Thursday, October 1, 2015

ඊයේ

ජාතිඅන්තර ළමා දිනේදි මං ඉගෙන ගත්තු පාඩං

දරුවන් හිංසනයට ලක්වේ. ඉදිරියට ද සිදුවේ. ඒ සඳහා වහාම දරුණු දඬුවම් දිය යුතුය. මරණ දඬුවම් දිය යුතුය.  දරුවන්ට සිදුවන හිංසනය  
වලක්වා ගත හැක්කේ එවිටයි. මෙච්චර පහසු විදිහක් තියෙද්දි ඒක කරන්නේ නෑ. 
පහුගිය දවස්වල මාද්දිය මොනතරං ජාතික මෙහෙවරක් කොලා ද !  කොච්චර නං වලිකෑවද ?  පාරක් පාරක් ගානේ පොරකාසයට පත් කරල තිබුණ නඩු තීන්දු ගැන කියා දෙමින් යක්කුන්ගෙ රූප නාලිකාවල්  ගානෙයි, ගම්මැදි හෑලි කියෝන රේඩියෝ චැනල් ගානෙයි, කැලෑපත්තර වලයි වැරදි කරුවන් හොයල කීදෙනෙක් එක්ක තීන්දු තීරණ දුන්න ද? කෝ ඒත් දඬුවම් දුන්නේ නැති එක නේ පුදුමේ.
එහෙම වුනානං සදෙව්මිගෙ සීයටයි, තාත්තටයි, එක්දරු පියාටයි, අවුරුදු 17 පාසල් සිසුවාටයි හතර දෙනාටම උපරිම දඬුවම් දෙන්න තිබුණ නේ. කරගන්න පුවවන් උනේ උංගේ චරිත ඝාතනය කරල දාන එක විතරයි බලන්නකො වෙච්ච දෙයක් ! 

මාධ්‍ය වලින් දේශනා කරමින් ඉන්න ශුද්ධ වන්තයන් ඇරුනාම අනෙක් එව්වො, ඒ කියන්නේ ඒව බලන කියවන අපි වගේ එව්වො සේරම වැරදි කාරයො.

අනතුරු ඇඟවීමයි :- උඹලා පරෙස්සම් වෙයල්ලා. ආයෙ හෙම මෙහෙම දෙයක් කරන්න එපා.
සෑහෙන්න අනතුරු ඇඟෙව්වා.  ඔන්න සාමාන්‍ය මිනිසුන් වන අපි සේරම දැන් බය වෙලා. දරුවන් අපයෝජනයට ලක්කරන්ඩ පෙළඹෙන pedophilia රෝගීන් පුනරුත්ථාපනය වෙලා. ආයෙ නං දරුවකුට හිංසාවක් වෙන එකක් නෑ.

ඉගැන්නීම :- දරුවන් මල් වගේ උන්ට හිරිහැර කරන එක නැවතිය යුතුයි. මනුෂ්‍ය සංහතියෙ අනාගතය දරුවො.
මේ පාඩම අපට දරුවන් ලවාත්  තවත් පණ්ඩිත සුද්ද වන්තයන් ලවාත් මාධ්‍ය මගින් කියා දුන්නා.  
ඔන්න අපි ඉගෙන ගත්තා pedophilia රෝගීන් සේරමත් සුවයි. දැන් ඉතින් හරි. ඉදිරියට අපි කාගෙන්වත් දරුවන්ට හිංසනයක් වෙන්නෙ නෑ.

පසු ලිපි
මීට පස්සෙ දරුවන්ට වන හිංසනය පිටු දැක්කාම ඇති. එහෙම වෙන එක වලක්වන්න pedophilia වැනි අසමාන්‍ය මානසිකතත්තවයන්ට ගොදුරු උන අය ඉන්නවදැයි සොයා සැලසුම් කරන විධිමත් වැඩ සටහන් හදන්න යන්න ඕන නෑ.  ලෝකෙන් උතුම් රටේ.. හැක්.. හැක්.. හැක .. හැක .........!

