Monday, September 7, 2015

මෙන්න නිකං දෙනවා

අධ්‍යාපනය උඩු යටිකුරු කරන්න වෙලා ද? 

අනේ මේකත්  අරන් යන්න කෝ ! මේ අද හදිසියේම අහන්න ලැබුණ  කතාවක්. මේ මොකද්ද ? කඩවීදියේ සාප්පුවක් ඉස්සරහ අටව ගත්ත විසිතුරු කුඩයක් යටට වෙලා ඉන්න තරුණ කොල්ලො කීපදෙනෙක් පේමන්ට් එක දිගේ එමින් යමින් සිටින කොල්ලන්ට කෙල්ලන්ට
මොකද්දෝ ඇඟේ ගහන්න හදනව.

සාප්පුව ඇතුළට ගිය අම්මා එනතුරු රැඳී සිටින තරුණියක ලෙසින් සාප්පුව ඇතුලත බලමින් මේ සිදුවන දේ නිරීක්ෂණය කරමින් හිටිය. මොකද්දෝ 
කරුමයකට මේ අය අරව මා අසළට නම් ගෙනාවෙ නෑ. එහෙම ගෙනාව නං හොඳට අහගන්න තිබුණා. අඩමානක් නෑ පාසල් ඇරුන වෙලාව නේ. මම ටීචර් කෙතනෙක් කියල අනුමාන කරපු හින්ද වෙන්න ඇති මා ළඟට නොආවෙ.
 මේ එන එන කොල්ලන් කෙල්ලන්ට දෙන්නේ සිම් එකක්. සම්පූර්ණයෙන්ම නොමිලේ. ඕන කරන්නෙ නමයි ලිපිනයයි. අයි ඩී නම්බර් එකයි විතරලු. දවස් 20 ක් යනකං නොමිලේම සම්බන්ධතාව ලැබෙනවලු.

දෙවියනේ මේ විදිහට සිම් වැහි වැහැලා. අයි ඩී ගෙනාවෙ නැති කෙනෙකුටත් අංකය දුන්නම  දෙන බව කියනව අහන්න ලැබුණා.

පෝfන් හින්ද අපේ තරුණ දරුවන්ට වෙන දේ දෙමාපියන්ට තවම පේන්නෙ නෑ. සිම් එකක් ගන්න කෙල්ලො කොල්ලො වහ වැටෙන හැටි මම දිගටම බලාගන හිටියා. පාසල් ඇරී එන ටියෂන් යමින් ඉන්න කෙල්ලො කොල්ලො සිම් ගන්නවා. ඒත් පෝfන් තියන බවක් පේන්නෙ නෑ. පාසල්වලත් පෝfන් තහනම් නිසා දෙමාපියො අරන් දෙන්නෙත් නෑ. එහෙනං ඇයි සිම් කාඩ් විතරක් ? මම තවත් හොඳින් නිරීක්ෂණය කළා. මූණ රතු කරගත් කෙල්ලෙක් යාළුවා එක්ක රහසෙන් මොනවද කියනවා. ඔන්න මට ඇහුන කොටස. 

"අනේ බං මට ඇයි සිම් ? ඇයි කෙල්ලෙ උඹට නැතුවට  ගෙදර කාට හිරි පෝfන් එකක් ඇති නේ. ඒක නිකං තියන වෙලාවක එක්කො මහ රෑට හරි පෝfන් එක අරං සිම් එක දා ගනිං. ඊට පස්සෙ කතා කරපං sms  ඇරපං. ඊට පස්සෙ මෙමරි එකෙන් සේරම මකාදාපං පෝfන් එක තිබුණ විදිහටම තියා තියපං. උඹට ඕක කරගන්න තේරෙන්නෙ නැත්නං අම්ම එක්ක හරි  අපේ දිහා වරෙං මං කියල දෙන්නං ඒක හින්ද උඹත් එකක් ගනිං"

ඔන්න වැඩේ මට තේරුනා. මේ දෙන්න 9 හරි 10 හරි ළමයි. අපේ කෙල්ලන්ට වෙමින් තියන දේ ! කවුද මේකට වග කියන්නෙ කාටද මේ ඛේදවාචකේ පේන්නෙ. අධ්‍යාපන බලධාරීන් අධ්‍යාපනය කියල කරන්නෙ මොකද්ද ? 5 පන්තියෙදි වද දීලා දිලා මේ වෙනකොට ළමයින්ට දෙමාපියො පේන්න බෑ. මේ වයස එන කොට තමන්ගෙම ළමයින්ට හුඟක් දෙමාපියො බයයි. !! ඒ ගොල්ලො හොඳටම අසරණයි. සමස්ථ අධ්‍යාපන පද්ධතිය විසින්: ඒ කියන්නෙ පාසල් වාගෙම  ටියුෂන් පන්තිවලිනුත් ළමයි ගෙනියමින් ඉන්නෙ කොහාටද ?

කාට හරි කියලා හදව ගන්න fb එකවුන්ට් එකකින් අපේ තරුණ පරපුර කරමින් ඉන්නෙ මොනවද ? අහුවෙමින් ඉන්න උගුල් මොනවද ? අමාරුවෙ වැටුන ගණන කීයක්ද ?

මට මීට වඩා දෙයක්  කියන්න නෑ. කියවන අය මොනව හරි පුංචි හඬක් නගන්නටයි මේ ඇරයුම !

