Monday, November 16, 2015

අධ්‍යාපනය හා බුරිය


අධ්‍යාපනය ගැන අර්ථ කථන

"අධ්‍යාපනය" යන වචනය ලංකාවේ බොහෝ වෙලාවට භාවිත කරන්නෙ පාසලක පන්තියක වාඩිවී ගුරුවරයා කියන දේ අසා සිටීම, ඉන්පසුව ගුරුවරයා දෙන සටහන ලියා ගැනීම හා ඒවා පාඩම් කර  ගුරුවරයා දෙන
ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම බව පෙනීයනවා. අධ්‍යාපනය කියන්නෙ ඒවගෙ දේකට  බව විවිධ වගකිවයුතු අය කරන ව්‍යවහාර අනුවත් පෙනී ගිය වාර බොහොමයි. මේ  විවිධ අවස්ථාවල අධ්‍යාපනය ගැන අසන්නට කියවන්නට ලැබෙන ප්‍රකාශ කීපයක්


  1. අධ්‍යාපනය විතරක් හරියන්නෑ. ක්‍රීඩාකරන්නත් ඕන. අධ්‍යාපනයෙන් විතරක් ජීවත් වෙන්න බෑ. යමක්  හරිහැටියට කරන්න දස්කම් ලබාගන්නත් ඕන.  
  2. හොඳ ගුණධර්ම පිළිපැදීම ජීවිතයේ පුරුද්දක් කරගන්නැතුව අධ්‍යාපනය විතරක් දීල වැඩක් නෑ.
  3. අපේ විශ්ව විද්‍යාලවල කරන්නෙත් අධ්‍යාපනය දෙන එක විතරමයි. අන්තිමේ දී මොනව හරි කරන්න නං එ් ගැන දන්න අයගෙන් අහගෙන පුරුදු වෙන්ඩ වෙනව. 

මේ ප්‍රකාශ "අධ්‍යාපනය" ගැන ගමේ ගොඩේ කතාවුන ඒව නෙවෙයි. ජනමාධ්‍යවල පෙනී ඉන්න ජනමාධ්‍යෙව්දීන් කියන අය වෙතින්, හාමුදුරුවරුන්ගේ ප්‍රසිද්ධ දේශනාවලින්, දේශපාලකයන්ගේ ප්‍රකාශවලින් අහ කියාගන්න ලැබුණ දේවල්. 

මේ පාතින් තියෙන්නෙ සාමාන්‍ය අයගෙ ප්‍රකාශ කීපයක්
  1. අධ්‍යාපනෙන් පස්සේ මොනව හරි "කෝස් එකක්" කරන තැනකටවත් යවාගන්න ඕන. නැත්නං ඔය විස්සවිජ්ජාල වල ගිහිල්ල විතරක් හරියන්නෙ නෑ.
  2. මයෙ කෙල්ල "....... කෝස් එක" කරන්ඩ යනව. විස්ස විජ්ජාලෙ පටන්ගන්ඩ තව කල්යනව නේ. මොනව හරි කර කියාගන්න පුරුදුවෙන්න එක හොඳයි. නැහ්නං විස්ස විජ්ජාලටෙ ගිහිල්ල ආව කියල කරන්න පුළුන් දෙයක් නෑ. 
  3. විබාගෙ ලිව්ව විතරයි මයෙ එකාට කොම්පියුටර් කෝස් එකකට සිස්සත්තයක් හම්බ වෙලා ඕන්න යනව. ඒකෙ ලියාපදිංචි වෙන්ඩයි පොත්වලටයි විතරයි සල්ලි ගන්නෙ.
ඇත්තෙන්ම අධ්‍යාපනය කියන්නෙ මොකද්ද ?  අධ්‍යාපනේ පිළිබඳව පවතින ලොකුම ගැටළුව ගුරුවරියන් බුරිය පේන්ඩ ඇඳුම් අඳින එකද? පාසලට මොබයිල් එකක් ගේන එක ද? අඩි උස සෙරෙප්පු වලයි අධ්‍යාපනෙයි අතර තියන සම්බන්දෙ මොකද්ද ?  


