Saturday, May 2, 2015

ඔන්න කොල්ලනේ කෙල්ලන‍ේ පොරජාතන්තර වාදය

දැංවත් තේරුං ගන්ඩ බලාපල්ල

ඊයේ සිරස රූපවාහිනියෙ තිබුණ සටන සංවාදය දිහා බලාගෙන හිටියෙ ආතා විතරයි.  ආත ඒ වැඩසටහනෙන්  කියාදුන්න පාඩම ගැන කෙටියෙන් කිව්වෙ ඔච්චරයි.
අහනකොට ඔච්චර දෙයක් තේරෙන්නේ නැද්ද කිය කියා බැන බැන විස්තර කියාදුන්නේ මෙන්න මෙහෙමයි 
ලංකාවට හොඳම මැතිවරණ ක්‍රමය වඩාම සුදුසුම විදිහ මේ තියන විදිහමයි. ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නෙ ඒ විදිහෙන්මයි කියල ආපු පණ්ඩිත දේශපාලකයො හතර දෙනාම පෙන්නල දුන්න. 
නරක මිනිස්සු කවුන්සලේට ආවෙ පක්ෂ නායකයො ඒවගේ අය ලැයිස්තුවට දාපු හින් දයි අපි චන්දේ දුන්න හින්දයි. 
ඒ හින්ද අපිට (මහජනයාට) තමයි මෙච්චර කල් සිද්ද වෙච්ච ඔක්කොම වැරදි වලට වග කියන්න වෙලා තියෙන්නෙ. උසාවියට ගෙනියනව නං අපිවයි ගෙනියන්න ඕන.
මීට පස්සෙ ඒ ගොල්ලන්ගෙ(ආපු හරතර දෙනාගෙ) පක්ෂ නායකයන්ට බල කරන්නලු එහෙම අයට නාම යෝජනා දෙන්න එපා කියල. බැරිවෙලා හරි එහෙම අයට නාම යෝජනා දීල තිබුණොත් ඒය මගෑරල මනාප දෙන්න ලු 
එතකොට ඔක්කොම හරි යාවි. දැංවත් තේරුනාද ?


17 comments:

  1. කතාවත් ඇත්ත තමා එක අතකට නේද
    අපිනෙ ඔය බල්ලන්ට රැවටෙන්නෙ
    හැබැයි අලුත් කෙරෙමෙට ඔය පුරස්නෙ එච්චර බලපාන්නෙ නෑ. 30 % ක්ද කොහෙද පත්කරන්නෙ මහජන ඡන්දෙන් නොවෙයි. 250 ත් පන්නනවලු .නරක නෑනෙ

    ReplyDelete
    Replies
    1. අලුත් කරමෙට බාලගිරි දෝසෙ වගේ. ඊළඟ වතාවට තුනෙන් දෙක නෑ කියල මගෑරිලා ගියොත් ?

      Delete
  2. රටේ මිනිස්සුන්ට ඔලුවක් තියෙනවා නම් ඔය කියන ඒකෙක්වත් පක්ෂ නායකයෙක්වත් වෙයිද??? ඒක පාරක් පාර්ලිමේන්තු ගිය ඒකෙක්වත් අායෙම යවයිද???? ගම්පහින් ලිස්ට් ඒකට අැවිත් වැඩිම ඡන්ද අරන් අනික් පැත්තට පනින්න පබා පළවෙනියා කරලා පාර්ලිමේන්තු යවයිද??? වෙන ඒකක් තියා දැන් උන්නද මලාද නැති අාචාර්ය අැමතියාට කතිරයක් ගහයිද???? අනේ රටේ උන්ගේ මොලය නම්...... හරියට මොළයක් තියෙන රට්ටු හිටියානම් ඔය අාපු හතරදෙනාගෙන් ඒකෙක්වත් ඔතනටවත් ඒයිද?????? අනේ මගේ කට...........

    ReplyDelete
    Replies
    1. පබාගේ නම් කදවත් බල බල ඉන්ඩ ජන්දේ දුන්නා කියන්ඩ පුවවන්...ඒත් අර අනික් හාල්පාරුවන්ට මිනිස්සු ජන්දේ දුන්නේ මොකටද?/

      Delete
    2. රටේ බහුතරය මෝඩයෝ නම් බහුතරයේ කැමැත්ත කියන්නෙ මෝඩයාගෙ කැමැත්ත නේ. එහෙනං ඉතින් ක්‍රියාත්මක වෙන්නෙ මෝඩයාගෙ මතය නේද කුරුටු ? රූපෙ කිව්ව වගේ පබාට දුන්න එකේ තේරුමක් තියනව. අනික් එවුන්ට දුන්නෙ අපි මෝඩයො නිසා

      Delete
  3. දැන් ඇති ක්‍රමයේ වැරැද්ද කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. කණිෂ්ක කියන්න වගේ අපේ ආත මොනව කිව්වත් මටත් දැන් තියන කරමේ තමයි හොඳ කියල ඇඟ බේරගන්න ව් ඕන.

      Delete
  4. මේවා ඔක්කෝම විහිළුවක්....එක එක බලු දේශපාලකයින්ට කඩේ යන උන් හින්දා තමා රට විනාස වෙන්නේ.....
    ජන්දේ නොදීම තමා හොදම විදිය...

