Saturday, February 7, 2015

බැණුම් අහමින් ආත කිව්ව කතාව

ඔන්න පුතේ උපහැරණයක් 


අපේ ආතත් හොඳ විචාරකයෙක්. හිටපු ගමන් පුදුම දේවල් කියනවා.මේක  කතාවකට වඩා උපහැරණයක් කිලයි කතාව ඉවර කරල හදුන්වා දුන්නෙ.  "උපහැරණයක්" කියල ආත අදහස්කලේ මොකද්ද දන්නෑ. ආතට ගරු කරන්න ඕන නිසා ඒක අවධාරණය වෙන්න ඇරිය. වයස හින්දද කොහෙද කතාවෙ ගැලපුම් එච්චර හරි නෑ. ටිකක් දුර එකක් කියාගන ඇවිල්ල තව පැත්තකට හරෙනව.මගේ චූර්නිකාව නවත්තල ආත කියාපු කතාව බලන්න කො.


ඔන්න අපේ මහින්ද මහත්තයට වෙච්ච දේ බලාගනිල්ලකො.මහින්ද මහත්තය ලොකු අවදානමක් ඇවිත් තියෙද්දි හිටි පියවරම හිටිය. ඒ හින්ද ජාමේ බේරුනා කියලයි මට හිතෙන්නෙ. මුල අල්ලන්න පරමාද උනත් පස්සෙ ඉදිරියට තිවුව අඩිය පස්සට ගත්තෙ නෑ. බැරිවලාවත් අඩිය බුරුල් කළා නං අපි ඔක්කොම සුන්  !
අනේ ඊට පස්සෙ උන දේ මහින් මහත්තයව මුරුංග ගහේ කොලිස්සටම  නග්ග වන්න වටේ හිටපු නරි රැලට පුළුවන් උනා නෙව.

මොනවද තාත්තෙ  මේ කියවන්නෙ ? තාත්ත කේන්තියෙ කෑ ගැහව්ව.

මගේ කට කහනව බොල. ඒකයි. මා දෙසට හැරුන ආතා උඹත් විස්ස විජ්ජාලෙ ගියාට මේව කල්පනා කොරාද මන්දන් නෑ. මම කිව්වෙ මට හිතුන පෙනුන දේ. මම ආතත් එක්ක රහසින් කාතාකළා. අනේ ආත කියන්න ආපු කතාව  කියන්න මම කිව්ව.
උඹ ඉස්කෝල යද්දි අපි හිටියෙ පිච්චි පිච්චි. යුද්දෙ දිනුවට පස්සෙ මහින්ද මහත්තයට මුළු රටම ආදරේ කරපු හින්ද තමයි මිනිස්සු උඩිම්ම දිනෙව්වෙ.  ඒ වුනාට එහෙම දිනුවෙ අපි හින්ද නෙමෙයි.  තමන් නිසා කියල වට වෙලා  හිටපු නරි රංචුව කියන්න ඇති. ඒ හින්ද තමයි පස්සෙ උන්ට රැවටෙන්නඩ උනේ. මුරුංග ගහට නග්ගල අතුහෙලවෙන කොට වැටෙන කරල් ටික වටේ හිටපු නරි අහුල ගත්ත. ගහේ අතු පිටින් කඩා දාන්න බිම ඉඳගෙන බල කළා. උන්නැහැ සමහර අතු කඩා දැම්ම. ගහට මුක්කු තියාගෙන කීප දෙනෙක් හිටියත් උන්ට කරල් අහුල ගන්න බැරිවුනා. වටේ හිටපු නරි රැල බිමට දැම්ම අතුවලත් කරල් කඩාගත්තේ හූ තිය තියා. උන් කලාතුරකින්වත් අපි වගේ මිනිස්සු ඉදිරියට ආවෙ හතුරො ගාවට එනව වගේ වටේට මුරකාවල් දාගෙන. පස්සෙ මුක්කු අල්ලගෙන හිටපු අයට ඒ වදේ එපා උනා. ඒ අය කොච්චර කිව්වත් මහින්ද මහත්තයට ඇහුනෙ අරුංගෙ වරුනාව විතරයි ගහ මුදුනටම නග්ගෝල මහ අත්ත බිඳෙන කොට නරි රැල පැනල යන්න උනා.
ඒ හැටි ඉගෙන නොගත්තත් ආතා කිව්වෙ හරි ගැඹුරු කතාවක් නේද කියල මට කල්පනා වෙනවා.

  • ආතා කොලිස්ස කිව්වෙ ගහක මුදුනට 

6 comments:

  1. කතාවනම් සහතික ඇත්ත.. අතු කඩන් වැටෙද්දී මෙහෙ දුවන අය දුවලත් ඉවරයි..

    අදයි මේ පැත්තට ගොඩ වුනේ..

    ReplyDelete
  2. මා වගේම බ්ලොග් එකත් අලුත් ස්තුතියි දිනේෂ් ගේ අදහස් දැක්වීමට

    ReplyDelete
  3. දුවපු නරි රැල අයිත බලන් ඉන්නවා වාසියක් එනකන්.. සමහරු නම් වට්ටපු මාමි දිහත් බලන් ඉන්නවා නැගිටලා එයි කියල .

    ReplyDelete
  4. මේ කොමෙන්ටුව ආතට කිව්ව ආත කිව්වෙ ඒක නං සහතික ඇත්ත කියලයි.

    ReplyDelete
  5. ඒතකොට මාමාගෙ ඔඩොක්කුවෙ සියඹලා තිබිලම නැද්ද?

    ReplyDelete
  6. ඔන්න ඩ්‍රැකී වැරදි කතාවක් කිව්වා කියලයි අතා උත්තර බැන්දෙ

    ReplyDelete