ඔන්න මීට ඉස්සෙල්ල බූරුවො බල්ලන්ගේ වැඩ කරනව කියල මම කිව්වෙ ඇයි කියන එකට බොහොම කෙටි උත්තරයක්.
මේ දකින්ඩ තියන දේශපාලන ආර්ථික සමාජ ක්‍රියාකාරීත්වය ගැන මම උඹ ලවා ලියෙව්වත්, උඹ හිතල ලිව්වත්, වෙන අය ලිව්වත් ඒවයේ තියෙන් මහ විසාල කැකෑරෙන වේදනාවක් ! බලාපොරොත්තු සුන්වීමක් ! එහෙම නේද ? ඇයි ඒ ?
යුද මානසිකත්වයක හිටපු සමාජෙට ඒකෙන් මිදෙන්න පුළුවන් උන බවක් තවම පේන්න නෑ. සමාජයට බලපෑම් කරන්ඩ වරං අරගෙන ඉන්න පිරිස අතර ඉන්න සමහර පූජකවරු විතරක් නෙවෙයි මොනව කරල හරි සල්ලි ගොඩ ගහගන ඉන්න බලපුළුවන් කාරයොත් දෙකට තුනට බෙදිල ජාති වාදෙ, ආගම් වාදෙ කරපින්නා ගෙන යකා නටනව. ජයගත්ත කියල හිතන නොහිතන පාලක වර්ග දෙකටම තවම උන විකාරෙ. මුළු සමාජෙම ගත කරන්නෙ අවිචාර සමයක. යුද්දෙකින් පස්සෙ මිනිස්සු විකෘති වෙන බව, මානසික රෝගීන් වෙන බව ඉතිහාසෙ දිහා බලපන්. උදාහරණ ඕනතරං.
ඔන්න ඔහොම වෙලාවට රටක් ගොඩ යන්න නං මහා ප්‍රාඥයො ඕන වෙනව. පවතින සහ ඇති වෙමින් තියන ගැටළුවලට විසඳුම් මොනවද කියල සොයල රටටත් පාලකයන්ටත් ජනතාවටත් මග පෙන්නන්න ඕන ප්‍රාඥයො. ඒ අය. කෝ ? තවම එහෙම අය ඉන්න පාටක්වත් පේන්න නෑ. ප්‍රාඥයො එක්කො රට ඇර ගිහිල්ල. නැත්නං උන්වත් මරාදාල එහෙමත් නැහ්නං උන් සේරම මර නින්දෙ.
දැං ඉතින් විසඳුම් හොයන්නෙ, පෙන්නල දෙන්නෙ මාධ්‍ය මුදලාලි ලයි පාතාල බල පුළුවන් කාරයොයි, කුහකකම රෙද්දකින් වහගෙන ඉන්න පූජකයොයි (වැඩියම හාමුදුරුවරු) . සිහිබුද්ධියෙන් ඉන්න අය මොකද්ද කරන්නේ කියල හිතාගන්න දඟලද් දි ; අඩියක් තියන්නවත් බැරුව ඉද්දි සමහර එව්වො එතනට පැනල බඩ පිනුං ගහ ගහ විසඳුම් පෙන්නනව. විසඳුම් දෙනව. තීන්දු දෙනව.
දිග වැඩි වෙන හින්ද මම එකිං එක කියන්න යන්නෙ නෑ. බලාපං මාතලන්, ඩ්රැකී, මනෝමන්දිර , මධ්‍යස්ථ, රසික, කුරුටු ගෑ ගීපවුර, අවංක ආර්යයන්, මහේෂ් රත්නායක, දයල්බතී, විචාරක, බණ්ඩා, පියුමි ළමයා, කල්‍යාණ මිත්‍ර,නලින් දිල්රුක්ෂ, ඉවාන්පවුලූෂා, රතී ලියන දිනපොත, දෙතිස්කතා, අටම්පහුර, දේශකයා, අජිත් කුමාර, මගේ කිචී, කණිෂ්ක, රූපෙ, අහස් බූන්දි, පැරකුම් .............. ල විතරක් නෙවෙයි තවත් බොහොම කට්ටිය පේස්බුක් එකේ වුනත් ඉන්න සමහර කොල්ලො කෙල්ලොයි කොහොම හරි නින්දෙ ඉන්න අය නැගිටු වන්න, බූරුවන්ගෙ බූරු වැඩ ගැන නොනවත්තාම ලියාගෙන, ලියාගන, ලියාගන, ලියාගන, ලියාගන.................. යන හැටි.
රූප හොයල තෝර ගත්තෙ අන්තර්ජාලයෙන්
අනේ මන්ද. එහෙං මෙහෙං මගේ නමත් කියවෙනවා. ඒ කියන්නේ අපි බූරුවෝ !
ReplyDeleteආතට ඩිමෙන්ෂියා වෙන්න ඇති කියල ලිව්ව හන්ද එහෙම අනුමාන කරන්න මට තියන සුදුසුකම මොකද්ද කියල අහල මාත් බූරුවැඩ කරන දෙනක් කියල බැන්න කණිෂ්ක
Deleteසාරිකා සෑහෙන දවසකින් නොවැ........
