Thursday, February 12, 2015

පොත පිච්චුව කවියක්

ආතා ‍කිව්ව කවිය

මට කොච්චර වාසනාවක්ද ආතා  ඉන්න එක. ආතා හිටපු ගමන් සංස්කෘත ශ්ලෝක හෙමත් කියනවා. හැබැයි ඉතින් පොඩ්ඩ බැරි උනාම බනිනවා. බනින්නෙම අපි විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්න ඒව මතක් කර කර. ඕන් ආත මේ පාර කිව්ව කවියක් !

“අපායට  යන්ට ඕනෑ නම් නුඹ                 ට
කරපන් මහ ඇමතිකම එක දවසක           ට
නැත්නම් පන්සලක දේවාලයක සි           ට
අදිපතිකම කරපන් එක දවසක                 ට”

“උඹ දන්නවද කෙල්ලෙ යක්කඩුවෙ හාමුදුරුවො ගැන. උන්නාන්සෙගෙ 
පොත් කියෝල තියනවද ?”
ආතාට පරදින්න මටත් බෑ නේ. “ඔව් මම අහලා තියනව. පොත් කියෝල නං නෑ.”  ආතා පුපුරන්නට විය. “කෙල්ල ආපුගමන් ඒකිව කන්න හදනවා. උඹටත් තාත්තගෙන් බැනුං අහ අහ එතනම දැවටෙන්න ඕනි. දරුවො ඉගෙන ගන්නෙ දැං අලුත් දේවල්. හනමිටි කාලෙ ඒව වගේ නෙමයි” අම්මා මාව බේරගන්නට ඉදිරිපත්වෙයි. 
ආතා නිහඬව නැගිට ගියා. ආතගෙ වටිනාකම මේ ගොල්ලට තේරෙන්නෙ නෑ. මටනං මගෙ ආත මහාචාර්යවරයෙක්.
 “අනේ මගෙ හො ආතා වගේ කියන්න ආපු දේවල් කියන්න. අම්මල කියන ඒව ගණං ගන්න එපා” ආතා නිහව බොහොම පරෙස්සමින් රැක ගන්න “අල්මාරිය” ඇරිය.  
දුංකල මිටියක් වගේ තිබ්බ පුරාණ පොතක් අරන්  දුන්නා. “ඔන්න පොතක් හැබැයි පරෙස්සමින් කියවන්නෙ නැත්තං දැම්මම ආපහු දියං” ආතා මෙච්චර පරෙස්මින් තියාගත්තු පොතක් නොකියව කොහොම ද? යක්කඩු‍වෙ හාමුදුරුවන්ගෙ “වනකතා“. ගත්තු ගමන් කියවන්න උනේ හරිම ආසාවෙන්. ආතා මද සිනාවෙන් යුතුව මා දෙස බලා හිඳී.
ඇයි දෙයියනේ ඇයි ආතෙ  උසස්පෙළ කරද්දිවත් මේ පොත්  නුදුන්නෙ ? මා ඇසුවේ වේදනාවෙන්
මයෙ රත්තරං පුතේ උඹට තමයි මේව පරෙස්සමින් තියා තිව්වෙ. මං දෙන පොත් කියවන්න වෙලා  බැරිවෙලාවත්  ඔය තරගෙට කොරන විබාගෙ පේල් උනොත්, උඹේ මහ එවුවංගෙ මට විසුමක් වෙන එකක් නෑ. දැං ඉතින් කියවපන් මයෙ පුතා කියවල හැදියං”

