං උසස් පෙළ විතරක් නෙවෙයි කැම්පස් ඉන්න කාලෙත් එහෙමයි.

හැලී ගිය එව්වන්ටයි, රැඳී හිටල ඉගෙන ගත්තු අයටයි කියල ඒ හැටි වෙනසක් නෑ.  සමහර විට හැලී ගිය එව්වො  ඉගෙන ගත්තු එව්වන්ට වඩා සාර්ථක වෙනව.
උන් සමහර අය තමෙන්ගෙ සහජ දස්කමක් දියුණු කරගෙන හරි සල්ලි හම්බ කරනවා.  රත්නපුරේ පැත්තෙනන් මැණික් ගරල නැත්නම් මැණික් විකුණලා හරි හොඳ සල්ලි කාරයො වෙනවා. තවත් ටිකක් කසිප්පු ජවාරමක් වගේ දෙයක් කරලා හරි සල්ලි හොයනවා. තවත් එකෙක් දෙන්නෙක් දේශපාලනයට යනවා. කොහොම හරි සල්ලි හොයනවා. බැලුවාම මුළු රටේම තත්ත්වෙ එහෙමයි.


පාසලෙත් විශ්ව විද්‍යාෙලයෙත් කෙල්ලො තමයි වැඩි. මේ අනුපතාය නැත්තේ පාර්ලිමේන්තුවෙ විතරයි. හිටපල්ලකො අපි එතනත් අල්ලනව. දැනගනියව්. knowledge is power ! 
එදාට "අපට සමතැන් දීපියවු" කියල උඹලටත් සටන් කරන්ඩ වෙයි. ඊට ඉස්සෙල්ල විෂයමාලාව උඹලටත් රටටත් වැඩක් වෙන විදිහට වෙනස් කරගන්න උද්ඝෝෂණය කරපල්ල.

Tuesday, September 15, 2015

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

මේක අධ්‍යාපනේ ද ? අද්දියාපනේ ද ?

හෝව්! හෝව් !! මේ කියන්න හදන්නෙ සුනිල් එදිරිසිංහගෙ සින්දුව ගැන නෙමෙයි. 
අද්දියාපනේ ගැන.  බැරිවෙලා හරි බලදාරියෙකුගෙ ඇහැ ගැටුනොත් පොඩ්ඩක් හිතල බලන්නෙ වත් නැතෑ. රිදෙන තැනකට රිදිච්චාවෙ කියල මේ ගැන හිතට ඇතිවන සිතිවිලි ලියන්න හිතුවා.










මිනිස් පැටවු උපදින්නෙම ඉගෙනීම මූලිකම අවශ්‍යතාවක් කර ගෙන. වෙනත් සත්තුන්ට වඩා මිනිස් පැටවු බොහොම අසරණයි. අම්මගෙ තන පුඩුවෙන් කිරි උරා බොන්නත් උගන්නන්න ඕන. ජීවිතයේ හැම දෙයක්ම, හැම පියවරක්ම උගන්වන්න ඕන. ඒ හින්ද අධ්‍යාපනය කියන්නෙ මනුස්සයන්ට කෑම බීම වගේම මූලික අවශ්‍යතාවක්. 
මිනිස් පැටවුන්ගේ ඉගෙනීමට තියන තිබහ පේනව කතා කරන්න පුළුවන් උනගමන් අහන්න පටන් ගන්න කෙලවරක් නැති ප්‍රශ්න වලින්. වැඩිහිටියන්ට කට උත්තර නැතිවෙන්නම අහන්නේ උන්ට ඉගෙන ගන්න ඕන නිසා. නිදා නොගන්න හැම වෙලේම උන් කරන්නෙ ඉගෙන ගන්න එක.

අපේ පාසල් වල දුයිෂෙන්ලා බෙහෙතකටවත් ඉන්න වද ? හරිපුදුම ඉස්කෝලෙ ඉන්න කොබයාෂිලා  ඉන්නව ද ? බොහොම ටිකක් ඉන්නවා කලාතුරකින් !  ඒත් උන් අසරණයි. !! හොඳටම අසරණයි!!! අනෙක් එව්වංගෙ උපහාසයට අපහාසයට ලක්වෙමින් ඔහේ වැඩ කරගෙන යනව. එච්චරයි ලැබෙන පඩිය ජීවත් වෙන්න මදි. ඒත් ඉන්ද්‍රඛීලයක් වගේ කෙලින් ඉන්න මේ අතලොස්ස සුනිල් එදිරිසිංහ ගායනා කරන  සින්දුව මගින් කෙරෙන්නෙ   උපහසයට ලක් කිරීමක් ද කියල මට වෙලාවකට හිතෙනවා.

