Tuesday, May 12, 2015

පුරවැසි අධ්‍යාපනය කෙසේ විය යුතුද

ඉස්කෝල පොතේ නැති යහගුණ ධර්ම

ආතා හාන්සි පුටුවෙ ඉන්න ගමන් හදිස්සියෙම කතා කළා
"කෙල්ලේ මේ මං කියන ඒවා පුරවැසි පුහුණුව විෂය ගැන ඉස්කෝල පොත්වලට ඇතුළු කරල තිබුණ
නම් රටේ මෙච්චර පුරස්න ඇති වෙන්නේ නෑනේ. ඒහින්ද කියාපල්ල මේවත් ඇතුලත් කරන්න කියල"
ආත කිව්ව හෑලිටික කෙටිකරල ලියල මේව නේද ඇහුව.  තවත් ඇතුළු කරන්න දේවල තියනව නම් අනෙක් අය ලියයි ඒක හින්ද දැම්ම උඩුගන්නපං කිව්ව. මේව පුරුවැසි අධ්‍යාපනය පොත් වලට හොඳයි නේද ? ඔබේ අදහසුත් එකතු කරල පොත් ලියන මණ්ඩලේට යවන්නං ඒ හින්ද යෝජනා එවන්න. පින්තූරය ගත්තෙ අන්තර්ජාලයෙන්

  1.  දේශපාලන ලොක්කන්  සුළු සුළු  වැරදි කළාට කමක්න
  2. උගතුන්ටත් සුළු වැරදි කරන්න වරප්‍රසාද තියෙන්න ඕන.
  3.  සතොසෙන් ලක්ෂ ගාණක වුනත් බඩු ණයට ගන්න පුළුවන්. ගෙවන්න පමා වුනාට කමකුත් නෑ. 
  4. චෝදනා කරල අත්අඩංගුවට ගත්තම ලැජ්ජවෙන්න, මූණ හංගන්න ඕන නෑ.  මාංචු දාපු අත් උස්සල පෙන්නල “යහපාලනේ“ කිව්වම වීරවරයෙක් වෙනවා.
  5. මිනී මැරීම, හොරකම් කිරීම, අතයටින් ගැනීම කොන්ත්‍රාත් වලින් කොමිස් ගැනීම  කියන්නේ සූර වීර ක්‍රියාවල්. 
  6. මන්ත්‍රී කෙනෙක් වුන  එකාට  පස්වෙනි වගන්තියේ තියන දේවල් කරන්න පුළුවන් ඇමති කෙනෙක් නං ඊටත් වඩා දේවල් කරන්න පුළුවන්
  7. අඩුම ගානේ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් හරි වෙන්න බැරි කෙනෙක් මේව කළොත් ඒව හිරේ විලංගුවේ දමන්න හරි මරා දමන්න වෙන බරපතල් වැරදි.

26 comments:

  1. මේකත් දාන්න. සමාජයේ කැපී පෙනෙන ඩයල් එකක් මිනියක් මරල උනත් මතක නෑ කීවම නිදහස ලැබිය යුතුයි ;).

    ReplyDelete
    Replies
    1. ඇත්තනේන්නම් ඒකත් යෝජනාවලියට එකතුවෙනවා

      Delete
  2. සීයටත් වෙන වැඩ නෑනේ හිටං...අහින්සක බයියන්ටම තමා කතා හදන්නේ.

    ReplyDelete
    Replies
    1. එහෙනං බයියන්ට අනුකම්පා කළයුත්යි කියලත් අර පොත්වල ලියන්න කියමු

      Delete
  3. ඇයි ඔය ලොක්කන්ට, මම දන්නේ නෑ මට මතක නෑ වගේ වචන වැඩියෙන් පාවිච්චි කරන්න අයිතිවාසිකම ඇතිය කියන වගන්තිය..

