Friday, June 12, 2015

මදෑ කොලා

කාලෙකට පස්සෙ  ආත කියවන්න ගත්ත.


‍මේක ඇතුලෙ මොනව වෙනවද මන්ද !

මේ පින්තූරය dinamina.lk එකෙන්

19 සම්මත කළා. 

හැබැයි ඒක කිරියා කරවන්නෙ නැති එකක්. ! තවම වියවස්තා සබාව පත් කරල නෑ. තටමල ඒක පත් කරගත්තත් අනික් කොමිසං පත් කරන්න ගිහින් ගහබැන ගෙන කල්දමාවි


 20 ගේනවලු. 

ඒක සම්මත කෙරුවත් කිරියා කරන්නේ මේ පාර නෙවෙයි .  ඊ ළඟ පාරලු. !!


මේ පාරත් මනාප බලුපොරේ එහෙමම තියනවලු හොඳ බුද්දිමත්තු ටිකකුයි ආචාරිය උපාධි ගත්තු ටිකකුයි රට කරවන්න ඒවි.

මට පේන්නේ දේසපාලකයො විතරක් නෙමෙයි  මාද්දිය කාරයොත්  එකතු වෙලා අපිව ගොනාට අන්දවනව වගේ. දේසපාලන වැඩසටහන් කියල ඔය රූප පෙට්ටියෙ කරන්නෙත් මාද්දිය කාරයොත් පණ්ඩිතයො හැදිල උංගෙ ඇජන්ඩාවට අපිව ගන්න හදන එක නේ. උනුත් ගහන්නේ ඩීල් එකක්. බලමුකො විසිරෙව්වම. උනුත් ඒවි මනාප පොරේට. සන්නස්ගල උන්නැහැනං දැම්මම ඇවිත්. 

ගිය වාරෙ චන්දේ දීල කසාය බීපු ගොළුවො වගේ ඉන්න හුඟක් එව්වො

මොනවත් කර කියාගන්න බැරුව විරිත්තගෙන බලා ඉන්නව .

7 comments:

  1. අපේ ආත දැන් කියවන එක අත ඇරල.. හැක්.. ඒ තරමට තිත්තයි..

    ReplyDelete
    Replies
    1. විරිත්තගෙන බලා ඉන්න එව්වො හින්ද උනුත් බයයි මුනුත් බයයි කියන එක දෙගොල්ලම බයයි කියල කිව්ව කතානායකගෙ කටේ රිදී දාන්න වටිනවලු. රත්තරන් දාන්න වටින්නෙ අනුයි මුනුයි විතරක් නෙමෙයි අරුනුත් බයයි විරිත්තගෙන ඉන්න එව්වොත් බයයි කියල සම්පූර්ණ කතාවම කිව්වනං තමයිලු.

      Delete
  2. අනේ මන්ද , බලන් ගියහම ඔක්කොම එකයි. අපිව රවට්ටන එක තමයි වැඩේ.. කව්රුත් බලේට ආවම අතාරින්න කැමති නැ. බලේට එන්න අමාරු විධි වලට කැමතිත් නැ..

    මදෑ කොලා ...

    ReplyDelete
    Replies
    1. ඔව් මල්කොබා අපිව රවට්ටන්න තමයි උනුයි මුනුයි අරුණුයි සේරගෙම කල්පනාව. උන් සේරටම රටක් කියල එකක් තියන බව අමතක වෙලා. කතාකරන්නෙම තමන්ගෙ පස්ස ගැන විතරයි. 20 න් පස්සෙට වාසිද අවාසිද කියල තෝර ගන්න බැරුව සේරම අතරමං වෙලා.

      Delete
  3. ඇත්තම කියනව නම් ඉතින් තව තව ඒව ඒවි 21,22,23........දිගටම ඒවි.....අපි ඉතින් වෙනදා වගේම මාසේ පඩිය අරගෙන ජීවිත අරගලය ගෙනියාවි.....

    ReplyDelete
  4. හරියටම හරි ප්‍රසාද්. ඉවසාගන්න බැරිව යන්නේ මුං සේරම සාමාන්‍ය මිනිසුන්ව මෝඩයො හරක් වගේ ‍හිතාගන ඉන්න එකනේ. බලන්නකො හැම පක්ෂයකම ඉන්න එව්වන්ට මිනිස්සුන්ව පේන්නෙ උන්ට කොක්ක ගහන්න පුළුවන් හරක් වගේ. කැම්පස් එකට එන අලුත් එව්වන් ගැන ඇතුලෙ ඉන්න පක්ෂ වහල්ලු හිතා ඉන්නේත් ඒ විදිහට

    ReplyDelete
  5. වැඩක් නෑ අප්පා කතා කරලා.. ඒ තරමට එපා වෙලා..

    ReplyDelete