Saturday, March 7, 2015

අද අපේ දවසයි

කාන්තා දිනය

අද දවසට අපේ දවසය කිව්වෙ කාන්තා දිනය විදිහට වෙන් කරල තියන
හින්දයි. “අම්මා“ පදවිය ලබා ඇත්තේ කාන්තාවකි. ඇය සොයමින් ඇවිද ගියෙමි.  අප්‍රකට චිත්‍රශිල්පියෙක් වුවත් දයානන්ද වික්‍රමසිංහයන් මසිත සටහන් වී ඇත්තේ බිම හිඳ ගෙන, කුණු බක්කියකට හේත්තු වී පිටට වාරු ගෙන දරුවාට මව් කිරි දෙන කාන්තා රුවක් සිත්තමට නගා තිබෙනු දැකීමෙනි. එය නම් කර තිබුණේ   කුණු බාල්දියට පිට දී බුදු බව පැතීමවගේ වැකි පෙළක්  බවයි මතකය.  

ගෝර්කි  පෙන්වා දුන් අම්මා, සන්නස්ගලයන්ගේ අම්මා, නැපෝලියන්ගේ අම්මා වැනි අනේකවිධ අම්මාවරුන් හමු විය. කිතුතුමන්ගේ මව මෙන්ම සිදුහත් මව ද දිටිමි.
තවත් වෙනස්ම අම්මාවරුන් රාශියක් ලාංකීය පැරණි සමාජයේ සෑම පෙදෙසකම හමුවේ. ඔවුහු අදත් වැඳුම් පිදුම් ලබති. ප්‍රධාන වශයෙන් අම්මාවරු හත්දෙනෙකි. කිරි අම්මා දානය ට වැඩමවන්නේ හත්දෙනෙකි. තවත් විටෙක සත් පත්තිනි හා දොලොස්
පත්තිනි වශයෙන් ද පිදුම් ලබන්නීය. මුළු රටපුරාම තම අසීමිත බලය එකසේ පතුරවන දෙවියන්  වන්නේ පත්තිනි අම්මා දෙවියන් ය. ඒ කාන්තා දෙවි කෙනෙකි. ඊට සම කළ හැකි පිරිමි දෙවිකෙනෙකු ලංකා සමාජයේ හමු නොවේ. දෙවි වරුන් අතර සම තැනක් නොව අතිවිශේෂ තැනක් ඇය ලබා තිබිණි.

අපේ රටේ කාන්තා අයිතිවාසිකම්.

ලාංකික කාන්තාවෝ සමතැන් ඉල්ලති. තමන්ට කාන්තා අයිතීන් නැතැයි අරගලයට සැරසෙමින් ඉල්ලා උද්ඝෝෂණ කරති. මේ ලාංකික කාන්තා හඬතුළ ක්‍රියාත්මක වන ඇතැම් දෑ අතර තෝරාගන්නට අපහසු තැන් රාශියකි. කාන්තා අයිතීන් ඉල්ලීම
සංවිධානය කරන්නවුන් එය එක්තරා මෝස්තරයක්, බඩවඩා ගැනීමක් බවට පත්කරගෙන වැජඹෙති. මේ ලංකා කාන්තා ව්‍යාපාරය බොහෝ තැනක මා අත්දුටු  ස්වභාවයයි. යෙහෙලියකගෙන් මටද ඇරයුමක් පැමිණ ඇත.
ආතා මොකක්ද හිතන්නේ කාන්තා අයිතින් ඉල්ලීම  ගැන ?
ඒක හරියටම හාමුදුරුවරු ඡන්දෙට ඇවිත් තමන්ට බලය ඉල්ලනවා වගේ ඔන්න  එකවරටම කිව්ව දේ.
ඒ උපමාව  පැහැදිලි මදි නේ !
හොඳයි අහගනිං හාමුදරුවො කියන්නේ ගිහි අපට ඉහළින් ඉන්න පිරිසක් ! සිවුරත් ඇඳගෙන ඡන්දෙට ආවා කියන්නේ විහින් පහළට ඇද වැටීමක් නෙවෙයි ද, මෙතෙක්  තිබ්බ ගෞරවය නැති කර ගැනීමක් නෙවෙයි ද?
ලංකාවෙ ගෑණු උඹලත් එහෙම තමා. සමාජෙ ඉන්නෙ බොහොම විශේෂ තැනක ! ඒක උඹලටත් අමතක වෙලා. මේ බලාපං ගෙදෙද්දි අම්මා කාටත් ප්‍රධානිය. එයාතමයි අපි ඔක්කොටම අණ දෙන්නෙ, පාලනය කරන්නෙ. හොඳයි බොරුද කියාපං. අම්ම ගෙදර නැති වෙලාවට උඹත් ඒකට ලැහැත්තිවෙන්නෙ නැද්ද කියාපං.
"උඹලගේ අම්මත් කාන්තා සංවිධානෙකට ගිහින් ආවට පස්සෙ මම  කිව්ව ඇත්ත තමයි දුවේ කාන්තාවන්ට සමතැන් දෙන්න ඕන. ඔය තැං තැංවල තියන කාන්තාවන්ට පමණයි කියන බෝඩ් ගලවල දාන්න ඕන කියල"