අති විශේෂයි

වීදියේ අයාලෙ සැරිසරණ දරුවන් ගැන කවුරුවත් හිතන්න  ඕන නෑ. පැල්පත් මුඩුක්කුවල ඉන්න පුංචි එව්වො දරුවන් නොවෙයි. උන්ට සිද්දවෙන  හිංසනය මදි පුංචිකම් කවුද ගණන් ගන්නෙ. 
කිසිකෙනක් දකින්නෙම නැතුව 
උන්ව දූෂණය වුනාවෙ. උන්ව මරා දැමුවාවෙ. 

22 comments:

  1. මම උපෙක්ෂාගේ පෝස්ටි එකට දැමිම කොමන්ටුව ඒ විදියටම මෙතෙන්ට දාන්නමි සාරිකා (නමි මතකයිනේ දැන් හරියටම)

    චිල්රන්ස් ඩේ එක දවසෙත් දරැවන්ට ළමා ලෝකය අහිමි වුන එකම තමයි වුනේ,........
    ඉතා දුගි පැල්පත් වල වාසය කරන පුංචි දරැවෝ.........
    අධ්‍යාපනය අතරමග නතර කරලා අනුන්ගේ බැළමෙහෙවරකමි කරන දරුවො.........
    කටගොන්නක් බීගෙන තාත්තා ගෙදරට එනකොට ළමයින්ගේ දවසේම ඇද මෙිස පුටු යට හැංගුන දරැවො.......
    මංමාවත් ගානේ කුසගින්නට අනුන්ගෙන් මොනව හරි අයදිමින් ඉන් හිටින්න තැනක් නැතිව ජීවිත ගෙවන පුංචිපැටවි......
    අමිමා තාත්තා කවදාවත් දැකලා නැතිව ළමා නිවාසයකට වෙලා අනාගතය ගැන සුසුමි හෙලන දරැවො.......
    ඉතින් තව තියනවා .........

    ඇත්තටම කවුරැ වෙනුවෙන්ද ඊයේ දිනය වෙන්වෙලා තිබුනේ ?

    ReplyDelete
    Replies
    1. ඒ කම්පාව උපෙක්ෂා ඔබ වැනි අයට මිසක් මහ දැනමුත්තන්ට තියන බවක් පෙනුනෙම නෑ. උපේක්ෂාගෙ ලිපිය දැක්කෙ නෑ. බලන්න ඕන

      Delete
    2. උපෙක්ෂාගෙ පෝස්ටුවට අදාල ලින්ක් එක දාන්න මනෝ

      Delete
    3. මෙ දින කිහිපයේම බිලොග් කිහිපයකම මෙ ගැන ලිපි පලවෙලා තිබුනා.මම ඒ හැම එකකටම ගියා.මෙ තියෙන්නේ උපේක්ෂාගේ පොස්ටි එකේ ලින්ක් එක සාරිකා.

      http://upekshad.blogspot.com/2015/10/blog-post.html

      Delete
    4. ස්තුතියි මනෝ මම උපෙක්ෂා නමින් හොයන්න ගියා. වෙන කෙනෙක් හින්ද බැරිවුනා. හමු වුන කෙනා හිතාගන හැකි නේද

      Delete
  2. රෝගීන් පුනරුත්ථාපනය කරන්නවත් අපරාධවලට ඉඩහසර විවරවෙන සමාජ කණ්ඩායම් ගැන කටයුතු කරන්නවත් කාටවත් ඕන නෑ.
    ලංකාව වගෙ රටක එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම අතිභයානකයි. මෙහෙමවත් බේරිල්ලක් තියෙන්නෙ ඩී එන් ඒ වගෙ තාක්ෂනයන් නිසයි. කොටදෙනියාවෙ සිද්ධියෙ තාත්තයි සීයයි සිසුවයි එක්දරුපියයි එල්ලුම්ගස් යනව. මේ අය එල්ලනකම් එන්ජීඕ වලින් උද්ඝෝෂන සිදුවෙන්නත් ඉඩ තියනව

    දූෂනය වෙන්නෙත් . බොරු නඩු වලට පොලීසියෙන් ගුටි කන්නෙත් මොකවත්ම කරකියාගන්න බැරි එවුන්. එල්ලුම් ගහ ආවත් ඒකෙ නගින්නෙත් එහෙම එවුන් තමයි.කුඩු මුදලාලිල නීතියෙ හිල් හදාගෙන බේරෙයි.