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද රූපේ ; අපි කාටවත් චන්දේ නොදී හිටිය කියමුකො. එතකොට දහපාලොස් දෙනෙක් හරි චන්දේ දීල මුන්ව යවාවි. මං හිතන්නෙ චන්දෙ නොදී ඉන්න ගිහින් පහුගිය කාලෙ යාපනේ මිනිස්සු හොඳ පාඩමක් ඉගෙන ගත්තා . හතරපස්දෙනකුගේ චන්දෙ අරන් මන්ත්‍රීවරු විදිහට පාර්ලිමේන්තුවට ඇවිත් වරප්‍රසාදවලින් වැජඹිලා ඒ මිනිස්සුන්ට කොකා පෙන්නපු අය සම්බන්ධ කතා මගේ දෙමළ මිතුරියක් විස්තරකළා. ඉතින් රූපෙ චන්දෙ නොදී හිටිය කියල අපට වෙන සෙතකුත් නෑ නේද ?

      Delete
  5. කතාව ඇත්ත.. කවුරු කොහොම ඉල්ලුවත් තෝරලා බේරලා ඡන්දේ දෙන්න අපි දැන ගන්න ඕන..

    ReplyDelete
  6. තෝරලා බේරලා හොයාගන්න එක නේ පුරස්නෙ දින්ශ්.

    ReplyDelete
  7. හැබැයි දැන් තරුණ පරම්පරාව දෙයක් මොලේ ඇතුව කරනවා කියල හිතෙනවා. එක නිසා දේසපාලුවන්ට උන්ගේ ගොන් පාට් වලින් මිනිස්සු රවට්ටන්න බැරි කාලයක් එනවා කියල පෙනෙනවා. එක සුබ ලකුණක්.

    ReplyDelete
    Replies
    1. තරුණ පරපුර මොලේ ඇතිව වැඩ කරවා කිව්වට මම නම් එක ඒ තරම් විශ්වාස කරන්නේ නැහැ. කීප දෙනෙක් එහෙම කරනවා ඇති. වැඩි දෙනෙක් පරණ විදිහටම මෝඩයෝ වගේ ඡන්දේ දානවා.අනෙක් අතීතය ගැන අත්දැකීම් නැහැ.

      Delete
  8. තරුණ පරම්පරාව මොළේ ඇතුව හිතන බව ඔප්පු වෙලත් තියනවා. උන් කාගෙවත් ලනු ගිලගෙන ඒකටම කැපවෙලා නෑ. ඒත් අපේ ආතලා වගේ වැඩිහිටි පරපුර................... ? බහුතරය අපි ද වැඩිහිටියන්ද ! මේ පාර වදෙන් පොරෙන් හරි වෙනස් කරගත්තොත් මිසක් පස්සෙ කොහම ආණ්ඩු පක්ෂ සංයුතිය සකස්වෙයි ද යන්නයි සැකේට තියෙන්නෙ

    ReplyDelete
  9. අතිරේක කොමෙන්ටුවක් : දැනුත් ඔය වැඩසටහනේ රිපීට් එකක් ගිය මේක මාත් අතරින් පතර බැලුවා .ආතට මේ ඇවිත් තියන කොමෙන්ටු ගැනත් කිව්වා . ආත මෙන්න මෙහෙම පවසනවා. කේවල ක්‍රමය පටන්අරන් ආණ්ඩු තෝරගත්ත දා ඉඳල 1978 ව්‍යවස්ථාව වෙනස් කරන තුරු හිටපු මන්ත්‍රීවරු පිස්සු කෙලපු තරමයි. ඔය හොදම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කිව්ව සමානුපාතය අනුව පත්වෙච්ච මන්ත්‍රීවරුයි නටාපු පිස්සු කෙලපු තරමයි දෙපැත්තට දාල කිරා බලන්න. සිද්ධ වෙච්ච අපරාධ දෙපැත්තට දාල කිරල බලන්න. සිද්ධ වෙච්ච විනාසයන් දෙපැත්තට දාල කිරා බලන්න. ආත මේ අභියෝගය කරල එයා පැවසුවෙ මේ කාරණා තුනේදීම අඩු පැත්ත උනේ පරණ ක්‍රමේ බවයි. එහෙම කියල මේක දත්ත මත ගත්තු නිගමනයක් නෙවෙයි පුළුවන් නම් හොයා බලපල්ල කියල ආත නතර වුනා. මම ඒ හැටි දේශපාලන විසාරදයෙක් නෙවෙයි. මට තෝර ගන්න බෑ ඇත්තටම හරි කෝකද කියල

    ReplyDelete
  10. ඔය කියන විදිහට හැමෝම විනයානුකූල නම් නීති මොකටද ?

    ReplyDelete
  11. ඒ ක්‍රමෙ තිබුණ නීති අයින් කරපු නිසා විනය කියන එක නැත්තටම නැති වුනා ලු. නීති මගින් හෝ තිබුණ වැට කඩුලු බිඳ දැමූ ක්‍රමයක් නේද සමානුපාතයත් එක්ක ගැට ගැහුන මනාප ක්‍රමය කියල ආත අහනවා.

    ReplyDelete