ඉතිරි ගුරුවරු කියල හිතාගන ඉන්න අයගෙන් කොටසක් තමන්ගෙ  දරුවා වෙන ඉස්කෝලෙකට ගිහින් දාල, ඒක ඇරෙන වෙලාවට ළමය ගන්න හොරෙන් පැන යන හොරු ද ?  පඩිය අර ගන්න   පාසලේ ළමයි රවට්ටගෙන  කාලෙ ගෙවා දාල ටියුෂන් පාර ගහගන්න යන කලු කඩකාරයො ද ? (රහසෙන් කියන්නෙ කාටවත් කියන්න එපා ගුරුපත්වීම් ගත්තු සමහර චීවර ධාරියො බුද්ධාගමත් විකුණ ගන්න බඩුවක් හැටියට පෝස්ටරුත් ගහල විකුණ ගන්නව.)

ආයෙ පළවෙනි ඡේදයට මම යනව. ඉස්කෝලට එන ළමයි හැම වෙලේම කරන්නේ ඉගෙන ගන්න එක. මොනව මොනව හරිම ඉගෙන ගන්න එක. ගුරවරු ඉගෙන ගන්න මග පෙන්නුවොත් ජීවිතයට ඕන දේවල් ඉගෙන ගනීවි. එහෙම එකක් නැති හන්ද උන් ඉගෙන ගන්නෙ හුඟක් වෙලාවට ඕන්නැති දේවල් . පහුගිය ලිපියේ කිව්වෙ ඒ වගේ දේවල් ඉගෙන ගන්න යෙදෙන ක්‍රියාකාරකමක්. නොදන්න එකාට පුළුවන් එකා කියලදෙනව. ඕන්න ඉගෙනීම !

මේ තමයි ටික කාලයක් උගන්නන්න ගිය මට හිතුන දේ. මේක බොහොම කර්කශ විවේචනයක් වෙන්න ඇති. මට දැනට දරුවෙක් ඉන්නව නං මමවත් මේක ලියන් නෑ . හොඳ වෙලාවට මම තවම කසාද බැඳල නෑ. මම ගුරු රස්සාව අතෑරල ආවෙ මේ පෙනෙන වංචාව ඉවසගන්න බැරුව. දැං ඉතින් කොයි ඉස්කෝලෙ ද කියල අහන්න එපා කොයි එකත් ඔහොම තමයි. මොනව ද ඇහුවෙ ? ඔව් ඉන්ටනැෂනල් කියන ඒවත් එහෙමමයි.

Monday, September 7, 2015

මෙන්න නිකං දෙනවා

අධ්‍යාපනය උඩු යටිකුරු කරන්න වෙලා ද? 

අනේ මේකත්  අරන් යන්න කෝ ! මේ අද හදිසියේම අහන්න ලැබුණ  කතාවක්. මේ මොකද්ද ? කඩවීදියේ සාප්පුවක් ඉස්සරහ අටව ගත්ත විසිතුරු කුඩයක් යටට වෙලා ඉන්න තරුණ කොල්ලො කීපදෙනෙක් පේමන්ට් එක දිගේ එමින් යමින් සිටින කොල්ලන්ට කෙල්ලන්ට
මොකද්දෝ ඇඟේ ගහන්න හදනව.

සාප්පුව ඇතුළට ගිය අම්මා එනතුරු රැඳී සිටින තරුණියක ලෙසින් සාප්පුව ඇතුලත බලමින් මේ සිදුවන දේ නිරීක්ෂණය කරමින් හිටිය. මොකද්දෝ 
කරුමයකට මේ අය අරව මා අසළට නම් ගෙනාවෙ නෑ. එහෙම ගෙනාව නං හොඳට අහගන්න තිබුණා. අඩමානක් නෑ පාසල් ඇරුන වෙලාව නේ. මම ටීචර් කෙතනෙක් කියල අනුමාන කරපු හින්ද වෙන්න ඇති මා ළඟට නොආවෙ.
 මේ එන එන කොල්ලන් කෙල්ලන්ට දෙන්නේ සිම් එකක්. සම්පූර්ණයෙන්ම නොමිලේ. ඕන කරන්නෙ නමයි ලිපිනයයි. අයි ඩී නම්බර් එකයි විතරලු. දවස් 20 ක් යනකං නොමිලේම සම්බන්ධතාව ලැබෙනවලු.

දෙවියනේ මේ විදිහට සිම් වැහි වැහැලා. අයි ඩී ගෙනාවෙ නැති කෙනෙකුටත් අංකය දුන්නම  දෙන බව කියනව අහන්න ලැබුණා.

