Tuesday, September 15, 2015

අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

මේක අධ්‍යාපනේ ද ? අද්දියාපනේ ද ?

හෝව්! හෝව් !! මේ කියන්න හදන්නෙ සුනිල් එදිරිසිංහගෙ සින්දුව ගැන නෙමෙයි. 
අද්දියාපනේ ගැන.  බැරිවෙලා හරි බලදාරියෙකුගෙ ඇහැ ගැටුනොත් පොඩ්ඩක් හිතල බලන්නෙ වත් නැතෑ. රිදෙන තැනකට රිදිච්චාවෙ කියල මේ ගැන හිතට ඇතිවන සිතිවිලි ලියන්න හිතුවා.










මිනිස් පැටවු උපදින්නෙම ඉගෙනීම මූලිකම අවශ්‍යතාවක් කර ගෙන. වෙනත් සත්තුන්ට වඩා මිනිස් පැටවු බොහොම අසරණයි. අම්මගෙ තන පුඩුවෙන් කිරි උරා බොන්නත් උගන්නන්න ඕන. ජීවිතයේ හැම දෙයක්ම, හැම පියවරක්ම උගන්වන්න ඕන. ඒ හින්ද අධ්‍යාපනය කියන්නෙ මනුස්සයන්ට කෑම බීම වගේම මූලික අවශ්‍යතාවක්. 
මිනිස් පැටවුන්ගේ ඉගෙනීමට තියන තිබහ පේනව කතා කරන්න පුළුවන් උනගමන් අහන්න පටන් ගන්න කෙලවරක් නැති ප්‍රශ්න වලින්. වැඩිහිටියන්ට කට උත්තර නැතිවෙන්නම අහන්නේ උන්ට ඉගෙන ගන්න ඕන නිසා. නිදා නොගන්න හැම වෙලේම උන් කරන්නෙ ඉගෙන ගන්න එක.

අපේ පාසල් වල දුයිෂෙන්ලා බෙහෙතකටවත් ඉන්න වද ? හරිපුදුම ඉස්කෝලෙ ඉන්න කොබයාෂිලා  ඉන්නව ද ? බොහොම ටිකක් ඉන්නවා කලාතුරකින් !  ඒත් උන් අසරණයි. !! හොඳටම අසරණයි!!! අනෙක් එව්වංගෙ උපහාසයට අපහාසයට ලක්වෙමින් ඔහේ වැඩ කරගෙන යනව. එච්චරයි ලැබෙන පඩිය ජීවත් වෙන්න මදි. ඒත් ඉන්ද්‍රඛීලයක් වගේ කෙලින් ඉන්න මේ අතලොස්ස සුනිල් එදිරිසිංහ ගායනා කරන  සින්දුව මගින් කෙරෙන්නෙ   උපහසයට ලක් කිරීමක් ද කියල මට වෙලාවකට හිතෙනවා.

ඉතිරි ගුරුවරු කියල හිතාගන ඉන්න අයගෙන් කොටසක් තමන්ගෙ  දරුවා වෙන ඉස්කෝලෙකට ගිහින් දාල, ඒක ඇරෙන වෙලාවට ළමය ගන්න හොරෙන් පැන යන හොරු ද ?  පඩිය අර ගන්න   පාසලේ ළමයි රවට්ටගෙන  කාලෙ ගෙවා දාල ටියුෂන් පාර ගහගන්න යන කලු කඩකාරයො ද ? (රහසෙන් කියන්නෙ කාටවත් කියන්න එපා ගුරුපත්වීම් ගත්තු සමහර චීවර ධාරියො බුද්ධාගමත් විකුණ ගන්න බඩුවක් හැටියට පෝස්ටරුත් ගහල විකුණ ගන්නව.)

ආයෙ පළවෙනි ඡේදයට මම යනව. ඉස්කෝලට එන ළමයි හැම වෙලේම කරන්නේ ඉගෙන ගන්න එක. මොනව මොනව හරිම ඉගෙන ගන්න එක. ගුරවරු ඉගෙන ගන්න මග පෙන්නුවොත් ජීවිතයට ඕන දේවල් ඉගෙන ගනීවි. එහෙම එකක් නැති හන්ද උන් ඉගෙන ගන්නෙ හුඟක් වෙලාවට ඕන්නැති දේවල් . පහුගිය ලිපියේ කිව්වෙ ඒ වගේ දේවල් ඉගෙන ගන්න යෙදෙන ක්‍රියාකාරකමක්. නොදන්න එකාට පුළුවන් එකා කියලදෙනව. ඕන්න ඉගෙනීම !

