කාන්තා දිනය
අද දවසට අපේ දවසය කිව්වෙ කාන්තා දිනය විදිහට වෙන් කරල තියන
හින්දයි. “අම්මා“ පදවිය ලබා ඇත්තේ කාන්තාවකි. ඇය සොයමින් ඇවිද ගියෙමි. අප්‍රකට චිත්‍රශිල්පියෙක් වුවත් දයානන්ද වික්‍රමසිංහයන් මසිත සටහන් වී ඇත්තේ බිම හිඳ ගෙන, කුණු බක්කියකට හේත්තු වී පිටට වාරු ගෙන දරුවාට මව් කිරි දෙන කාන්තා රුවක් සිත්තමට නගා තිබෙනු දැකීමෙනි. එය නම් කර තිබුණේ “කුණු බාල්දියට පිට දී බුදු බව පැතීම” වගේ වැකි පෙළක් බවයි මතකය.

තවත් වෙනස්ම අම්මාවරුන් රාශියක් ලාංකීය
පැරණි සමාජයේ සෑම පෙදෙසකම හමුවේ. ඔවුහු අදත් වැඳුම් පිදුම් ලබති. ප්‍රධාන වශයෙන් අම්මාවරු හත්දෙනෙකි. කිරි අම්මා
දානය ට වැඩමවන්නේ හත්දෙනෙකි. තවත් විටෙක සත් පත්තිනි හා දොලොස්
පත්තිනි වශයෙන් ද පිදුම් ලබන්නීය. මුළු රටපුරාම තම අසීමිත බලය එකසේ පතුරවන දෙවියන් වන්නේ පත්තිනි අම්මා දෙවියන් ය. ඒ කාන්තා දෙවි කෙනෙකි. ඊට සම කළ හැකි පිරිමි දෙවිකෙනෙකු ලංකා සමාජයේ හමු නොවේ. දෙවි වරුන් අතර සම තැනක් නොව අතිවිශේෂ තැනක් ඇය ලබා තිබිණි.

අපේ රටේ කාන්තා අයිතිවාසිකම්.
ලාංකික කාන්තාවෝ සමතැන් ඉල්ලති. තමන්ට කාන්තා
අයිතීන් නැතැයි අරගලයට සැරසෙමින් ඉල්ලා උද්ඝෝෂණ කරති. මේ ලාංකික කාන්තා හඬතුළ ක්‍රියාත්මක
වන ඇතැම් දෑ අතර තෝරාගන්නට අපහසු තැන් රාශියකි. කාන්තා අයිතීන් ඉල්ලීම
සංවිධානය කරන්නවුන් එය එක්තරා මෝස්තරයක්, බඩවඩා ගැනීමක් බවට පත්කරගෙන වැජඹෙති. මේ ලංකා කාන්තා ව්‍යාපාරය බොහෝ තැනක මා අත්දුටු ස්වභාවයයි. යෙහෙලියකගෙන් මටද ඇරයුමක් පැමිණ ඇත.
සංවිධානය කරන්නවුන් එය එක්තරා මෝස්තරයක්, බඩවඩා ගැනීමක් බවට පත්කරගෙන වැජඹෙති. මේ ලංකා කාන්තා ව්‍යාපාරය බොහෝ තැනක මා අත්දුටු ස්වභාවයයි. යෙහෙලියකගෙන් මටද ඇරයුමක් පැමිණ ඇත.
ආතා මොකක්ද හිතන්නේ කාන්තා අයිතින් ඉල්ලීම ගැන ?
“ඒක හරියටම
හාමුදුරුවරු ඡන්දෙට ඇවිත් තමන්ට බලය ඉල්ලනවා වගේ”
ඔන්න එකවරටම කිව්ව දේ.
ඒ උපමාව
පැහැදිලි මදි නේ !
හොඳයි අහගනිං හාමුදරුවො කියන්නේ ගිහි අපට ඉහළින් ඉන්න පිරිසක් ! සිවුරත් ඇඳගෙන ඡන්දෙට ආවා කියන්නේ විහින් පහළට ඇද
වැටීමක් නෙවෙයි ද, මෙතෙක් තිබ්බ ගෞරවය නැති කර
ගැනීමක් නෙවෙයි ද?
ලංකාවෙ ගෑණු උඹලත් එහෙම තමා. සමාජෙ ඉන්නෙ බොහොම විශේෂ තැනක ! ඒක උඹලටත් අමතක වෙලා. මේ බලාපං ගෙදෙද්දි අම්මා කාටත් ප්‍රධානිය. එයාතමයි අපි ඔක්කොටම අණ
දෙන්නෙ, පාලනය කරන්නෙ. හොඳයි බොරුද කියාපං. අම්ම ගෙදර නැති වෙලාවට උඹත් ඒකට
ලැහැත්තිවෙන්නෙ නැද්ද කියාපං.
"උඹලගේ අම්මත් කාන්තා සංවිධානෙකට ගිහින් ආවට
පස්සෙ මම කිව්ව ඇත්ත තමයි දුවේ කාන්තාවන්ට
සමතැන් දෙන්න ඕන. ඔය තැං තැංවල තියන කාන්තාවන්ට පමණයි කියන බෝඩ් ගලවල දාන්න ඕන කියල"
ඉතාම අර්ථවත් වැඩ සටහන් වෙනත් රටවල තිබියදී අපේ රටේ අපි කරන්නේ කුමණාකාරයෙන් අර්ථවත් දෑද යන්න නැවත බැලිය යුතු බවක් නොපෙනේ ද ?
ඉතාම අර්ථවත් වැඩ සටහන් වෙනත් රටවල තිබියදී අපේ රටේ අපි කරන්නේ කුමණාකාරයෙන් අර්ථවත් දෑද යන්න නැවත බැලිය යුතු බවක් නොපෙනේ ද ?
මේ විදිහට ගියොත් අනාගත සන්නස්ගල ලා
අම්මා මොන විදිහට හැඩ ගන්වාවිද ? නොදන්නා අතීතයක නොදන්නා කලා කරුවා නිම කළ පල්ලියේ දේවමාතාව දේවාලයේ පත්තිනි මාතාව තුළින් පිළිබිඹු කරන්නට තැත්කළ අසිරිමත්
කාන්තා සංකල්පය.....?
ගූගල් විසින් අද පළ කර ඇති රූ සටහන එහෙමම ගත්තා අනෙක් පින්තූර ඔක්කොම ගත්තේත් අන්තර්ජාලයෙන්. අන්තර්ජාලයට ගොඩක් ස්තුතියි.
ගූගල් විසින් අද පළ කර ඇති රූ සටහන එහෙමම ගත්තා අනෙක් පින්තූර ඔක්කොම ගත්තේත් අන්තර්ජාලයෙන්. අන්තර්ජාලයට ගොඩක් ස්තුතියි.