පෝfන් හින්ද අපේ තරුණ දරුවන්ට වෙන දේ දෙමාපියන්ට තවම පේන්නෙ නෑ. සිම් එකක් ගන්න කෙල්ලො කොල්ලො වහ වැටෙන හැටි මම දිගටම බලාගන හිටියා. පාසල් ඇරී එන ටියෂන් යමින් ඉන්න කෙල්ලො කොල්ලො සිම් ගන්නවා. ඒත් පෝfන් තියන බවක් පේන්නෙ නෑ. පාසල්වලත් පෝfන් තහනම් නිසා දෙමාපියො අරන් දෙන්නෙත් නෑ. එහෙනං ඇයි සිම් කාඩ් විතරක් ? මම තවත් හොඳින් නිරීක්ෂණය කළා. මූණ රතු කරගත් කෙල්ලෙක් යාළුවා එක්ක රහසෙන් මොනවද කියනවා. ඔන්න මට ඇහුන කොටස. 

"අනේ බං මට ඇයි සිම් ? ඇයි කෙල්ලෙ උඹට නැතුවට  ගෙදර කාට හිරි පෝfන් එකක් ඇති නේ. ඒක නිකං තියන වෙලාවක එක්කො මහ රෑට හරි පෝfන් එක අරං සිම් එක දා ගනිං. ඊට පස්සෙ කතා කරපං sms  ඇරපං. ඊට පස්සෙ මෙමරි එකෙන් සේරම මකාදාපං පෝfන් එක තිබුණ විදිහටම තියා තියපං. උඹට ඕක කරගන්න තේරෙන්නෙ නැත්නං අම්ම එක්ක හරි  අපේ දිහා වරෙං මං කියල දෙන්නං ඒක හින්ද උඹත් එකක් ගනිං"

ඔන්න වැඩේ මට තේරුනා. මේ දෙන්න 9 හරි 10 හරි ළමයි. අපේ කෙල්ලන්ට වෙමින් තියන දේ ! කවුද මේකට වග කියන්නෙ කාටද මේ ඛේදවාචකේ පේන්නෙ. අධ්‍යාපන බලධාරීන් අධ්‍යාපනය කියල කරන්නෙ මොකද්ද ? 5 පන්තියෙදි වද දීලා දිලා මේ වෙනකොට ළමයින්ට දෙමාපියො පේන්න බෑ. මේ වයස එන කොට තමන්ගෙම ළමයින්ට හුඟක් දෙමාපියො බයයි. !! ඒ ගොල්ලො හොඳටම අසරණයි. සමස්ථ අධ්‍යාපන පද්ධතිය විසින්: ඒ කියන්නෙ පාසල් වාගෙම  ටියුෂන් පන්තිවලිනුත් ළමයි ගෙනියමින් ඉන්නෙ කොහාටද ?

කාට හරි කියලා හදව ගන්න fb එකවුන්ට් එකකින් අපේ තරුණ පරපුර කරමින් ඉන්නෙ මොනවද ? අහුවෙමින් ඉන්න උගුල් මොනවද ? අමාරුවෙ වැටුන ගණන කීයක්ද ?

මට මීට වඩා දෙයක්  කියන්න නෑ. කියවන අය මොනව හරි පුංචි හඬක් නගන්නටයි මේ ඇරයුම !

දිවයින පත්තරේට අධ්‍යාපනය ගැන ලියන, prof.සෙනෙවි එපිටවත්ත වගේ කෙනකුටවත් මේ ඇති වෙමින් තියන තරුණ පරපුරේ ආකල්ප සෝදාපාළුවට පිළියමක් ගැන හිතෙන බවක් නෑ.මේ ලින්ක් බලන්නකෝ

Saturday, June 13, 2015

මං හූන කියන්නැහේ කිව්ව නෙව

මතකද උඹට

"මීට ඉස්සෙල්ල ඉඳල මුං පොරජාතන්නතරවාදෙ කොරන්න හදන හැටි කිව්ව නේද ? //මං කොරනවා// කියල තමයි ඒ කාලෙ ජේ.ආර්. ලොක්ක පටන් ගත්තෙ. එයා කොළා තමයි; ඊට පස්සෙ ඒකට මනාපෙකුත් ඈඳගෙන අනෙක් එව්වො   හොඳටම කොළා.
මේක ගත්තෙ අන්තර්ජාලය පීරලා රුවන් එම් ජයතුංගයන්ගේ ලිපියකින්

ඒ පාර නං ආතට හොඳටම තදවෙලා. එයාට ඩිමෙන්ෂියා රෝගෙ දැයි හිත දුකෙන් හිටියෙ. මෙන්න බොලේ ඉස්සර කිව්ව ඒව මතක් කරනව.ආතා කියන්නෙ මේ ලිපිය ගැන වෙන්න ඕන 

"මිනිස්සු රට ඇරල යන්න පටන් ගත්ත. ඉතිරිවෙලා ඉන්න ඉගෙන ගත්තු එව්වො මුං කාටවත් පේන්න බෑ. විස්ස විද්‍යාෙලට යන එව්වො එක්ක බද්ධ වෛරයක් තියෙන්නෙ. ඒක මතුපිටින් පෙන්නන්නැත්තෙ පෙරපසුගාමියොයි, ජෙප්පොයි. උන් අලුත් කොල්ලො කෙල්ලො වල පල්ලටම ඇද ගෙන යන්න පැලෑන් කරනව. සේරම මරාදාන්න බැරිවුනත් සේරගෙම අවරුදු තුනේ උපාධියට අවුරුදු පහක් විතර යන්ඩ වැඩ හරිගස්සනව.