මේ තමයි ටික කාලයක් උගන්නන්න ගිය මට හිතුන දේ. මේක බොහොම කර්කශ විවේචනයක් වෙන්න ඇති. මට දැනට දරුවෙක් ඉන්නව නං මමවත් මේක ලියන් නෑ . හොඳ වෙලාවට මම තවම කසාද බැඳල නෑ. මම ගුරු රස්සාව අතෑරල ආවෙ මේ පෙනෙන වංචාව ඉවසගන්න බැරුව. දැං ඉතින් කොයි ඉස්කෝලෙ ද කියල අහන්න එපා කොයි එකත් ඔහොම තමයි. මොනව ද ඇහුවෙ ? ඔව් ඉන්ටනැෂනල් කියන ඒවත් එහෙමමයි.

11 comments:

  1. අපුරුම කනේ පාරක්. විනයක් නැති රටක ගුරුවරු විතරක් වෙනස් නොවේ අනේ. මෙන්න මචෝ ගුරුවරු ගැන මාත් කලකට ඉහත ලියපු සටහනක්. ගුරු ගිතයට නව අරුතක්

    ReplyDelete
  2. ඔබේ කොමෙන්ටුවට ස්තුති කරන්නටත් කලින් ඒ බැලුවා. මෙතනට එන අය ඉන්නවනම් ඒ වටිනා ලිපිය තවමත් නොබැලුව අයට බලන්නැයි මාත් ඇරයුම් කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, පිළිතුරු දානකොට රිප්ලයි බට්න් එක ඔබලා දාන්න. කමෙන්ට් එකක් විදියට දාන්න එපා.හැම කමෙන්ට් එකක් යටම තියනවා reply කියන ස්ථානය. එවිට පිළිතුර වැටෙන්නේ මේ විදියටයි.

      Delete
    2. ඔබේ උපදේශයට ස්තුතියි නලීන්. මේ පිළිතුර සටහන් කරන විදිහ හරිය කියල හිතනවා.

      Delete
    3. හරි හරි.. එක හරියට දාල තියෙනවා.. හැක හැක..

      Delete
  3. ළමයෙක් ඉස්කෝලේ දා ගන්න විඳින්න වෙන දුක දැක්කම අපරාදේ ටීචින් යන්න තිබ්බේ කියල හිතුනා පහුගිය ටිකේ.. දැන් බැලුවම එකත් ලේසි නෑ.. ටීචින් ගිය කෙනෙක් මගදී දාල ආවා කියල අහුවමද කොහෙද.. විශේෂයෙන් ඉස්තිරියාවක්.. :)

    ReplyDelete
    Replies
    1. පඩිගන්න පාසලෙන් ආවට ළමයින් දාල ආවෙනෑ. දැනුත් උන් මාව සොයා එනව දෙමාපියොත් එනව සතුටින් උගන්වනව. ඒත් පඩිගත්තු පාසලේ යහතින් ඉන්න නම් කරන්න සිද්දවෙන ආත්ම වංචාව ගැන ඇති වුනේ දරාගන්න බැරි පිළිකුලක්. කල්‍යාණ මිත්‍ර ආවට ගොඩක් ස්තුතියි.

      Delete
  4. සමහර ටීචලා ගැන නං කතා කරල වැඩක් නෑ.. ඒත් මචං දෙයක් කියන්න ඕන මමත් අවුරුදු දහතුනක් ඉගෙන ගත්ත එකෙක විදියට අපි හිටිය කාලෙ නං දැං තරං පිරිහීමක් ති්බෙ නෑ.. කොටිංම කියනව නං එයාල බැලුවෙ කෝම හරි අපිව ගොඩ යවන්න.. ඒහෙමයි කියල කවදාවත් පොතටම ඇලිල ඉන්න දුන්නෙත් නැ විශය බාහිර දේවලටත් පැන්නුව.. අපි නිතරම බාල්දි පෙරලගත්ත ඒවට ගුටි කෑව.. ඒත් මචං අදටත් අපි දැක්ක තැන කතා කරනව.. කවදාවත් දැකල නොදැක්ක වගේ ගිහිං නෑ.. ඒ ගරුත්වය තාම තියෙයි.. මංද දැං උංට ගුටි ගහන්නෙත් නෑ ගහල රස්සාව කරන්නත් බෑ... පොලිසියෙ තමා ඉන්න වෙන්නෙ
    ඊටත් දැං උං නිකංම නිකං මැෂින් අලුත් දෙයකට අලුත් විදියකට හිත්නෙම නැ... ලකුණු ලකුණු වෙල ලබ්බක් නෑ...
    යසනාත් ධම්මික බණ්ඩාර ගෙ බ්ලොග් එකේ තිබ්බ හොද කතාවත් එතුමා මූන දුන්න ඒක නං හොයංම කියවන්න වටිනව... හිටාං පුලුවං නං හොයල ලිංක් කරන්නං..