    ReplyDelete
    Replies
    1. ඒක යෝජනාවක් විදිහට එකතු කළා දිනේෂ්

      Delete
  4. පොටෝ එක හොදයි පොතේ මුල් පිටුවට.. මේවා වෙන රටක පුර වැසියෝ එහෙම විය යුතු හින්ද

    1.බලය ලබා ගන්නට රට ජාතිය ආගම පාවා දෙන්න පුළුවන් විය යුතුයි.
    2.බලය තිබෙද්දී වංචා කලත් එය නොදැක්කා සේ සිටිය යුතුයි..
    3.ඕනෑම දේශපාලකයෙකු හිරේට දමන්නේ නම් සිර මැදිරිය වෙනුවට රෝහල් වාට්ටුවක් ලබා දිය යුතුයි. සෑම රෝහලකම සිර මැදිරි වාට්ටු ස්ථාපිත කල යුතුයි. (සුකොපබෝගී තත්වයෙන්)

    ReplyDelete
    Replies
    1. හරියට හරි මල් කොබා. ඒ ටික අමතක වෙලායි තිබුණේ

      Delete
  5. අනේ මංද සාරිකා ගෙ අත්තටත් හිතෙන දේවල්...
    හොදයි හොදයි...
    ඔය යෝජනා ටික අදාල තැං වලට යවහංකො
    හිහි

    ReplyDelete
    Replies
    1. දැං පේන විදිහට විෂය නිර්දේශත් වෙනස් කරන්න වෙලා. යෝජනා යවල මදි වගේ මහේෂ්. පොත් වෙනස් කරපියවු කියල උද්ඝෝෂනයක් කරන්න හිටී

      Delete
  6. සමලින්ගික සහකරුවන් හට ඇමති කම් ලබා දිය යුතුය...

    ReplyDelete
    Replies
    1. හිකිස්... අන්ලිමිටඩ් ද ?

      Delete
    2. ඒක එච්චර දැනං හිටියේ නෑ නේ.

      Delete
    3. //ඒක එච්චර දැනං හිටියේ නෑ නේ. //

      මා සිතා සිටියේ ඔබ තුමී වාසය කරන්නේ "ගල්දේව" සහ "ආප්ප දේවී" විද්යාල පිහිටා ඇති ඇතු "ගල්" පුරයේ කියා ය!

      Delete
  7. සෙවා ඉස්තානේ බයිට් පාවිච්චි කර සින්හල බොග් පවත්වාගෙන යෑමට ඉඩ දිය යුතුය

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳයි තමයි

      Delete
  8. කවුරු හරි වැරැද්දක් කරලා හිරේ ගියාම බලපුළුවන්කාරකම අනුව වැලිකඩ නොයා කොළඹ මහරෝහලේ ගෙවන වාට්ටුවකට යැවිය හැකියි.... අැම්බියුලන්ස් වලින් උසාවි ගෙන යා හැකියි

    ReplyDelete
    Replies
    1. හිරගේ සහ මහරෝහල සම්බන්ධ කරන සුඛෝපභෝගී පුල්ඔප්ෂන් ගිලන්රථ සේවාවක් ස්ථාපිත කිරීම වැදගත් කියලත් ඇත්ළු කළෑකි නේද කුරුටු

      Delete
  9. අඬන්නේ ජහමනයාය. සිනාසෙන්නේ ජහමන සේවයකාය.

    ReplyDelete
  10. උපි උඹේ බාරකාරයා මිසක් සුවාමියා නෙමයි කියලයි ජහමන සේවකයා කියන්නෙ

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. සාරිකාව ජාතික විධායක සභාවට නම් කල යුතුය..

    ReplyDelete
  13. මේ ඉන්න සභාවෙ ඩීල් කාරයො නෑ. හරි වුනත් වැරදි වුනත් යමක් හිතට එකඟව කියන පිරිසක් ඉන්නෙ බ්ලොග් ලෝකයේ විතරයි.

    ReplyDelete
    Replies
    1. හික් හික් බය උනා නේද ?

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. බය බෝයි හාන්දුරුවනේ !

    ReplyDelete