    මේ සමාජයෙ ඔළුව උස්සගෙන ඉන්නනම් බලපුලුවන්කාරයෙක් වෙන්නම වෙනව.

    මෙතන ඉතා අපූරු දෙයක් ඔබ මතුකරල තියනවා. එනම් මේ ශුද්ධවන්තයන් පිළිබදව.ඔවු මේ ශුද්ධවන්තයො ජනතාවට හැමදාම අවවාද අනුශාසනා කරඉන් තප්පුලන උන්දලනෙ. අපිත් ආමෙන් අහම්බන්තේ කිය කිය ඉන්නව.

    ReplyDelete
    Replies
    1. අඩු ගානෙ ළමාආරක්ෂක අධිකාරය වුනත් ලැහැත්ති වෙලා ඉන්නෙ අපරාධකාරයෙක් ගැන දුරකථන පණිවුඩයක් එනකන් සැක හිතෙන උන්ව අල්ලල උන්වත් කෙලෙසා දාල රටම කලම්බල නඩුවක් දාන්න . දැන් අහපු නැති නඩු 6000 ක් විතර තියනවලු ! ළමා ආරක්ෂක අධිකාරියට ඉදිරියේදී ළමුන්ට හිංසාවන් සිදුවිය අසාමාන්‍ය අයව කලින් හඳුනාගෙන වලක්වා ගැනීමක් ගැන කිසිම නිනව්වක් නැද්ද ? මේ හැර පාසල් අසළ තියන කඩ පාසල් කැන්ටිම වගේ ස්ථානවලින් විකුණන ක්ෂණික අහාර, දරුවන්ට අහිතකර ආහාර කවන්ට දඟලන වෙළඳ දැන්වීම්, කල් ඉකුත්වූ ළමා රස කැවිලි, දරුවන් ආකර්ශනය කරන කෘත්‍රිම වර්ණ හා කෘත්‍රිම රසකාරක යෙදූ ක්ෂණික ආහාර වර්ග වලින් කඩ පිරිලා. මේ සිදුවන්නේ ද ළමා හිංසනය නොවේද ? ඔය කියන බලධාරීන් සහ මාධ්‍ය ආයතන මේ වගෙ ළමා හිංසන ගැන හිතලවත් තියනව ද ?
      ඔව් මධ්‍යස්ථ ශුද්ධවන්තයන් ලවා බණ කියවන හැටි, අවවාද දෙන හැටි, අපූරුවට හැම දවසෙම දකින්න ලැබෙනවා. ඒ වෙනුවෙන්ම වෙන් වූ නාලිකා පුවත් පත් පවා කොච්චර තියනව ද ? හිටපු ගමන් සමහර එවුන්ගෙ නිරුවත පෙනුන අවස්ථා කීයක් පසු කළාද ?

      Delete
  3. උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් ,රෑට නින්දට යනකනුත් නින්දට ගියාට පස්සෙත් හැම චැනල් එකේම පිරිත් අහන නිආම හොඳයි, නැත්තං මේ රටට මොනවා වෙන්න තිබ්බද දෙයියනේ

    ReplyDelete
  4. ඇයි සුපේශල ශික්ෂා කාමී අයගෙ බණ අහල අහල අපේ චරිත මොනතරං හැඩ ගැහිලාද එහෙම වුනේ නැත්නම් බලන්න තිබුණ වැඩේ !

    ReplyDelete
  5. නියමයි..... සුපිරි........ ඒත් ඔය ගැන කොච්චර කතා කළත් ඔච්චරම තමයි...... ඒකයි දුක........