    ReplyDelete
    Replies
    1. මේකෙ මුල හරියෙ තියෙන ටික කියවල බලහං මුළු ලිපියම කියෙව්ව කියල වරදක් නැ
      http://yasanathsithuwili.blogspot.com/2015/08/blog-post_30.html

      Delete
    2. යසනාත් සිතුවිලි හි ඒ වටිනා ලිපිය කියෙව්වා. මග පෙන්වීම වෙනුවෙන් මහේෂ්ට ස්තුතියි. “ළමුන්ගෙ පැත්තෙත් කිසිම හොඳක් නෑ, කියන කාරණය එකවරටම පෙනී යන බව හැබෑව. ගුරු ගෞරවය පමණක් නෙවෙයි. දෙමාපිය ගරුත්වයත් කෙලෙසී ඇති නිසා වෙනත් වැඩිහිටියකුට තියන ගරුත්වය ගැන කවර කතාද මහේෂ්.

      මේ මම උපුටා දක්වන්නෙ 10 පන්තියේඉන්න ඤාති සොයුරුියන් වූ සිසුවියන් දෙදෙනකු අතර සාකච්ඡාවකදී අහම්බෙන් අහන්න ලැබුණ කතාවක් ,“ඒ ගොල්ල අපව හැදුව නං අපට ඕන කරන දේවල් අරන් දෙන්න ඕන. ඒක ඒගොල්ලංගෙ ඩියුටි එක“ මේ කතා කළේ ඒ දෙනො තමන්ගෙම දෙමාපියන් ගැන !.. මෙහෙම හැඩගැහුනෙ කුමණ හේතූන් නිසාද? ඇයි මෙහෙම ආකල්ප හෝදාපාළුවක් වෙලා තියෙන්නෙ ? “කවුද මේකට වගකියන්නෙ කියමින්“ යි සිතමින් වැරදිකාරයන් සොයනවාට වඩා දැන් ඉතින් මේ ඛේදවාචකය වලක්වා ගන්න කරන්න පුළුවන් මොකද්ද කියන සාකච්ඡාවට වගකිවයුතු වැඩිහිටියො, සමාජ ක්‍රියාකාරිකයො, ආගමික නායකයො සහ පාලකයො යොමුවෙන්න ඕන. අපේ රටෙි වගේම මුළු ලෝකයේමත් අවධානය යොමුවිය යුතු නොවේද.

      Delete
  5. මහේෂ් කියන දේට මාත් එකඟයි. මාත් මෙතන ඉන්නේ අවරුදු 13 ක් තිස්සෙ ලැබූ උතුම් ගුරුවරුන්ගේ උණුසම හා පෝෂණය ලැබීම ද නිසා තමයි. අපව කියවන්න උනන්දු කරපු හැටි, කියවන්න පොත් පත් සොයාදුන්න හැටි, ලියන්න පෙළඹෙව් උපක්‍රම ගැන මට හොඳටම මතකයි. තවමත් එහෙම අය ඉන්නව. මම නෑ කිව්වෙ නෑ. ඒත් කැපි පෙනෙන සෘණ පැත්ත අවධාරණය කරන්නයි ඕන උනේ. ඇත්තටම මහේෂ් අද පාසල් පද්ධතිය කිසියම් දැක්මක් තුළ මෙහෙය වෙන බවක් පේන්නෙ බොහොම අඩුවෙන් නේද ? කියල අවධාරණය කරන්නයි මට ඕන උනේ.

    ReplyDelete