පෙරපසුගාමියොත් 20 ට විරුද්ධ ලු. ජෙප්පනුත් විරුද්ද බව නොකියා කියනව. උන්ට විරුද්ධයි කියල හරි පක්ෂයි කියල හරි කෙලින් කියාගන්න බෑ. 

කොච්චර විකාර අපබ්‍රන්ස කියෙව්වත් මොකද මන්ද නලින් උන්නැහැ අද කියල තියනව 20 මේ පාරම කිරියාත්මක කරන්න කියල . බලමු කොරයිද කියල.
19 වත් 20 වත් සම්මත කොලාලු.  ඒත් කිරියාත්මක කරනවා නං බොරු! හෙට අනිද්දා ඉඳලම සල්ලි වපුරගෙන මිනී මරාගෙන අහිංසකයන්ගේ මනාපෙ ගන්න ලැහැත්ති වේවි.

මං අරයට ; අරයත් එක්ක මං ;  කියල ලයිට් කණුවක් ගානෙ මේ පැත්තෙ පෝස්ටර් අලවන්ඩ දැම්ම ම පටන් අරන් නෙවද  " 


එක අතකට අපි සේරම හරක් නෙව. ඔය මොක මොකාට හරි ගහල ආයෙත් රැවටෙන්ඩ බැරියැ.
ආත හොඳටම කලකිරිල ! අපේක්ෂා භංගවෙලා !! හීනමානෙ හින්ද හැමෝටම වෛර කරනවා !!!

Friday, June 12, 2015

මදෑ කොලා

කාලෙකට පස්සෙ  ආත කියවන්න ගත්ත.


‍මේක ඇතුලෙ මොනව වෙනවද මන්ද !

මේ පින්තූරය dinamina.lk එකෙන්

19 සම්මත කළා. 

හැබැයි ඒක කිරියා කරවන්නෙ නැති එකක්. ! තවම වියවස්තා සබාව පත් කරල නෑ. තටමල ඒක පත් කරගත්තත් අනික් කොමිසං පත් කරන්න ගිහින් ගහබැන ගෙන කල්දමාවි


 20 ගේනවලු. 

ඒක සම්මත කෙරුවත් කිරියා කරන්නේ මේ පාර නෙවෙයි .  ඊ ළඟ පාරලු. !!


මේ පාරත් මනාප බලුපොරේ එහෙමම තියනවලු හොඳ බුද්දිමත්තු ටිකකුයි ආචාරිය උපාධි ගත්තු ටිකකුයි රට කරවන්න ඒවි.

මට පේන්නේ දේසපාලකයො විතරක් නෙමෙයි  මාද්දිය කාරයොත්  එකතු වෙලා අපිව ගොනාට අන්දවනව වගේ. දේසපාලන වැඩසටහන් කියල ඔය රූප පෙට්ටියෙ කරන්නෙත් මාද්දිය කාරයොත් පණ්ඩිතයො හැදිල උංගෙ ඇජන්ඩාවට අපිව ගන්න හදන එක නේ. උනුත් ගහන්නේ ඩීල් එකක්. බලමුකො විසිරෙව්වම. උනුත් ඒවි මනාප පොරේට. සන්නස්ගල උන්නැහැනං දැම්මම ඇවිත්. 

ගිය වාරෙ චන්දේ දීල කසාය බීපු ගොළුවො වගේ ඉන්න හුඟක් එව්වො

මොනවත් කර කියාගන්න බැරුව විරිත්තගෙන බලා ඉන්නව .

Thursday, May 14, 2015

ගුරුතුමා හඬා වැටෙයි

ඇයි මේ ?

හදිසියේ මුණ ගැසුන ගුරුතුමා  මහත් වේදනාවකින් පසුතැවිල්ලෙන් හඬාවැටෙමින් සිටින බවත් දක්නට ලැබිණි. මේ ඔහු මුවින් පිට වූ වදන් කීපයකි. 

