Saturday, June 13, 2015

මං හූන කියන්නැහේ කිව්ව නෙව

මතකද උඹට

"මීට ඉස්සෙල්ල ඉඳල මුං පොරජාතන්නතරවාදෙ කොරන්න හදන හැටි කිව්ව නේද ? //මං කොරනවා// කියල තමයි ඒ කාලෙ ජේ.ආර්. ලොක්ක පටන් ගත්තෙ. එයා කොළා තමයි; ඊට පස්සෙ ඒකට මනාපෙකුත් ඈඳගෙන අනෙක් එව්වො   හොඳටම කොළා.
මේක ගත්තෙ අන්තර්ජාලය පීරලා රුවන් එම් ජයතුංගයන්ගේ ලිපියකින්

ඒ පාර නං ආතට හොඳටම තදවෙලා. එයාට ඩිමෙන්ෂියා රෝගෙ දැයි හිත දුකෙන් හිටියෙ. මෙන්න බොලේ ඉස්සර කිව්ව ඒව මතක් කරනව.ආතා කියන්නෙ මේ ලිපිය ගැන වෙන්න ඕන 

"මිනිස්සු රට ඇරල යන්න පටන් ගත්ත. ඉතිරිවෙලා ඉන්න ඉගෙන ගත්තු එව්වො මුං කාටවත් පේන්න බෑ. විස්ස විද්‍යාෙලට යන එව්වො එක්ක බද්ධ වෛරයක් තියෙන්නෙ. ඒක මතුපිටින් පෙන්නන්නැත්තෙ පෙරපසුගාමියොයි, ජෙප්පොයි. උන් අලුත් කොල්ලො කෙල්ලො වල පල්ලටම ඇද ගෙන යන්න පැලෑන් කරනව. සේරම මරාදාන්න බැරිවුනත් සේරගෙම අවරුදු තුනේ උපාධියට අවුරුදු පහක් විතර යන්ඩ වැඩ හරිගස්සනව.

පෙරපසුගාමියොත් 20 ට විරුද්ධ ලු. ජෙප්පනුත් විරුද්ද බව නොකියා කියනව. උන්ට විරුද්ධයි කියල හරි පක්ෂයි කියල හරි කෙලින් කියාගන්න බෑ. 

කොච්චර විකාර අපබ්‍රන්ස කියෙව්වත් මොකද මන්ද නලින් උන්නැහැ අද කියල තියනව 20 මේ පාරම කිරියාත්මක කරන්න කියල . බලමු කොරයිද කියල.
19 වත් 20 වත් සම්මත කොලාලු.  ඒත් කිරියාත්මක කරනවා නං බොරු! හෙට අනිද්දා ඉඳලම සල්ලි වපුරගෙන මිනී මරාගෙන අහිංසකයන්ගේ මනාපෙ ගන්න ලැහැත්ති වේවි.

මං අරයට ; අරයත් එක්ක මං ;  කියල ලයිට් කණුවක් ගානෙ මේ පැත්තෙ පෝස්ටර් අලවන්ඩ දැම්ම ම පටන් අරන් නෙවද  " 


එක අතකට අපි සේරම හරක් නෙව. ඔය මොක මොකාට හරි ගහල ආයෙත් රැවටෙන්ඩ බැරියැ.
ආත හොඳටම කලකිරිල ! අපේක්ෂා භංගවෙලා !! හීනමානෙ හින්ද හැමෝටම වෛර කරනවා !!!

9 comments:

  1. නලින් කීවත් 20 ට විරුද්ධ විය යුතුය.
    20 ට මනාප අය විසින් මනාප ක්‍රමයෙන් අපට (මනාපය ප්‍රකාශ කරන අයට) ඇති පාඩුව කුමක්දැයි කියා දෙන්නේද?

    ReplyDelete
  2. ඇ්ත නේන්නම් කණිෂ්ක අපට පාඩුවක් නෑ නේන්නම්. වියදං කරගෙන පොරකන්නෙ මනාප ඕනි අය නේ . ඒ කාලෙට පස්සෙන් යන ජහමනයාට කුඩු පැකට් එකක් නැත්නං අරක්කු අඩියක් දාල ආතල් එකක් අරගෙන බත් පැකට් එකකුත් හම්බ වෙන හින්ද ලාබයක් මිස පාඩුවක් නෑ. තරගෙට බැස්සාම සල්ලිත් බෙදනවා. තවත් තරගෙ වැඩිවුනාම තව තව දේවල් බෙදනවා. ඉතින් කොහෙන්ද පාඩුවක්. පුංචි පරහකට තියෙන්නෙ එක එකාගෙ චණ්ඩිකමේ තරගෙට බැස්සම මිනියක් දෙක් මැරෙන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. "එක එකාගෙ චණ්ඩිකමේ තරගෙට බැස්සම මිනියක් දෙක් මැරෙන එක විතරයි."
      * කොට්ඨාශ ක්‍රමය යටතේ 'චන්ඩින්' අවලංගු වන බවට හෝ 'චන්ඩි' විසින් මිනී නොමැරෙන බවට හෝ සහතිකයක් දිය හැකිද ? ඔබට ඒ සහතිකය දිය නොහැක. ඒ ඔබත් අප මෙන්ම නරඹන්නෙක් පමණක් වන නිසාය. ඔබ මනාප ක්‍රමයේ දකින 'පාඩුව' නව ක්‍රමයෙන් තුරන් නොකෙරෙන විටෙක ඔබ යෝජිත ක්‍රමය වෙනුවෙන් කඩේ යා යුත්තේ ඇයි?

      Delete
  3. ආතා අනාතයි කිචී. මැතිවරණ ක්‍රමය වෙනස්වෙන පාටක් නැති හින්ද "උඹත් දැම්ම සල්ලි තියන චණ්ඩියකුට හේත්තු වෙලා මොන උප්පරවැට්ටියකින් හරි ආත්මෙට හානි කරගන්නෙ නැතුව බේරිලා කලිසමක් හෙම ඇඳ ගෙන ගෙවල් ගානෙ යන්ඩ පටන් ගන්නිං" කියල ආත කියනව.

    ReplyDelete
  4. අවරුදු තුනේ උපාධියට අවුරුදු පහක් විතර යන්ඩ වැඩ හරිගස්සනව////
    සිරා කතාව...
    පහුගිය ආන්ඩුවෙ ඇස් බිස් උන්දැත් බාහිර උපාධි ඈයන්ට ඕම සීන් එකක් දැම්ම... ඒ මගුලෙං 2011 පටං ගත්තු උපාධි ගොමස් කඩේ තමා අදිනව විස්වාස කරපං මචං උං තමා තුන්වෙනි අවුරුද්ද ලියන්න හිතල වත් නෑ අඩු ගානෙ පටං ඇරං වත් නෑ
    සනීපයි ඕයි

    ReplyDelete
    Replies
    1. ඇස්බීස්ල ගැන කතා කරන එකත් වචන නාස්තියක් මහේෂ්

      Delete
  5. ආත කියනව නෑ "මහේෂ්ට කියන්න තිබුණෙ මුං ඔක්කොම රට කාල" කියන එක බවයි

    ReplyDelete