ආත ඉගෙන ගන්න කාලෙ මේ කවිය පුදුම පෙරළිය ක් කළ එකක් ! උනාලු. මහ ඇමතිට අපහාස වෙන නිසා  පොත අනුමත කරපු කොමිටියත් අවලංගු කරල  පොතත් තහනම් කරල හැම පොතක්ම  පුච්චල දැම්මලු. ආත කිව්ව මේ පුවත ඊටත් වඩා රසවත් විදිහට පස්සෙ අච්චුගහපු පොතේ යක්කඩුවෙ හාමුදුරුවො විස්තර කරනව. ඒ විස්තර මී ළඟ ලිපියෙ කියන්නම්.  
මේ පොත අලුතෙන් අච්චුගහල තියනව. මෙහි මහ ඇමති කියන්නෙ එකල ආණ්ඩුවේ සිටි ඇමතිවරුන්ට යක්කඩුවෙ හාමදුරුවන්ගෙ කාලෙ පළාත් මහ ඇමතිවරු ඉඳල නෑ.
ආත කියන්නෙ “යක්කඩුවෙ හාමුදුරුවො දැං නැති හන්ද හොඳ ලූ“. හිටිය නං දැන් ඉන්න අය දැකල උන්නාන්සෙ පොත් ලියන එක පැත්තක තියල බෙල්ලෙ වැල දාගනී ලු.
වටිනා "මහත්මා දේශපාලයක්" කළ බව කියවෙන ඒ කාලෙත්  එහෙම පෙනුන නං  දැන් ඉන්න අය ගැන කියනුම කවරේද ?
“යහ පාලනය අනේ මන්ද වචන දෙක නං අගෙයි. මේ අය ඡන්දෙට ඉස්සෙල්  ආත කිව්ව වගේ "කටින් බතල හිටෙව්ව"ද දන් නෑ. කියල මේ පොත බලද්දි මටත් සිතෙන්න උනා.
වනකතා පොත නැවතත් පොත් සාප්පු වලින් ගන්න පුළුවන්.   හැකි අය අරන් බලන්නකෝ.[i]





[i] වනකතා මිතුරන් කෙටවීම- වනකතා පොත් අංක 1 -යක්කඩුවේ ප්‍රඥාරාම ස්ථවිරයන්-විද්‍යාලංකාර ප්‍රකාශනයකි 2012

8 comments:

  1. අපේ බ්ලොග් දර්ශකයටත් මේක ඇතුල් කරන්න අමතක කරන්න එපා. ඵතින් දර්ශකට වෙත පිවිස අපට ඔබේ බ්ලොග් ලින්ක් එක එවන්න.

    blogdharshakaya.blogspot.com

    ReplyDelete
  2. ඇරයුමු සතුටින් පිළිගත්තමෙි උපදෙස් අනුව දැනටමත් එවා ඇත්තෙමි.

    ReplyDelete
  3. කවිය නම් පංකදු පහයි..

    අදයි මේ පැත්තට ගොඩ වුනේ.. දිගටම ලියමු..

    ReplyDelete
  4. අගයකරමින් දිරිගැන්වීම වෙනුවෙන් ස්තුතියි දිනේෂ්ට

    ReplyDelete
  5. යක්කඩුවෙ හාංදුරුවො ගැන නං මාත් අහල කරල තියෙනව ඒත් උංනාන්සෙගෙ පොතක් කියවන්ට තරම් පිනක් නැතිවද කොහෙද... කොහෙන් වත් හොයාගන්ට නං හම්බවුනේ නෑ....
    මේ මචෝ බොක්කෙන්ම අහන්නෙ තරහ ගන්ට කාරි නැතිව...
    මොකද්ද මං මේ දාං ඉන්න නමේ තේරුම....
    මේ දවස් වල පහු වෙලා පායන හද හාමි පල්ල මේ වගේ නමක් මං ඇහුව මයි බාං..........

    ReplyDelete
  6. යක්කඩුවේ හාමුදුරුවන් ගැන මාත් අහලා තිබුණා විතරයි පස්සේ උන්වහන්සේ ලිව්ව පොත් නැවත පළවෙලා ඇද්දැයි සොයමින් පොත් සාප්පුවලටයන්න තරම් පිස්සුවක් ඇතිවුනේ ඇත්තටම මගේ ආතා පවසන්න වුන විස්තර නිසයි. ඒ ගැන මී ළඟට ලියනවා. අනේ මහේෂ් මම බ්ලොග් කියෙව්වුට ලියන්න තරම් දැනම ලැබුවේ ඊයෙ පෙරේදා. තවම මට බ්ලොග් එක හසුරවාගන්න තරම් හුරුවක් වත් නෑ. ඔබ වැනි අයගෙ මාසිත් ගත් ලිපිවලට කොමෙන්ට් දාන විදිහවුනත් දැනගත්තේ ඊයේ පෙර්දා කිව්වොත් හරි. හිතෙන හිතෙන වෙලාවට ලියන්න හොඳ නම මේක තමයි කියලයි තෝරගත්තෙ. නමේ තේරුමක් මට තෙරෙන්නෙත් නෑ. මහේෂ්.ගොඩ වැදිීම මට මහා විසාල දහිරියක්

    ReplyDelete
  7. අදනේ මං මේක දැක්කේ

    ReplyDelete
  8. ස්තුතියි අටම්පහුර මේ පැත්තෙ ආවට

    ReplyDelete