ඔන්න අපේ ආතගෙ මතය

වැඩිදෙනකු තවම කතා නොකළට සංවේදී නොවුනට අධ්‍යාපනය කියන්නෙ කතා කරන්නම ඕන කාලීන තේමාවක්. අධ්‍යාපනය කියන දේ නොදරුවන් වගේ අයගෙ වැඩයි ඩීල් කාරයංගෙ වැඩයි හන්ද වල් වැදිල තියෙන්නෙ. අධ්‍යාපනේ හැදෙන්ඩ ඕන විදිහ පාලකයන්ට තියා කාටවත්ම ලෙසියෙං තේරුම් බේරුම් කරගන්න බැරි දෙයක් බවට පත්වෙලා. ඒ හින්ද මුළු සමාජයම එකතුවෙලා ඒක තේරුම් බේරුම් කරගන්ඩ ඕන. කන්නංගර මහත්තයගෙ ගාන්ධි වගේ අයගෙ පොටෝ‍ෙගහගන ඉඳල විතරක් නං හරියන්නේ නෑ.

22 comments:

  1. මෙතනදි සිහියට ආවේ බුදු සමයේ ඉගැන්වීමක්.අධ්‍යාපනය ලැබිය යුතු වගේම ලබාදිය යුතු ආකාරය ගැන බුදුන් වහන්සේ පුලුල් අර්ථකතන ඉදිරිපත් කර තිබෙනවා.ඉන් කරුනු කිහිපයක් මේහෙම දක්වන්න පුලුවන්.

    බහුශ්‍රැතබව
    ශිල්පීය හැකියාවන් දියුණු කරගැනීම
    සදාචාර සම්පන්න බව

    මෙයට අමතරව අසාතමන්ථ ජාතකයෙදි පෙන්වා දෙනවා අනිවාර්යෙන්ම සමාජ ගැන අවබෝධයත් තිබෙන්න ඕන කියන එක..



    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝ ආවට. මේ තේමාව ගනැ ලිව්වේ කිසයම් බියකින්. මම ඒතරම් අත්දැකීම් ලබන්ඩ තරම් මෝරල නෑ. අපේ අාත නම් සෑහෙන්න පදම්වුන කෙනෙක් බව පෙනුනා. තවමත් හොඳ සිහියෙන් පසුවන නිසා ඔහුගේ අදහස් මෙතනදි ප්‍රමුඛතාවයට ගෙනෙනවා. ඔබේ කොමන්ටුවට ආතගෙ ප්‍රතිචාර පහත පරිදි සම්පිණ්ඩනය කර දක්වන බව සලකන්න.
      බුදුසමය, කොන්පියුසියස් දර්ශනය, තවත් අනේකවිධ පෙරදිග දර්ශන බටහිරින් බිහිවූ දර්ශන, වත්මන් විද්වත් දාර්ශනික චින්තන කොයිතරම් තියනවද ? ඒත් අපේ ඇත්තන් ඒ එකක් වත් නොසලකා ඇතිවෙලා තියන පුංචි පුංචි තැන්වලට පැලැස්තර අලවන්න යන එක තමයි කාලයක් තිස්සෙම සිද්ද වුනේ. ඒකෙන් ලෙඩේ එන්න එන්නම නරක් වුනා මිසක් යහපතක් වුනේ නෑ. එන් අයි එකට පුද්ගල බද්දව බඳවා ගන්න අයව පිටරට යවල ඔවුන් දැකල එන දේවල් ඒ හැටියටම යොදවන්න ගිහින් ඇනගත්තු තැන් ඕන තර්ම. ඒ එකකින් වත් අධ්‍යාපන‍ේට යහපතක් වුන බවක් පේන්න නෑ.තියන බරපතල් ගැටළුවලට විසඳුම් ලැබුණෙ නෑ. මනො පෙන්නා දෙන්නෙ අපේ අතීතයට ගිහිල්ලත් අධ්‍යාපන සැලසුම් හා වෙනස්කම් වලට වටිනා ආභාසයක් ලබන්න පුළුවන් බව. ඒත් ඒ ගැන සලකන්න හිතුව කෙනෙක්වත් දකින්න නෑ. මනෝගේ අදහස යෝජනාව ඉතාම ටිනා බව ආතා කියනවා.