ReplyDelete....//කුහකකම රෙද්දකින් වහගෙන ඉන්න පූජකයොයි //...
ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ..දිව හැරෙන හැරෙන පැත්තට කතා කරනවා..වාසි අතට හෝයීයා...
මටත් වයිරස් උන වැළඳිලා විවේක ගන්න උනා.ලැප්එක අල්ලන්නවත් දුන්නෙ නෑ. සැබෑ යතිවරු වර්තමානයේ හොයන එක නිකිනි හොයනවා වැගේ බොහොම දුර්ලභයි. හිටියත් එහෙම අයට ඉස්මතුවෙන්න අනෙක් අය ඉඩ දුන්නෙත් නෑ ! ඉඩ දෙන්නෙත් නෑ.!! කියලයි ආත කියන්නෙ. ආනන්දමෛත්රෙය හාමුදුරුවො රේරුකානේ හාමුදුරුවො වල්පොල හාමුදුරුවොයක්කඩුවෙ හාමුදුරුවො කිරිවත්තුඩුවෙ හාමුදුරුවො මර්සලීන් ජයකොඩි පියතුමා, හෙල හවුලට සම්බන්ධවෙලා හිටපු ආතට නම සිහිකරගන්න බැරිව ඉන්න තවත් පියතුමකු වැනි ඉස්සර හිටියය කියන මහ යතිවරු ගණනාවක් ගැන විතරක් ආතා බොහොම ගෞරවයෙන් සිහිපත් කරනව එච්චරයි. අනෙක් අතට හරිම සතුටකින් බ්ලොග් ලිපි කියවනවා නැතිනම් මා ලවා කියවා ගන්නවා
DeleteThis comment has been removed by the author.
Deleteකවුරු කොච්චර ලිව්වත් නැගිටින පාටක් නෑ පේන්නේ........
ReplyDelete//කුරුටු ගෑ ගීපවුර අවංක ආර්යයන්//
Deleteකරුණාකරලා මැද්දට කොමාවක් දාන්න පුලුවන් ද?
This comment has been removed by the author.
Deleteනැගිටින පාටක් පේන්න නැති එක මහ කරුමයක් තමාඅ වංක ආර්යයන්. අද ආතට හදිසියේම ඇහුණලු වික්ටර් අයිවන් කිව්වය කියල අපේ පාලනය හරියටම අශ්වයෙක් හරි ගොනෙක් හරි බැඳපු නැති කරත්තයක් වගේ කොහෙටවත් නොගිහින් එතනම කැරකෙනව කියල.
Deleteමට සමාව දෙන්ඩෝ ඔන්න මැද්දට කොමාවක් දැම්මෝ
ReplyDeleteමෙහෙමයි සාරිකා...............
ReplyDeleteමේක තමා යථාර්තය... හැම මිනිහාම හැම දේම තේරුම් අරන් පිළිවෙලකට වැඩ කරන්නැහැ.. ඒත් මේ ගැන සංවාදය වැඩි කරන තරමට සමාජය මේවා ගැන දැනුවත් වෙනවා විතරක් නෙමෙයි මෙවැනි දේවල් නැවත නැවත වීම වළක්වන්න හැකියි.... ඉතින් වැදගත් වෙන්නේ සමාජයේ දැවෙන ප්‍රශ්ණ බුද්ධිමත් සංවාදයක් විදිහට සමාජගත කිරීමයි...... ඒකෙදී අැත්තට ම බ්ලොග් ලෝකය ඉස්සරහින් ඉන්නවා.... ඒ ගැන අපිට තියෙන්නෙත් ලොකු සතුටක්...
ලක්ෂයට කොඩිය දමමින් බ්ලොග් ලෝකය ජයගන්නා කුරුටුට මුලින්ම සුබ පැතුම් ! ඔව් කුරුටු අපේ පැරණි කියමනක් තියනවානේ “නුවණක්කාරය අඩිය ගහන්න බය තැන්වල මෝඩයො බඩ පිනුම් ගහනව“ කියල බල්ලො මරල හරි සල්ලි හොයාගන ඒව වියදං කරල මනාපගොඩ ගහගත්තු අය තමන් තමයි ලොකුම උගතා කියල හිතාගන පිස්සු කෙලින එක ගම් සභා මට්ටමේ ඉඳල ඉහළටම යනකං දකින්ඩ තියනව මනාප ගත්තු එකා හිතන්නෙ මං තමා සේරම දන්නෙ කියල. නිවට උගත්තු උන්ව මුරුංග ගහේ නග්ගවමින් තමන්ගෙ බඩ වඩාගන්නව . ලියන්න ගියොත් කොමන්ටව කෙලවර වෙන එකක් නෑ.
ReplyDeleteඔබේ නිර්මාණ බොහෙමයකින්ම සිදුවුනේ සිදුවන්නෙ මහ මෙහෙයක්.
මෙහයක්