ඉතාම අර්ථවත් වැඩ සටහන් වෙනත් රටවල තිබියදී අපේ රටේ අපි කරන්නේ කුමණාකාරයෙන් අර්ථවත් දෑද යන්න නැවත බැලිය යුතු බවක් නොපෙනේ ද ?


මේ විදිහට ගියොත් අනාගත සන්නස්ගල ලා අම්මා මොන විදිහට හැඩ ගන්වාවිද ? නොදන්නා අතීතයක නොදන්නා කලා කරුවා නිම කළ පල්ලියේ දේවමාතාව දේවාලයේ පත්තිනි මාතාව තුළින් පිළිබිඹු කරන්නට තැත්කළ අසිරිමත් කාන්තා සංකල්පය.....?

ගූගල් විසින් අද පළ කර ඇති රූ සටහන එහෙමම ගත්තා අනෙක් පින්තූර ඔක්කොම ගත්තේත් අන්තර්ජාලයෙන්. අන්තර්ජාලයට ගොඩක් ස්තුතියි. 

12 comments:

  1. සාරිකා,මුලින්ම ලිපිය ගැන නෙමෙයි.අහල තියන කතාවක් කියන්නම්.මේ රටේ දේව මාතා පල්ලි තියන සෑම තැනකම පාහේ ඉස්සර තිබිල තියෙන්නේ මහායාන සම්ප්‍රධායට අනූව ඇතිවුන "මවු දෙවඟන " ඇදහීමේ පූජනීය ස්ථානයි.ඒ කාලේ මුහුදුබඩ පළාත්වල මහායාන බුදුදහම පැතිරිලා තිබුනා.රටට ආපු විදේශ ආක්‍රමනිකයෝ කලේ එම ස්ථානවලින් මවු දෙවඟන ඉවත්කරලා එතනට දේව මෑණියන් ආදේශකිරීම.සමහර අය කියන විදිහටනම් ඔය මවු දෙවඟනටම තමයි තාරා දේවිය කියල කියන්නේ.

    කාන්තාවන්ට අඩු සැලකීම කියන දේනම් මම දකින විදිහට මියයමින් තියන සම්ප්‍රධායක්.තව පරම්පරා 2න් ඔය ඉතුරුවෙලා තියන නටඹුන් ටිකත් වැළලිලා යයි.ඒත් ඔය සමතැන ඉල්ලන රැඩිකල් කියල කියාගන්න අයගෙන්නම් ලොකු විනාශයක් වෙනවා.ඒ අය දැන හෝ නොදැන අභියෝගයට ලක්කරන්නේ මේ රටේ මාතෘත්වය කියලයි මමනම් හිතන්නේ.මේ රටේ තාමත් ඉතිරිවෙලා තියන මාතෘමූලික සමාජය නැතිවුනොත්නම් ගෑණු හෝ වේවා පිරිමි හෝ වේවා ලොකු අවුලක හිරවේවි.

    ReplyDelete
  2. කටුසු හදවතට මාත් එකතු වෙනවා. මෙහි දේවන ඡෙදයේ පවසන දේම වෙනත් තාලයකින් ඔබත් පවසන්නට උත්සාහ ගෙන ඇති බවක් පෙනී යනවා.

    ReplyDelete
  3. කාන්තා දිනය වෙනුවෙන් ලියැවුණු මට කියවන්නට ලැබුණු ඒකම ලිපිය..... ඒ තරම්ම මේක මිනිස්සුන්ට අමතක වෙලාද???

