Wednesday, May 13, 2015

අනුවේදනීය ලිපියක්


අධ්‍යාපනය ගැන මට සැකයි.

පසුගිය දින කීපයේ ගිය ප්‍රවෘත්ති හමුවේ අසරණව සිටියෙමි. ප්‍රශ්න
කිරීම්වලට ලක්වන දේශපාලකයන් පවසන දේට වඩා වේදනාවක් ඇති වුනේ උගතකු ගැන කියවුන පුවතකින්. උගතුන් වැරදි කරා කියල පැමිණිලි ආවම ප්‍රශ්න කරන්නවත් හොඳ නැද්ද ? කියල මට තෝරගන්න බැරුව අන්ත අසරණියක් බවට පත් වුනා. 
හැටලක්ෂයක් යුදෙව්වන් මරා දමාපු  හිට්ලර්ගේ සිර කඳවුරකින්, යන්තමින් බේරී පැමිණියකු ලියන ලද ඉතාම අනුවේදනීය ලිපියක් තියනව.  මේ ඓතිහාසික ලිපිය බොහෝ දෙනකු දන්නා බව නිසැකැයි. ඒත් නැවතත් එය මතක් කරන්න හොඳ වෙලාවක් මේ කියල හිතුන. පහතින් උපුටා දක්වා තියෙන්නෙ එහි කොටසක්. (පින්තූරය උපුටා ගත්තෙ අන්තර්ජාලයෙන්)

"ගුරුතුමනි,
  මම
  සිරකඳවුරකින් මරණයෙන් බේරී පැමිණියෙක්මි.
  කිසිදු හෝ මිනිස් දෙනෙතකින් නොදැකිය යුතු දේ එහිදී 
  නැරඹුවෙමි.
  එහි
  මිනිසුන් මරණයට ඇද දමන
  ගෑස් කාමර මනාව තනන ලද්දේ
  උගත් ඉංජිනේරුවන් විසිනි

උගත් වෛද්‍යවරුන් විසින්
ළමයින්ට වස පොවන ලදී

  පුහුණු හෙදියන් විසින්
  ළදරුවන් මරාදමන ලදී

උපාධි ධාරී විද්‍යාර්ථීන් විසින්
කාන්තාවන් හා කුඩා දරුවන් පුළුස්සා මරන ලදී

  මේවා දුටු මම අධ්‍යාපනය ගැන සැක සංකා ඇති කර ගතිමි........."

මේ ලිපිය කියෙව්වම මගේ හිත්වේදනාව ඩිංගක් අඩු වුනා.  ඔය ලිපියට  පස්සෙවත්  අපේ අධ්‍යාපනය වෙනස් වෙලා නැති බව ඊයෙ පෙරේද  දැක්ක ප්‍රවෘත්ති අනුව තහවුරු වුනා. දැනට අඩු හිට්ලර් කෙනෙක් විතරයි  හිට්ලර් පහළ වුන ගමන් එයාට ගැලපෙන්න උගත්තු අපේ රටේ ඉන්නවා

9 comments:

  1. අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි..... අපි තාම කටපාඩම් කරලා හැම දේම කරා කියලා හිතාගෙන ඉන්න ජාතියක්

    ReplyDelete
  2. ඔබ හරියටම හරි කුරුටු සොයුරු සොයුරියනි, මානවීය බව මනුස්ස කම දියුණු වෙන් නෑති අධ්‍යාපනයකින් හඳ තරනය කරන්න පුළුවන් උනත් වැඩක් තියේ ද ? වෛද්‍යවරයා රෝගියා දිහා බලන්නෙ රුපියල් 500 කෑල්ලක් විදිහටනං.ටියුෂන් ගුරුවරයා තමන් හමුවට එන සිසුවා දකින්න‍ෙ රුපියල් 100 කෑල්ලක් විදිහට නං. බස් කොන්දොස්තර මගියාට රුපියල් 10 කෑල්ලක් කියල කියන සංස්කෘතිය හා අධ්‍යාපනය නාය ගිහිල්ල තියෙන්නෙ.

    ReplyDelete
  3. වෙනස් වෙන්න ඕන දේවල් සෑහෙන්න තිබුනත් ඒ එකක්වත් වෙනස් නොවෙන එකයි තියෙන ප්‍රශ්ණය..

    ReplyDelete
  4. ඔව් දිනේෂ් ඒක තමයි වෙලා තියෙන්නෙ

    ReplyDelete
  5. ඔව් දිනේෂ් ඒක තමයි වෙලා තියෙන්නෙ

    ReplyDelete
  6. ප්‍රශ්නෙ තියෙන්නෙ සාරිකා කියන විදියට අධ්‍යපන රටාවෙම තමා...
    ඒක නූතන ලෝකයට ගැල පෙන්නෙ නෑ.... මට හිතෙන විදියට ඒ ක්‍රමේට උගත්තු බිහි කර්න පුලුවං ඒත් බුද්ධිමතුන්ව බෑ නැත්තං බුද්දීමතුන් ට තැනක් නැ..

    ReplyDelete
  7. අධ්‍යාපන රටාව සෑහෙන්නම වගකියන්න ඕන බව තවදුරටත් තේරුම් ගියා මහේෂ්

    ReplyDelete
  8. මචං මේකෙ මූලාශ්‍රයත් කිව්වනම් හරි අගෙයි

    ReplyDelete
  9. ඉගැන්වීම පීලි බඳව ගුරුවරුන් උදෙසා ලියවෙච්ච ගොඩක් පොත්වල මේ උපුටනය දැක්වෙනවා. “ගුරුවරාය වෘත්තීය තත්තවයට පත්කීරීම“ කියන සී කාරිවසම් මහාචාර්ය තුමාගෙ (සාර ප්‍රකාශනයකි) පොතේත් මේ ලියුම උපුටා දක්වා තියනවා.

    ReplyDelete