19 ? ඔන්න බලාපං වෙන දේ
මොනව හිතුනත් උඹ හෙම මොනවත් ලියන්න එපා ! ආත දුන්න නියෝගයක් හින්ද; හිතෙන ඒව ලියාගන්න බැරුව හිටියෙ. සමහරු ලියල තියන ඒව දැක්කම මයෙත් ඇඟ වෙවුලන්ඩ අරන් තිබුණෙ. මුන් මෙච්චර බය නැතුව ලිය්නනෙ කොහොමද කියල හිතාගන්න බැරුව.
අපේ ආත කිව්වෙ බලය ගත්ත එව්වො රහ වැටුනම ඒක අතාරින්නේ නෑ.මෙච්චරකල් උනේ ඒක කියල.
“ඒ කාලෙ හිතට හිතෙන, ඇඟට දැනෙන ඒව කියන්න ගිහින් අපි ජීවිතේ බේරගත්තෙත් අමාරුවෙන්; ඒ හින්ද නිකං ඉඳිං. නැත්තං උඹ හින්ද මටයි දොස් පරොස්.
ඒකත් ඇත්ත තමයි කියල මාත් අනෙක් අයගේ ලිපි කියව කියව හිටිය. ආතා හින්ද කලාතුරකින්වත් කොමෙන්ටටුවක් වත් දැම්මෙ හොරෙන්.
“19 ? ඔන්න බලාපං ඕක කතා කර කර ඉන්නව විතරයි. මොකක් හරි උප්පරවැට්ටියක් කරල ඕක නොකර ඉන්න තැනට වැඩ හරිගස්සනව.“ අපේ ආතට මේපාර නං වැරදුනා. ඊයේ හවස කට උත්තර නැතුව ගියා.
පක්ෂයි ! පක්ෂයි! පක්ෂයි! පක්ෂයි..................................................................................................
අහවල් එක දාපු හින්ද පක්ෂයි! (රටෙන් නැත්තටම නැතිවෙන්ඩ අතුගෑවෙන හින්ද පක්ෂයි)
පිට කොන්ද ඇතුව මම විරුද්දයි කියල කියන්න හිටියෙ එකයි. ඌට මම නං කැමති උගේ මතය එක්ක එකතුවෙන හින්ද නෙමෙයි. හිතට එකඟව කතා කරපු හන්ද.
“පුරාවස්තු අරන් කෑවට කමක් නෑ කියපු චක්‍රවර්ති වගේ එව්වංට රෙදි ඇඳගෙන ඉන්න බැරි හින්ද පැත්ත පළාතෙ ආවෙ නෑ.
“මයිත්‍රි කියන්නේ නිකං නෝන්ජලයෙක් කියල ටිකදවසක් යද්දි මටත් හිතුනෙ . නෑ කෙලේලෙ මේන්න බලාපං ඒ හැටි බක්කක් නොවුනත් උන්නැහැ කරන්න පුළුවන් හරිය කොළා. අනෙක් පැත්තට කරපු හරිය පුංචි දේකුත් නෙමෙයි.
මෙහෙම පුදුමයක් ඇතිවෙයි කියල මාත් හිතුවෙ නෑ. “දැං උඹට ඕන දෙයක් ලියාපං“. ආත කිව්ව ටික විතරක් ලිව්වහම ඇතිය කියල මට හිතුනා
සාවි... ආත පව් ව්ව්ව්ව්ව්ව්........... පේන්නම නම කියල අහද්දී පක්ෂයි නොකිය වෙන මොනවා කියන්නද. ආයිත් දියවන්නාවට එන්නත් එපැයි. .ඒ වෙලාවට ආත ව නෙමෙයි රජාවත් අමතක වෙලා... හික්ස්...