එදා මම
ඔවුන් නොදත් දේ ඔවුන්ට කියා දුනිමි
අකුරු හැඩයට ලියා වැකි ගොඩනගන්නට
පරුදු කළෙමි
සංඛ්‍යා පෙළ ගස්වා ඒවායින් විජ්ජා ද දක්වන්නට
හුරු කළෙමි

අද ඔවුහු
භාෂාව යොදා ගනිමින් සමාජය භේද භින්න කර
ගිනි අවුලවති
සංඛ්‍යා වලින් හරඹ දක්වමින්
ජනතාව මුලා කරමින්
ඔවුහුම තර වෙති

මා කළයුතුව තිබුණේ
භාෂාව හා සංඛ්‍යා ඉගැන්වීම නොව
මගේ දිවිපැවැත්ම තුළින්ම
චිත්තවේග ජය ගැනීමට උගන්වා
අවංකත්වය, කරුණාව හා මෛත්‍රිය
ඔවුන් තුළ රෝපණය කිරීම බව
මට දැන් ඒත්තුගොස් ඇත.

නිර්මාණය උපුටා ගත්තෙ විල්ප්‍රඩ් ජේ පෙරේරා ගේ  "අසම සම" කෘතියෙන් බව ස්තුති පූර්වකව සටහන් කරමි. එය කර්තෘ ප්‍රකාශනයක් (විල්ප්‍රඩ් ජේ පෙරේරා- දැනට වසර දෙකකට පමණ පෙර ජීවිතයෙන් සමුගත් විශිෂ්ට අධ්‍යාපනඥයෙකි. )

මාතලන්ගෙ මේ ලිපිය තියන විස්තර  කියෙවුවාම අදාල අයට ඉගැන්වූ ගුරුවරුන් වැලපෙනවා ඇත්තේ ඒ විදිහටයි සිතෙනවා. විමතියක් ඇති වෙනව නං ඒ ලිපිය  බලන්න ඇයි මේ ගුරුවරු වැලපුනේ කියල හොඳට තේරුම් යාවි. 

Wednesday, May 13, 2015

අනුවේදනීය ලිපියක්


අධ්‍යාපනය ගැන මට සැකයි.

පසුගිය දින කීපයේ ගිය ප්‍රවෘත්ති හමුවේ අසරණව සිටියෙමි. ප්‍රශ්න
කිරීම්වලට ලක්වන දේශපාලකයන් පවසන දේට වඩා වේදනාවක් ඇති වුනේ උගතකු ගැන කියවුන පුවතකින්. උගතුන් වැරදි කරා කියල පැමිණිලි ආවම ප්‍රශ්න කරන්නවත් හොඳ නැද්ද ? කියල මට තෝරගන්න බැරුව අන්ත අසරණියක් බවට පත් වුනා. 
හැටලක්ෂයක් යුදෙව්වන් මරා දමාපු  හිට්ලර්ගේ සිර කඳවුරකින්, යන්තමින් බේරී පැමිණියකු ලියන ලද ඉතාම අනුවේදනීය ලිපියක් තියනව.  මේ ඓතිහාසික ලිපිය බොහෝ දෙනකු දන්නා බව නිසැකැයි. ඒත් නැවතත් එය මතක් කරන්න හොඳ වෙලාවක් මේ කියල හිතුන. පහතින් උපුටා දක්වා තියෙන්නෙ එහි කොටසක්. (පින්තූරය උපුටා ගත්තෙ අන්තර්ජාලයෙන්)

"ගුරුතුමනි,
  මම
  සිරකඳවුරකින් මරණයෙන් බේරී පැමිණියෙක්මි.
  කිසිදු හෝ මිනිස් දෙනෙතකින් නොදැකිය යුතු දේ එහිදී 
  නැරඹුවෙමි.
  එහි
  මිනිසුන් මරණයට ඇද දමන
  ගෑස් කාමර මනාව තනන ලද්දේ
  උගත් ඉංජිනේරුවන් විසිනි

උගත් වෛද්‍යවරුන් විසින්
ළමයින්ට වස පොවන ලදී

  පුහුණු හෙදියන් විසින්
  ළදරුවන් මරාදමන ලදී

උපාධි ධාරී විද්‍යාර්ථීන් විසින්
කාන්තාවන් හා කුඩා දරුවන් පුළුස්සා මරන ලදී

  මේවා දුටු මම අධ්‍යාපනය ගැන සැක සංකා ඇති කර ගතිමි........."

මේ ලිපිය කියෙව්වම මගේ හිත්වේදනාව ඩිංගක් අඩු වුනා.  ඔය ලිපියට  පස්සෙවත්  අපේ අධ්‍යාපනය වෙනස් වෙලා නැති බව ඊයෙ පෙරේද  දැක්ක ප්‍රවෘත්ති අනුව තහවුරු වුනා. දැනට අඩු හිට්ලර් කෙනෙක් විතරයි  හිට්ලර් පහළ වුන ගමන් එයාට ගැලපෙන්න උගත්තු අපේ රටේ ඉන්නවා

