ඔන්න ආතට ඩිංගක් සනීප වුනා විතරයි කතාවක් කියන්න පටන්ගත්තා. මට නං තවමත් තෝරගන්න බැරි වුනා. පුළුවන් නං තෝරන්නකො.
බල්ලො මනුස්සයත් එක්කම ශිස්ටාචාරෙට එකතු වෙලා ඉස්සරහට ආව කියනව නේ. උං ඉස්සර ඉඳලම ගමරාලලට කොච්චරනං පිහිට වුනාද ! දඩයෙමේදි උදව් උනා. කාවදාවත් පිටු පෑවෙ නැති කළගුණ දන්න යාළුවෙක් වුනා. අන්ධයන්ට මග පෙන්නුවා. පොඩිදරුවන් රැක බලාගත්තා. ලොකුම දේ වුනේ මනුස්සයා නිදාගත්තම ගෙදර මුරට ඉන්න එක.
මහ හයියෙන් බුරල හොරු පන්නන එකයි බය ගන්නන එක්යි තමා ලොකුම වැදගත්ම රාජකාරිය.
ඒ වුනාට දන්නවද බල්ල ළඟදි, ඒ කියන්නේ කාලකෙ ඉඳලම කරන්න පටං අරන් තියන දෙයක් ? කොච්චර කෙරුවත් ගමරාල ගෙන් නං කිසිම හොඳක් සැලකිල්ලක් නැති බව පෙනුන හින්දයි එහෙම වුනේ. කන්න දුන්නේ ඔහේ අහක දාන දෙයක් විතරයි. ගමරාල හැම් බේකන් චීස් බටර් කකා. බී.එම්.ඩබ්ලිව්. බෙන්ස් වගේ ඒවයෙ ගියාට බල්ලට සැලකුවේ නෑ .
ඒ වුනාට බූරුවන්ට හොඳ පුන්නක්කු වගේ දේවල් නිතරම ගෙනත් දුන්න. කාර් පර්මිට් ලැප්ටොප් එහෙමත් දුන්න. ඇයි උන් බර අදින බව පෙන්න ගෙන අනින්නත් හදනවා නේ. උන් පයින් ගහන්න එහෙමත් එනවා. බල්ල එහෙමද ගමරාල බල්ලට පයින් ගැහුවත් වල්ගේ වනාගෙන ඕන වෙලාවක නිවටය වගේ ඉන්නව. ඌ නිකම්ම නිවටයෙක් හින්ද. අහක දාන මස්කට්ටක් වගේ දෙයක් දුන්න විතරයි.
හොඳ වැඩක් කරන්න ඕන කියල රහසෙම කතාකරගත්තු බල්ලො හොරුන්ට බුරන එක නවත්තල දැම්ම. ටික කාලයක් ගත වුනා. බල්ලො පිදුරු ගොඩේ වක ගැහිල ඔහේ නිදා ගත්ත.
ගමරාලගෙ බූරුවො ටික හොරු එන බව දැකල බල්ලං ළඟට ගිහින් "දැං ඉතින් රාජකාරිය කරපං" කිව්වට ඇහුවෙ නෑ. ඒ ගමන බූරුවො ටික බල්ලන්ට විරුද්ධව කුමන්ත්‍රණය කරන්න වුනා. ගමරාලට කේලං කිව්ව. තවත් නොයෙක් දේවල් කිව්ව. බුරන එක නැවැත්තුවට අනෙක් දේවල් කරන හින්ද බල්ලන්ට විරුද්දව ගමරාලට මොකුත් කර ගන්න බැරුව ගියා.
හොරු එනවා. හොරු එනඑක නවත්ත ගන්නම බෑ. තව තව බෝවෙන එකත් නැවතෙන්නෙ නෑ. අන්තිමේදි බූරුවො ගොන්නු කටිටියම එකතුවෙලා සේරම එක්ක බුරන්න පටන් ගත්ත. ගං නියංගං පාසා ගිහිනුත් බුරන්න පටන් අරන්.