      Delete
    2. "එන් අයි එකට පුද්ගල බද්දව බඳවා ගන්න අයව පිටරට යවල ඔවුන් දැකල එන දේවල් ඒ හැටියටම යොදවන්න ගිහින් ඇනගත්තු තැන් ඕන තර්ම" මෙය පහත දැක්වෙන ලෙස නිවැරදි විය යුතුය.
      NIE එකට, පුද්ගල බද්ධ සාධක මත බඳවාගන්න අයව පිටරට යවල ඒ ඒ අය දැකල ඒන දේවල් එි විදිහටම යොදවන්න ගිහිනි ඇන ගත්තු තැන් ඕන තරම් තියනව.

      Delete
  2. අනේ බර වැඩියි අප්පා

    ReplyDelete
    Replies
    1. ඇත්ත අටම් බොහොම බර වැඩියි. එහෙමවත් කියන්න හිතුන එක වෙනුවෙන් ගොඩක් ස්තුතියි අටම්

      Delete
  3. අධ්‍යාපනය කියන සිංහල වචනය හැදිලා තියන්නෙ education කියන ඉංග්‍රීසි වචනයෙන්. ඒක හැදිලා තියෙන්නෙ educo කියන ලතින් වචනයෙන්. ඒකෙ සරල තේරුම එලියට අරගෙන සමාජයට පෙන්නන පුළුවන් යහපත් දෙයක් හදවතට දෙන එකයි. එහෙම දෙන එකට අධ්‍යාපනය දෙනවා කියලා කියනවා. එහෙකොට එතනින් උගතුන් බිහි වෙනවා. එහෙම නොදෙන තැන් වල විෂයන් ටිකක් උගන්නලා සහතික දෙනවා. සහතික පත් ලාභීන් තමන් උගතුන් කියලා හිතල මැටි මෝල් වැඩ කරනවා.

    සමරසේකර

    ReplyDelete
  4. පැමිණීම වෙනුවෙන් ස්තුතියි සමරසේකරයෙනි. ආත මේ කොමෙන්ටුව බොහොම අගය කරනවා. අධ්‍යාපනය කියන්නෙ ඒතරම් සරළ දෙයක් නෙවයි කියන එක ඔබ පෙන්වා දෙනවාලු.

    ReplyDelete
    Replies
    1. ඒක (අධ්‍යාපනය) දෙන එක අමාරු දෙයක් නෙමෙයි . ඒක කරන අයට මුලින්ම දර්ශනයක් තියෙන්න ඕනෑ. බටහිරි මෙන්ම ජපානයේ දිහා බලන්න. පාරේ රතු ලයිට් එක වැටුනාම විරුද්ධ පැත්තෙන් වාහන නාවත් කොළ පාට වැටෙන තුරු මිනිසුන් බලා සිටිනවා. ඒක තමයි ඒ අයට අධ්‍යාපනයෙන් ලැබුන හික්මීම. දැන් අපේ රට දිහා බලන්න. රතු එලිය තියෙද්දේම කි දෙනෙක් පාර පනිනවාද? කි දෙනෙක් කහ ඉර නොමැතිව පාර පනිනවාද? ඒ අයට අධ්‍යාපනයක් නැති උනත් සහතික තියෙනවා. නමුත් හික්මීමක් නැහැ. ඇහැව්වොත් නම් කියන්න උත්තර ගොඩක් එ අයට තියෙනවා. ප්‍රධාන කාරණය මේ නීති තියෙන්නෙ මට නොව අන් අයට කියා හිතිමයි. නමුත් අතීත කාලයේ එහෙම නැහැ.නීති පනවන රජ්ජුරුවොත් රාජ නීතියට යටයි. ඒකනෙ මාලිගාවේ හැන්දෑවට ගිලන්පස පුජාවන් දෙකක් තියෙන්නෙ.