ReplyDeleteපක්ෂයි ! පක්ෂායි ! පක්ෂායි.......................!!!!!!!!! මෙහෙම කියාපු හුඟක් අය දැන් නිකටේ අල්ල තියාගන කල්පනා කරන්නේ මේ විදිහට කියලයි ආත කියන්නෙ “හත්තිලව්වේ අපට කුට්ටි කඩාගන, බෙදාගන්න තියන ඉඩ සේරම මුන් වහ දාගනෙ යනව. යන්තං වියවස්තා සබාවට මන්තිරිවරු රිංගව ගන්න පුළුවන් උනා මදෑ........“
ReplyDeleteඅර චක්‍රවර්ති සිවුර දෙවුරම වහලා නමුත් අමරපුර/රාමඤ්ඤ වගේ නැතුව අමුතුම විදියකට පොරවන්නේ අනිත් අතේ පච්චයක් තියෙන නිසාය කියන්නේ ඇත්තද?
ReplyDeleteරසික අයියේ,මෑන්ස් (හාමුදුරුවෝ කියන්න දිව නැවෙන්නේ නැති නිසා ) ඇත්තටම පොරක්.ඔහුගේ විශය පථයේ ප්‍රවීනයෙක්.කතා දෙකක් නෑ ඒකගැන.ඒත් තමන්ගේ දැනුම,තත්වය ඔක්කොම බලය,මුදල ඉස්සරහ මහ බලු විදිහට විකුණලා.අපි පවු.
Deleteඑයා බළන්ගොඩ පැත්තෙ පාසලක විදුහල්පති වෙලා ඉද්දි කරපු කෙරුවාවල් බළන්ගොඩ ලොකු පුංචි කවුරුත් දන්නවා. ඉතිහාසය විකෘති කරන්න නම් දරාපු කෙනෙක් . ඒ කාලෙත් දේශපාලකයන්ට වාසිවෙන විදිහට ඉතිහාසෙ විකෘති කරන්න කරපු දේවල් ගැන උසස් පෙළට හිටපු අපේ ඉතිහාස ගුරුවරායා පැවසුවේ රහසෙන්.
Deleteදන්න විදිහටනම් මේකට කියන්නේ මෝහය කියලා.බලයට,මුදලට ඇති කෑදරකම හා එය අත්හැරීමට ඇති අකමැත්ත.මේ මිනිස්සු විනාශ කරන්නේ රටක්.තමන්ගේ සැපත උදෙසා මේවගේ විනාශයක් කරන්න පුළුවන් මිනිස්සු බිහිවුන මේ ක්රමයම වෙනස්කරනවා විනා එක් එක් ගැටළුවට තනි තනිව සටන් කිරීමනම් ඵලදායි කටයුත්තක් නෙමෙයි.ඒත් ඉතින් උන්න හැටියට මලා මදැයි.
ReplyDeleteඔය චක්රවර්තිලා විලි ලජ්ජා නැතුව පුරාස්තු විනාශය සාධරණයි කියන්න ගත්තු උත්සාහය පහුගිය කාලෙ හොදට පෙනුනා නේද ? පුරාවස්තු අථීත උරුමයන්ට වෙච්ච විණාශය ගැන කවුරුත් තවම කතා කළේ නෑ. ඇයිද දන්නෑ නේද ? ආරංචිවල හැටියට උඩරට රාජධානි සමයේ හැදුව පොදු ගොඩනැගලි් (විහාර දේවාල) වල ඉඳල අනුරාධපුරේ මුල්ම කාලෙ ගොඩනැගිලි දක්වා කොල්ල කෑම් ගැන වාර්තා පළවුනා නේද ?
ReplyDeleteමාළු ටැංකියේ වතුර මාරු කරා වගේ වැඩක් තමා මේක....
ReplyDeleteසිද්ධ වුනේ සුළු දෙයක් වුනත් ඒ චුට්ට වුනත් ඒගන්න කොච්චර කාලයක් කොච්චර මහන්සියක් වුනාද ?
ReplyDeleteලංකාව කියන්නේ බොහොම හෙමින් වෙනස් වෙන රටක්.. ඇත්ත සාරිකා.. උන්න හැටියට මලා මදැයි තමා..