Tuesday, May 12, 2015

පුරවැසි අධ්‍යාපනය කෙසේ විය යුතුද

ඉස්කෝල පොතේ නැති යහගුණ ධර්ම

ආතා හාන්සි පුටුවෙ ඉන්න ගමන් හදිස්සියෙම කතා කළා
"කෙල්ලේ මේ මං කියන ඒවා පුරවැසි පුහුණුව විෂය ගැන ඉස්කෝල පොත්වලට ඇතුළු කරල තිබුණ
නම් රටේ මෙච්චර පුරස්න ඇති වෙන්නේ නෑනේ. ඒහින්ද කියාපල්ල මේවත් ඇතුලත් කරන්න කියල"
ආත කිව්ව හෑලිටික කෙටිකරල ලියල මේව නේද ඇහුව.  තවත් ඇතුළු කරන්න දේවල තියනව නම් අනෙක් අය ලියයි ඒක හින්ද දැම්ම උඩුගන්නපං කිව්ව. මේව පුරුවැසි අධ්‍යාපනය පොත් වලට හොඳයි නේද ? ඔබේ අදහසුත් එකතු කරල පොත් ලියන මණ්ඩලේට යවන්නං ඒ හින්ද යෝජනා එවන්න. පින්තූරය ගත්තෙ අන්තර්ජාලයෙන්

  1.  දේශපාලන ලොක්කන්  සුළු සුළු  වැරදි කළාට කමක්න
  2. උගතුන්ටත් සුළු වැරදි කරන්න වරප්‍රසාද තියෙන්න ඕන.
  3.  සතොසෙන් ලක්ෂ ගාණක වුනත් බඩු ණයට ගන්න පුළුවන්. ගෙවන්න පමා වුනාට කමකුත් නෑ. 
  4. චෝදනා කරල අත්අඩංගුවට ගත්තම ලැජ්ජවෙන්න, මූණ හංගන්න ඕන නෑ.  මාංචු දාපු අත් උස්සල පෙන්නල “යහපාලනේ“ කිව්වම වීරවරයෙක් වෙනවා.
  5. මිනී මැරීම, හොරකම් කිරීම, අතයටින් ගැනීම කොන්ත්‍රාත් වලින් කොමිස් ගැනීම  කියන්නේ සූර වීර ක්‍රියාවල්. 
  6. මන්ත්‍රී කෙනෙක් වුන  එකාට  පස්වෙනි වගන්තියේ තියන දේවල් කරන්න පුළුවන් ඇමති කෙනෙක් නං ඊටත් වඩා දේවල් කරන්න පුළුවන්
  7. අඩුම ගානේ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් හරි වෙන්න බැරි කෙනෙක් මේව කළොත් ඒව හිරේ විලංගුවේ දමන්න හරි මරා දමන්න වෙන බරපතල් වැරදි.

Saturday, May 2, 2015

ඔන්න කොල්ලනේ කෙල්ලන‍ේ පොරජාතන්තර වාදය

දැංවත් තේරුං ගන්ඩ බලාපල්ල

ඊයේ සිරස රූපවාහිනියෙ තිබුණ සටන සංවාදය දිහා බලාගෙන හිටියෙ ආතා විතරයි.  ආත ඒ වැඩසටහනෙන්  කියාදුන්න පාඩම ගැන කෙටියෙන් කිව්වෙ ඔච්චරයි.
අහනකොට ඔච්චර දෙයක් තේරෙන්නේ නැද්ද කිය කියා බැන බැන විස්තර කියාදුන්නේ මෙන්න මෙහෙමයි 
ලංකාවට හොඳම මැතිවරණ ක්‍රමය වඩාම සුදුසුම විදිහ මේ තියන විදිහමයි. ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නෙ ඒ විදිහෙන්මයි කියල ආපු පණ්ඩිත දේශපාලකයො හතර දෙනාම පෙන්නල දුන්න. 
නරක මිනිස්සු කවුන්සලේට ආවෙ පක්ෂ නායකයො ඒවගේ අය ලැයිස්තුවට දාපු හින් දයි අපි චන්දේ දුන්න හින්දයි. 
ඒ හින්ද අපිට (මහජනයාට) තමයි මෙච්චර කල් සිද්ද වෙච්ච ඔක්කොම වැරදි වලට වග කියන්න වෙලා තියෙන්නෙ. උසාවියට ගෙනියනව නං අපිවයි ගෙනියන්න ඕන.
මීට පස්සෙ ඒ ගොල්ලන්ගෙ(ආපු හරතර දෙනාගෙ) පක්ෂ නායකයන්ට බල කරන්නලු එහෙම අයට නාම යෝජනා දෙන්න එපා කියල. බැරිවෙලා හරි එහෙම අයට නාම යෝජනා දීල තිබුණොත් ඒය මගෑරල මනාප දෙන්න ලු 
එතකොට ඔක්කොම හරි යාවි. දැංවත් තේරුනාද ?