      සමරසේකර

      Delete
    2. ඔන්න අධ්‍යාපනය කියන එකෙන් අතු ගෑවිලා ගිය දෙයක් ගැන කියවෙනවා. සමරේ අධ්‍යාපනය කියන්නේ මොකද්ද කියන එක ඔබේ කොමන්ටුවලින් යථාවත් ලෙසින් නිර්වචනය වෙමින් තියන බව සටහන් කරන්න කියලා ආත පවසනවා. අලුතෙන් සල්ලි වැඩියෙන් හමුබ වුනා කිව්වට පස්සෙවත් බලදාරීන් නිල දාරීන් වලේ අයට දර්ශනයක් ඇති වේවිදැයි බලමු. ආයෙත් ආවට ස්තුතියි සමරේ.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. අපේ රටේ අධ්‍යාපනය නම් බොහොම යල පැන ගිය මෝඩ එකක්. මම දකින විදියට අධ්‍යාපනයේ මුලික අරමුණ විය යුත්තේ එකිනෙක තුල සැගවිල තියෙන තමන්ටම සුවිශේෂ දක්ෂතාව සොයා ගැනීමට උපකාර වීමයි. එහෙම නැත්නම් වෙනකෙනෙක් හොයා ගත්ත දෙයක් කට පාඩම් කරලා විභාග පාස් වෙන ගිරවු වෙන එක නෙමෙයි.

    ReplyDelete
  7. සත්තුතියි ආවාට ඔබ පවසන තත්තවය සැබෑවක්. ඒ වගේම රට මුහුණ දෙන ඛේද ජනක තත්ත්වයක් මේ පිළිබඳ විද්වතුන්ගේ උපදෙස්මත බලධාරීන්ගේ අවධානය කිඩිනමින් යොමු විය යුතු පසුකර දැමිය හැකි හෝ අමතක කර දැමිය හැකි අවශ්‍යතාවක් නොවෙයි. නවලොව දැනුම ද අවධානය යොමු කර අදහස් දැක්වීම මහත් සතුටක්

    ReplyDelete
  8. මේ යන විදියට නිදහස් අධ්‍යාපනයත් නැති වෙයිද මන්දා. දැන් නිල ඇදුම් දෙන්නේත් නැනේ. ඒකටත් වවුචරයක් නේ දෙන්නේ....

    ReplyDelete
  9. අධ්‍යාපනයේ තියන බරපතල් කඩාවැටීම දිහා බලපුවාම ඔය ගැටළුව සුළු එකක් කියල මට හිතෙනවා. කොයි හැටි වෙතත් මහේෂ් පෙන්වනවා වගේ පහළ වෙන පෙරමග නිමිතිත් සුබ නෑ.