ReplyDeleteමිනිස්සුන්ගේ කොඳු කඩල බිමදාල නේ තිබුනේ යන්තම් හරි ගිය අය ගියෙත් හැරමිටි වාර්වෙන් ඒ හින්ද තමා පරක්කු වෙනව ඇත්තෙ නේද බිඟුන්. මං හිතන්නෙ ඔයාල වගේ තවත් විශාල පිරිසක් බ්ලොග් වලයි මූණු පොතයෙි හිටිය. විලි ලජ්ජාව තිබ්බ විද්වතුන් සෑහෙන පිරිසකුත් එකතු වුනා. ඒ හන්ද රට වෙන පැත්තකට හැරුන කියලයි. ඒකයි මේ විදිහටවත් ගොඩ එන ලකුණ පෙන්නන්න වුනේ. ගමණනිමවුනේ නෑ පටන්ගත්ත විතරයි තවදුරටත් ඒ පිරිසට එක්ව අත්වැල් බැඳගෙන සිහියෙන් බලා ඉන්න වෙනව නේද ?
Deleteඇත්තටම හොදයි. සම්මත වෙයි කියල හිතුවට මෙහෙම මැමත් මැජෝරිටියෙන් සම්මත වෙයි කියලනම් හීනෙකින්වත් හිතුවෙ නෑ. මෛත්‍රී මේ යන ගමන හොදයි. මම කතා කරන්නෙ ප්රජාතන්ත්රවාදය ගැන විතරයි. බටහිර දියුණු ප්රජාතන්ත්රවාදී ගුණාංග අපේ සමාජයට අවශෝෂනය වෙනවා නම් හොදයි.
ReplyDeleteහොදයි හොදයි හොදායි
මිනිස්සු පිස්සු වැටිල කටවල් වහගෙන,ඔහේ ඕන එකෙකුට ඕන දෙයක් කරගන්න ඇරල බය බිරාන්ත වෙලා නේ හිටියෙ.එහෙම වෙලාවක මේවගේ මිනිස්සු කීපදෙනෙක් හිටි හන්ද රට හැරිල තියනව මධ්‍යස්ථ යායුතු ගමණ තව බොහොම දුරයි තමා
Deleteදේශපාලනය නම් මට කදුරුයි, මාත් ඉතිං මොකුත් නෝකීවනම්, මං නෑවිත් හිටියයි කියලත් හිතයිනේ.......
ReplyDeleteඅපටත් වහකදුරුවගේ තමා. ඒත් කරුමෙ වෙලා තියෙන්නේ දේශපාලනෙන් මිදෙන්න කාටවත් බැරි කම නේ උන්මත්තක ආවම නං තනිකං දෝස යනවා. ඒහින්දත් ඉස්තූතියි
Deleteපක්ෂයි කිව්ව සමහරුන්ට දැන් එතන සිද්ධ වුණු කිසිම දෙයක් මතක නැති වෙලා කියාලා කොහේද තියෙනවා දැක්ක. ඒ වෙච්ච හැමදේම හීනයක් වගේ කියලා කවුද කියලනේ. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.
ReplyDeleteසාමාන්‍ය මිනිස්සුන්ට කොකා පෙන්න ගෙන ගෙම්බර් දාන්න දැන් ඉතින් ටිකක් අමාරුයි කියල හිතිල ඇති නේද ? ජාතික කොඩියටත් අපහාස කරල දන්නේ නැතුව නොමග ගියා කිව්ව කියන තොත්ත බබාලනේ.
ReplyDeleteඔය මිනිස්සු වයසට ගිහිං ඉන්නේ අකලට නෙමෙයි... අැත්ත ඔ්ක තමා .. හැමදාම වුනේ ඔ්ක.... මේ ලාෙක්කා වුණත් ෂුවර් කරන්න ඒපා.... අැත්ත ඒකයි
ReplyDeleteඔව් කුරුටු ඇත්ත තමයි. මිනිස්සු අවිද්යෙන් ඉන්න ඕන ඒ නිසයි
ReplyDelete