Wednesday, April 29, 2015

මෙහෙම පුදුමයක්

19 ? ඔන්න බලාපං වෙන දේ


මොනව හිතුනත් උඹ හෙම මොනවත් ලියන්න එපා ! ආත දුන්න නියෝගයක් හින්ද; හිතෙන ඒව ලියාගන්න බැරුව හිටියෙ. සමහරු ලියල තියන ඒව දැක්කම මයෙත් ඇඟ වෙවුලන්ඩ අරන් තිබුණෙ. මුන් මෙච්චර බය නැතුව ලිය්නනෙ කොහොමද කියල හිතාගන්න බැරුව.

අපේ ආත කිව්වෙ බලය ගත්ත එව්වො රහ වැටුනම ඒක අතාරින්නේ නෑ.මෙච්චරකල් උනේ ඒක කියල.
“ඒ කාලෙ හිතට  හිතෙන, ඇඟට දැනෙන  ඒව කියන්න ගිහින් අපි ජීවිතේ බේරගත්තෙත් අමාරුවෙන්; ඒ හින්ද  නිකං ඉඳිං. නැත්තං උඹ හින්ද මටයි දොස් පරොස්.
ඒකත් ඇත්ත තමයි කියල මාත්  අනෙක් අයගේ ලිපි කියව කියව හිටිය. ආතා හින්ද කලාතුරකින්වත් කොමෙන්ටටුවක් වත් දැම්මෙ හොරෙන්.

“19 ? ඔන්න බලාපං ඕක  කතා කර කර ඉන්නව විතරයි. මොකක් හරි උප්පරවැට්ටියක් කරල ඕක නොකර ඉන්න තැනට වැඩ හරිගස්සනව.“ අපේ ආතට මේපාර නං වැරදුනා. ඊයේ හවස  කට උත්තර නැතුව ගියා.

පක්ෂයි ! පක්ෂයි! පක්ෂයි! පක්ෂයි..................................................................................................
අහවල් එක දාපු හින්ද පක්ෂයි! (රටෙන් නැත්තටම නැතිවෙන්ඩ අතුගෑවෙන හින්ද පක්ෂයි) 


පිට කොන්ද ඇතුව මම විරුද්දයි කියල කියන්න  හිටියෙ එකයි. ඌට මම නං කැමති උගේ මතය එක්ක එකතුවෙන හින්ද නෙමෙයි. හිතට එකඟව කතා කරපු  හන්ද.

 “පුරාවස්තු  අරන් කෑවට කමක් නෑ කියපු චක්‍රවර්ති වගේ එව්වංට රෙදි ඇඳගෙන ඉන්න බැරි හින්ද පැත්ත පළාතෙ ආවෙ නෑ.


“මයිත්‍රි කියන්නේ නිකං නෝන්ජලයෙක් කියල ටිකදවසක් යද්දි මටත් හිතුනෙ . නෑ කෙලේලෙ මේන්න බලාපං ඒ හැටි බක්කක් නොවුනත් උන්නැහැ කරන්න පුළුවන් හරිය  කොළා. අනෙක් පැත්තට කරපු හරිය පුංචි දේකුත් නෙමෙයි.


මෙහෙම පුදුමයක් ඇතිවෙයි කියල මාත් හිතුවෙ නෑ. “දැං උඹට ඕන දෙයක් ලියාපං“. ආත කිව්ව ටික විතරක් ලිව්වහම ඇතිය කියල මට හිතුනා

Saturday, March 7, 2015

අද අපේ දවසයි

කාන්තා දිනය

අද දවසට අපේ දවසය කිව්වෙ කාන්තා දිනය විදිහට වෙන් කරල තියන
හින්දයි. “අම්මා“ පදවිය ලබා ඇත්තේ කාන්තාවකි. ඇය සොයමින් ඇවිද ගියෙමි.  අප්‍රකට චිත්‍රශිල්පියෙක් වුවත් දයානන්ද වික්‍රමසිංහයන් මසිත සටහන් වී ඇත්තේ බිම හිඳ ගෙන, කුණු බක්කියකට හේත්තු වී පිටට වාරු ගෙන දරුවාට මව් කිරි දෙන කාන්තා රුවක් සිත්තමට නගා තිබෙනු දැකීමෙනි. එය නම් කර තිබුණේ   කුණු බාල්දියට පිට දී බුදු බව පැතීමවගේ වැකි පෙළක්  බවයි මතකය.  