    ReplyDelete
  10. බුරිය කියන්නේ ලිංගික අවයවයක්ද ?ලංකාවේ පිරිමි කියන්නේ බුරියක් දැක්කම ඇවිස්සෙන ජාතියේ වල් ගෝත්‍රිකයෝ පිරිසක්ද... යුගයට අවශ්‍ය විදිහට පරිනාමය නොවිමේ වරද.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒකනේ ප්‍රසාද් රටේ ඉන්න පාලිතයො ගැන පාලකයො කල්පනා කරන විදිහ තමයි ඔය. තරුණ වියට එමින් ඉන්න පාසල් දරුවන්ගේ අලුත්ම අලුත් ට්‍රෙන්ඩ් එක තමයි හැක්ස් ටොපියක් දුම්කොල කෑල්ලක දවටල කටේ තියාගන ඉන්න එක. තත්පර කිපයකින් ඒ කෙල්ලට,කොල්ලට මත්වෙනවා. ඉන්න තැන කරන කියන දේ නිනවු නැතුව යනවා.කොල්ලො තමයි වැඩිය ගොදුරු වෙලා ඉන්නෙ. පාසල් අධ්‍යාපනය ලබන වියේ ඉන්න දරුවන් මුහුණ දෙමින් තියන මෙවැනි තත්වයන්ට, ගැටළු වලට හේතු ඒවා වලක්වන්න යෙදිය හැකි පිළියම් ගැන කල්පනාකරන්න කාටවත් හිතිල නැති හැටි ! ඒ වෙනුවට යෝජනා වෙන්නෙ අතීසාරෙට අමුඩෙ ගහනවා වගේ පැලැස්තර දාන වැඩ.අධ්‍යාපනේ කියන්නේ මොකද්ද කියලවත් ඉන්න පාලකයො තේරුම් අරන් නැත්තං ඉතින් කවර කතාද ? ප්‍රසාද් පවසන යුගය, පරිනාමය, වගේ වචනවත් තේරුම් ගන්න තරම් මෝරපු බවක් පාලකයන්ගෙන් පේන්නෙ නෑ

      Delete
    3. පාසල් ලමයි විතරක් නෙවෙයි සාගරිකා ගොඩක් තරුණයන් දැන් ඉන්නෙ විවිධ ක්රම වලින් මත් වෙලා. දැන් ඉන්න බහුතරයක් අයට මේ සිදුවන දේවල් අමු අමුවේ දරාගන්න අමාරුයි ඒකයි නිතරම මත් වෙලාම ඉන්න උත්සාහ කරන්නේ. ඒත් සිගරට් වලට මුලින්ම තිබුන සමාජමය පිම්බීම දැන් නැතිම වෙලා ඉස්සර පාරේ,බස් එකේ,හෝටලයේ කකුලක් පිට කකුලක් දාගෙන දුම් බෝල යවපු උන් දැන් සිගරට් එකක් ගහන්නෙ හැංගිලා ටොයිලට් අස්සේ වගේ තැන්වල. සියලු මත්ද්‍රව්‍ය වල සමාජමය පිලිගැනීම නැතිම කරලා දාන්න ඕනේ.

      Delete
    4. බුරිය කියන්නෙ ලිංගික අවයවයක් නෙවෙයි තමා. පියයුරු කියන්නෙත් ලිංගික අවයවයක් නෙවෙයි නෙ.

      හංගලා තියෙන දේ යන්තමින් එළි කිරීමේ තියෙන ආකර්ෂණය තමා එක එක ඔළු වලට එක එක විදිහට දැනෙන්නෙ.

      Delete
  11. "සියලු මත්ද්‍රව්‍ය වල සමාජමය පිලිගැනීම නැතිම කරලා දාන්න ඕනේ" මේ සඳහා සීග්‍ර ආකල්ප පරිවර්තනයක් සහ ඒ ආකල්ප තහවුරුවන දිගුකාලීන වැඩ පිළිවෙලක් අත්‍යවශ්‍යයි.පවතින අධ්‍යාපන පද්ධතියට පැවරෙන වගකීම අත්හල නොහැකි දෙයකි. මත්ද්‍රව්‍ය උවදුර මගින් ඇතිවන හානිකර තත්ත්වය ලෝක ව්‍යාප්ත බරපතල අර්බුධ සමූහයක්ම ඇති කර තිබෙනවා. මාත් ඔබ දෙදෙනාම සමග සියයට සියයක්ම එකඟයි

    ReplyDelete
  12. අධ්‍යාපනය මෙහෙය කළ යුත්තේ සමාජයේ එක් ඉළක්කයක් වෙනුවෙන්. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ලිපිකරුවන් තැනීම සඳහා භාවිතා උනා. එය රැකියා වෙළෙඳපොළ ඉළක්ක කරමින් වෙනස් විය යුතුයි.

    ReplyDelete
  13. බුරිය ගැන මුකුත් ලියවිලා නෑනේ.........

    ReplyDelete