දිවයින පත්තරේට අධ්‍යාපනය ගැන ලියන, prof.සෙනෙවි එපිටවත්ත වගේ කෙනකුටවත් මේ ඇති වෙමින් තියන තරුණ පරපුරේ ආකල්ප සෝදාපාළුවට පිළියමක් ගැන හිතෙන බවක් නෑ.මේ ලින්ක් බලන්නකෝ

12 comments:

  1. මේක යට ගිය දවස ෆෝන් එක ගත්ත දවසෙ මගෙ හිතට ආපු අදහසක්.

    දැන් ඉස්සර වගේ බැරිය
    ගැබිනි මවක් වෙලාය මම
    අත දරුවෙක් අතේ සේය
    ඇපල් ගෙඩිය ඇත හිස මත.

    පාර පනින්නට පෙර මම
    පාර දෙපැත්තම බලනෙමි
    ජීවිතයට වඩා වටින
    දෙයක් තිබේ සාක්කුවේ

    කෝච්චියට බෑ දුවන්න
    වැටුනොත් ඔක්කොම ඉවරයි
    ජීවිතයට වඩා වටින
    දෙයක් තිබේ සාක්කුවේ

    ReplyDelete
  2. පෝf න් නිසා වැළඳිලා තියන phobia එක ගැන කාවදින්නටම ලිව්වා නේද ? ඇයි fb එක වඳුරට අහුවෙච්ච දැලිපිහිය වගේ කර ගෙන ඉන්න හැටිත් ලිව්ව නම් මරේ මරු.

    ReplyDelete
  3. ස්තුතියි කුරුටු. මූණු පොත විකාරයක් කරගෙන වැනසෙන හැටි හැටි පුළුවන් නම් අර පවුරේවත් කුරටු ගාන්නකෝ

    ReplyDelete
  4. අධ්‍යාපනේ නං පැලැස්තර නොදා මකල හදන්න වේවි තමා

    ReplyDelete
  5. අදයි මේ අඩවියට ආවේ. ඉතාමත් හොඳ අඩවියක්නේ. දවසක් මාත් එක්ක එක ගැහැණු දරුවෙක් පාපොච්චාරණයක් කළා. ඇය වරදේ බැදුණු හැටි ගැන. ආරක්ෂාකාරිම ලිංගික ක්‍රියාවලියක්ලු ෆෝන් සෙක්ස් කිරිල්ල. එයා ඒකට ඇබ්බැහිවෙලා. ඇත්තම කතාව එයාගේ දෙමාපියෝ දන්නේ නෑ ඇය රෑට මේ උලව්වෙන් කරන කියන දේ.

    ReplyDelete
  6. ඔව් නලීන් දෙමාපියන් සහ අපේ යල්පැන ගිය ගුරුවරුන් දන්නා දේවල් යල් පැන ඇති බව ඒ ගොල්ල දන්නෙවත් නෑ. දරුවො ගොදුරු වෙමින් ඉන්නෙ වෙනස්ම ලෝකයකට.
    අපේ අධ්‍යාපනේ දකින්ඩ ලැබෙන ඛේදවාචකය තමයි මේ හමුවේ අන්ධයන් බවට පත්ව තිබීම. අධ්‍යාපන බලධාරීන් අධ්‍යාපනය කියන්නෙ මොකද්ද කියල හරි හැටි දන්න බවක් පේන්න නෑ. අධ්‍යාපන දාර්ශනිකයන් වගේ අය තමයි ලේකම් වරු අධ්‍යකන්ෂවරු විදුහල්පති වරු වෙන්න ඕන. එතකන් මේ තත්වයෙන් ගොඩ එන්න ලැබෙනවා බොරු. නලින් අපේ නංගිලා මල්ලිලා බේරගන්න කොයි හැටි වුනත් මෙහෙම ඛේදනීය තත්වයක් තියනව කියල හැඟෙන්න හරි අපි මේ වගේ හඬක්වත් නගමු.නලින්ට ස්තුතිය අදහස් දැක්වීම ගැන

    ReplyDelete
    Replies
    1. පිළිතුරු දානකොට සාරිකා reply කියන තැන ඔබලා එන කොටුවේ ලියන්න. comment කොටුවේ ලියන්න එපා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මෙන්න මේ විදිහට ද නලීන් . ඔබේ කරුණාවන්ත උපදෙසට ගොඩක් ස්තුතියි නලීන්

      Delete
  7. කාලීන ලිපියක් සාගරිකා ..ඉතාමත් වැදගත් ඔබ සමාජයට දුන් පණිවිඩය.

    ReplyDelete
  8. මේ එකක් විතරයි ප්‍රසාද්. තරුණ වියට එමින් ඉන්න දරුවන්ගේ අලුත්ම අලුත් ට්‍රෙන්ඩ් එක තමයි හැක්සි ටොපියක් දුම්කොල කෑල්ලක දවටල කටේ තියාගන ඉන්න එක. ටික වෙලාවකින් කෙල්ලට,කොල්ලට මත්වෙනවා. ඉන්න තැන කරන කියන දේ අමතක වෙනවා. පාසල් අධ්‍යාපනය ලබන වියේ ඉන්න දරුවන් මුහුණ දෙමින් තියන මෙවැනි තත්වයන්ට, ගැටළු වලට හේතු ඒවා වලක්වන්න යෙදිය හැකි පිළියම් ගැන කල්පනාකරන්න කාටවත් හිතිල නැති හැටි ! ඒ වෙනුවට යෝජනා වෙන්නෙ අතීසාරෙට අමුඩෙ ගහනවා වගේ පැලැස්තර වැඩ. ප්‍රසාද්ට ස්තුතියි ආවාට

    ReplyDelete