    ReplyDelete
  4. මට කාන්තා දින සැමරුමක යන්න උනේ යාළුවා සනසන්නයි. ඒ වගේම මුන් කරන දේවල කිසියම් තේරුමක් තියනව ද බලන්නයි. ඒ හින්ද කටුසු හදවතෙන් ලැබූ දැනුමයි මගේ වටිනා ගුරුවරයකුයි, කුරුටු ගෑ ගී පවුරේ සහෝදර පිරිසයි දකින්න ලැබුණෙ දැන්.
    ලංකාවේ ඔනෑම කෙනකුට “අම්මා“ යයි නොකියවෙන දවසක් තියනවද තම නැගනිය වෙනුවෙන් වෙහෙසෙන අයියලා කී දෙනකු රටේ වෙද්ද තම අක්කා වෙනුවෙන් මහත් කැප කිරීම් කරන මල්ලිලා මම දැක තියනවා. දුව තමන් සතු සාඩම්බර වස්තුව විදිහට සලකන තාත්තලා කෙතරම්ද මේවගේ ධනාත්මක තත්ත්වයන් දකින්න හිතන්න අපේ කාන්තා පරපුරට හැකි වන්නේ කවදාද යන පැනය නැගපු හින්ද මම රැවුම් වලට ලක්වෙලයි එතනින් ආවේ.
    කටුසු කිව්ව විස්තරේ මට දකින්න ලැබුණ නම් මීටත් වඩා සාරවත් දේවල් කියන්න තිබුණා කටුසුට ගොඩක් තුති මේ ගැන සිතුවාට වගේම සටහනක් තැබුවටත් මා දිරි ගැන්වූ ගුරුතුමාටත් කුරුටු ගෑ ගී පවුරටත් තුති.

    ReplyDelete
  5. මේ ස්ත්‍රීවාදීන් පුරුෂ විරෝධීන් බවට සැකයක් නැහැ. මොවුන් මේ තත්වයට පත්වී ඇත්තේ යම් මානසික රෝගී තත්වයන් නිසා විය හැකියි. නමුත් ඔවුන් ගෙ අරමුණ අපේ සමාජය සී සී කඩ විසුරුවා හැරීමයි. පොදු බව ඉවත් කර පුද්ගලික ආත්මාර්ථකාමී සමාජයක් බිහිකිරීමයි.මා හිතන්නෙ ස්ත්‍රීවාදය තමා මානව සංහතියෙ විනාශය. ස්ත්‍රීන් පිරිමින් කරන්න යාමෙන් ස්ත්‍රීත්වය හා මාතෲත්වය අහිමිවෙනවා. සමලිංගිකයන්ගෙ , පොන්නයන්ගෙ , පරපීඩක ගෑනුන්ගෙ මෙන්ම ස්වපීඩක පිරිමින්ගෙ විකෘති සමාජයක් බිහිවෙනවා.

    - මීට කිසිවෙක් නැහැ

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ බොහොම බරටම ජයවේවා. හොඳ සංවාදයකට මුල පිරෙනවා ඔබේ වැනි අදහස් දැක්වීම් වලින්.

      Delete
  6. පිරිමියා පිරිමියා විදිහටත් ගැහැණිය ගැහැණිය විදිහටත් සමාජයේ එකිනෙකාට ගරු කරමින් ජිවත් වෙනවනම් මේ එන් ජි ඕ කාක්කන්ගේ රුකඩ වෙලා නටන්න ඕනේ නැ.. ඒ ජරාව අපේ රටට ඕනෙත් නැ.. හැබැයි රටේ නිතිය හරි විදිහට ක්‍රියාත්මක විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට මගේ ආචාරය

      Delete
  7. අනේ මන්දා මට තේරෙන්නේ නැ අප්පා

    ReplyDelete
  8. තමන් කාන්තාවක් වීමේ විශේෂත්වය හා අභිමානය කාන්තාව විසින් තේරුම් ගෙන සිටින බවක් පෙනෙනවාද අටම් පහුරට

    ReplyDelete
  9. මට අමතක නොවන දිනයක් Босмоба марта

    ReplyDelete
  10. ඒක නේ. අපට උන්මත්තක කියන්නෙ

    ReplyDelete