ගෝර්කි  පෙන්වා දුන් අම්මා, සන්නස්ගලයන්ගේ අම්මා, නැපෝලියන්ගේ අම්මා වැනි අනේකවිධ අම්මාවරුන් හමු විය. කිතුතුමන්ගේ මව මෙන්ම සිදුහත් මව ද දිටිමි.
තවත් වෙනස්ම අම්මාවරුන් රාශියක් ලාංකීය පැරණි සමාජයේ සෑම පෙදෙසකම හමුවේ. ඔවුහු අදත් වැඳුම් පිදුම් ලබති. ප්‍රධාන වශයෙන් අම්මාවරු හත්දෙනෙකි. කිරි අම්මා දානය ට වැඩමවන්නේ හත්දෙනෙකි. තවත් විටෙක සත් පත්තිනි හා දොලොස්
පත්තිනි වශයෙන් ද පිදුම් ලබන්නීය. මුළු රටපුරාම තම අසීමිත බලය එකසේ පතුරවන දෙවියන්  වන්නේ පත්තිනි අම්මා දෙවියන් ය. ඒ කාන්තා දෙවි කෙනෙකි. ඊට සම කළ හැකි පිරිමි දෙවිකෙනෙකු ලංකා සමාජයේ හමු නොවේ. දෙවි වරුන් අතර සම තැනක් නොව අතිවිශේෂ තැනක් ඇය ලබා තිබිණි.

අපේ රටේ කාන්තා අයිතිවාසිකම්.

ලාංකික කාන්තාවෝ සමතැන් ඉල්ලති. තමන්ට කාන්තා අයිතීන් නැතැයි අරගලයට සැරසෙමින් ඉල්ලා උද්ඝෝෂණ කරති. මේ ලාංකික කාන්තා හඬතුළ ක්‍රියාත්මක වන ඇතැම් දෑ අතර තෝරාගන්නට අපහසු තැන් රාශියකි. කාන්තා අයිතීන් ඉල්ලීම
සංවිධානය කරන්නවුන් එය එක්තරා මෝස්තරයක්, බඩවඩා ගැනීමක් බවට පත්කරගෙන වැජඹෙති. මේ ලංකා කාන්තා ව්‍යාපාරය බොහෝ තැනක මා අත්දුටු  ස්වභාවයයි. යෙහෙලියකගෙන් මටද ඇරයුමක් පැමිණ ඇත.
ආතා මොකක්ද හිතන්නේ කාන්තා අයිතින් ඉල්ලීම  ගැන ?
ඒක හරියටම හාමුදුරුවරු ඡන්දෙට ඇවිත් තමන්ට බලය ඉල්ලනවා වගේ ඔන්න  එකවරටම කිව්ව දේ.
ඒ උපමාව  පැහැදිලි මදි නේ !
හොඳයි අහගනිං හාමුදරුවො කියන්නේ ගිහි අපට ඉහළින් ඉන්න පිරිසක් ! සිවුරත් ඇඳගෙන ඡන්දෙට ආවා කියන්නේ විහින් පහළට ඇද වැටීමක් නෙවෙයි ද, මෙතෙක්  තිබ්බ ගෞරවය නැති කර ගැනීමක් නෙවෙයි ද?
ලංකාවෙ ගෑණු උඹලත් එහෙම තමා. සමාජෙ ඉන්නෙ බොහොම විශේෂ තැනක ! ඒක උඹලටත් අමතක වෙලා. මේ බලාපං ගෙදෙද්දි අම්මා කාටත් ප්‍රධානිය. එයාතමයි අපි ඔක්කොටම අණ දෙන්නෙ, පාලනය කරන්නෙ. හොඳයි බොරුද කියාපං. අම්ම ගෙදර නැති වෙලාවට උඹත් ඒකට ලැහැත්තිවෙන්නෙ නැද්ද කියාපං.
"උඹලගේ අම්මත් කාන්තා සංවිධානෙකට ගිහින් ආවට පස්සෙ මම  කිව්ව ඇත්ත තමයි දුවේ කාන්තාවන්ට සමතැන් දෙන්න ඕන. ඔය තැං තැංවල තියන කාන්තාවන්ට පමණයි කියන බෝඩ් ගලවල දාන්න ඕන කියල"

ඉතාම අර්ථවත් වැඩ සටහන් වෙනත් රටවල තිබියදී අපේ රටේ අපි කරන්නේ කුමණාකාරයෙන් අර්ථවත් දෑද යන්න නැවත බැලිය යුතු බවක් නොපෙනේ ද ?


මේ විදිහට ගියොත් අනාගත සන්නස්ගල ලා අම්මා මොන විදිහට හැඩ ගන්වාවිද ? නොදන්නා අතීතයක නොදන්නා කලා කරුවා නිම කළ පල්ලියේ දේවමාතාව දේවාලයේ පත්තිනි මාතාව තුළින් පිළිබිඹු කරන්නට තැත්කළ අසිරිමත් කාන්තා සංකල්පය.....?

ගූගල් විසින් අද පළ කර ඇති රූ සටහන එහෙමම ගත්තා අනෙක් පින්තූර ඔක්කොම ගත්තේත් අන්තර්ජාලයෙන්. අන්තර්ජාලයට ගොඩක් ස්තුතියි.