    ReplyDelete
    Replies
    1. ඔව් ආර්යයන් කතා කරල මේ තියන පිඩනය සමහන් කරගන්න විතරයි හැකිවෙලා තියෙන්නෙ. මේ කට්ටිය පුදුමාකාර මුලාවකට නේ රට දක්කගෙන යන්නෙ ස්තුතිය ආවට හොඳේ

      Delete
  6. ඔ්ක තමා අැත්ත........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කරුටු ආවාට මේ ඇත්ත දැකල කලකිරෙන් නැතුව පුංචි හඬක් හරි එක්කරමු නේද

      Delete
  7. ඇත්ත වුනත් ලියනවිදිහ සැර ගොඩක් වැඩි ද මන්දා

    ReplyDelete
    Replies
    1. ගුරුතුමා සමග මට මෙතනදි නම් එකඟ වෙන්න අමාරුයි. කොච්චර සැර වෙලා හරි නිදා ඉන්න එකකුගේ හරි ඇහැක් ඇරෙනවනම් ! කියලයි මට හිතෙන්නෙ

      Delete
  8. මටනම් ඔය ලෝකල්-අමා- දින සීන් එකම තනිකර අවුලක්.. යකෝ දවස් තුන්සිය හැට හතරක් පිස්සු කෙල්ල එක දවසක් ළමයින්ට වෙන්කරාම හරිද?
    අර අනිතිමට කියුවා වගේ.. මාකට් කරගන්න පුළුවන් අපරාද ගැන විතරක් කතා කරපුවම ඇති.. අනිත්වා සද්ද වහල යට වෙන්න අරිමු. නොදොමකින්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි දින සීන් එක කොහෙන් ගත්තු පුරුද්දක්ද මන්ද ඒක මහ අවුලක් 365 ම ළමා දින වෙන්න ඕන. වැඩිහිට දින වෙන්න ඔ්න.තරුණ දින වෙන්න ඕන.ගුරු දින වෙන්න ඕන අම්මා දින වෙන්න ඕන පිය දින වෙන්න ඕන. ඍය සම්මත කරගෙන තියන දින හැට හුට හමාරම ඒ ඒ දින වෙන්න ඕන. ඒත් කල්‍යාණ මේක නේ මොඩ් විදිහ. මාකට් කරන්න පුළුවන් ඒව විතරක් එළියට ඇදල ගඳ ගැස්සුවාම ඇති කියල තමයි මාධ්‍ය මහදැනමුත්තලයි බලදාරියොයි හිතන්නෙ නේද ඔබ කිව්වේ නොදකින් කියල. මම ඒක තවත් බර කරනව . නොදකින් නොදෝමකින් රටම මහ අවලකට ඇද දාන මුං හැඳි ගෑවෙලාවත් යන්නෙ නැති හැටි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  9. කොහොමටත් සෙක්ස් කියන වචනේ වැඩිපුරම හොයපු රටක් විදිහට මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න වෙනවා ඉස්සරහට. හැම මිනිහෙක් ඇතුලෙම අරවින්ද කෙනෙක් ඉන්නවා අඩු හෝ වැඩි වශයෙන්. මනා හික්මීම හා ආගම දහමින් මිනිස්සු ඈත් වීම මේ දේවල් වලට ගොඩක් බලපානවා. ගමක් නගරයක් විදිහට ගත්තාම හවස පන්සලට ගිහින් බන පදයක් අහන්නේ ප්‍රතිශතයක් වශයෙන් කීයෙන් කීයක්ද? ඉතින් මේ දේවල් වලට මුල අපේ මිනිස්සුන්ගේ ආකල්පමය වශයෙන් තියෙන දුප්පත්කම. උදේ හවස බණ ඇහුවට වැඩක් නෑ පන්සිල් පද පහ කඩනවා නම්. මේක මුල ඉඳන්ම මොන්ටිසෝරියේ ඉඳන්ම හදන්න ඕන නියම ක්‍රම වේදයක් ඇතුවම. හදන්නේ කොහොමද ඉතින් පාලකයෝ මේ හැම ජුගුප්සාජනක ක්‍රියාවකම පිටිපස්සේ ඉඳන් ඒ දේවල් කරද්දී...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  10. හැබෑව නේන්නම් ලංකාව සම්බන්ධයෙන් එහෙම වාර්තාවකුත් තියන බව මට අමතක වෙලා තිබුණෙ.

    ReplyDelete
    Replies
    1. අවාට ස්තුතියි රතී. මුල ඉඳලම හදන්න වෙලා තියෙන්නේ නේද මැදින් අල්ලගෙන පැලැස්තර දාල නම් ගොඩ යන එකක් නෑ.

      Delete