හොරු තව බෝවෙන එක වලක්කන්න නං, අපි බුරන්න ඕන කියල බල්ලගේ වැඩේ බූරුව බාර අරං ! දැං හොඳටම බූරුවො බුරනව!! කාටත් බුරනවා !!! බල්ලන්ටත් බුරනවා....!!!!!!!? පුදුමෙ කියන්නේ ගමරාලට තවම ඇහැරිලා නෑ. එහෙම නැත්තං බූරුවන්ට බල්ලන්ගෙ වැඩේ කරන්න බෑ කියල තේරිලා නෑ.
පින්තූරය ඉන්ටනෙට් එකෙන්
පින්තූරය ඉන්ටනෙට් එකෙන්
මරු ශෛලිය. ඒ වගේම මරු කතාව...
ReplyDeleteඅනේ මන්ද ඩ්රැකී ආත මේ කියන්නෙ මොකක් ගැන ද කියල තෝරගන්න තවම බෑ. ඩ්රැකී මොකක් හරි දැකල ද කියල විගහට බැලුවා ඒත් ඩ්රැකිත් තවම හැංගිලා
ReplyDeleteමෙහෙම ඒවත් හිතෙන නිසා....................... හැක්
ReplyDeleteඅපේ කුරුටු සමූහයවත් ආත කියන මේ අප්රබ්රන්සේ මොකද්ද කියල තෝරල දෙන්න කො.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteආතට ඩිමෙන්ෂියා ලක්ෂනවත්ද කියල වෙලාවකට හිතෙනවා. නිකම්ම කටකහනවට කියනවාට දෙයක් මේ අස්සේ හැංගිලාද කියලත් හිතෙනවා. කොමැන්ටු පෙන්නුවාම කියන්නේ "ඒ අය හැමෝම උඹට වඩා මේ ගැන දන්නව. ඉවසිල්ලේ හිටපන් කිට්ටුවෙන් යන තේරුමක්වත් දේවි" යි කියනවා.
ReplyDeleteමොනා කියන්නද කියලා කල්පනා කළේ...........
ReplyDeleteඇත්තටම මාත් ඉන්නෙ තරමක අවුලක. ආතගෙන් ඇහුවම තවටිකක් ඇහැ ඇරල බලපන් කියනවා.
Deleteනෑ ඉතිං මේමයි මචෝ
ReplyDeleteඕකට අං එනව කියල කියන්නත් පුලුවන්..
ඉස්සරෝම ගමරාලට අං ආව. ඉතිං එහෙම අං ආවම ලැබෙන පට්ටම දන්නවනෙ. ඉතිං ගොන්නු කවද්ද බල්ලන්ට කැමති වුනේ. ඌව නොසලකා අරින්න ගත්ත. ඒ වෙනුවට ගොන්නුන්ටයි බූරුවන්ටයි සලකන්න ගත්ත. එහෙම සලකන ගමං හිතං ඉන්නවා උන්දැ මම තමයි සර්ව බලධාරී ගමරාල කියල ඒත් ඉතිං කණ්ණාඩියකින් කිසි දවසක නෑ මූණ බලල හින්ද තාම දන්නෑ අංඇවිත් කියල.
බල්ලො කරන්න පුලුවන් හැමදේම කලාට පස්සෙ උංව නොසලකා හැරිය හින්ද දැං නැට්ට පස්සෙ ගහං නිදිනෙ. ඉතිං මේ බූරුවන්නෙ කාලෙ. සමහර බූරුවො මීට කලිං මේ පුනැක්ස් කෑවෙ නෑ කියනව. හොද හොද ඉස්තරං ගාල් දුන්නෙ නෑ මෙ ගමය හොදයි කියනව. ඉතිං ගමයටත් චූන් යනව.
ඉතිං හොරුත් අර බූරුවො අස්සෙං උන්නෙ නකුටු අස්සෙං එළි පහලියට එද්දි ගමය ගණං ගන්නැතිව ඉන්නව. අරුනුත් අනේ අපිට මොකෝ පොඩි ආතල් එකක් ගන්න එපැයි කියල උංගෙ නකුටෙ එල්ලිල ආව උංට නෙවී වගේ බැණ අඬගානව
අලී සෝක් නේද මෙයා
මටත් ඔහොමම හිතිල ආයෙත් ඇත්තටම ඒකද කිව්වෙ කියල විමතියක් ඇතිවෙනව
Deleteඅනේ මේ ආතාටත් වල පයයි ගොඩ පයයි තියාගෙන දේශපාලනේ..චඃ.. වැරදුණා.. බූරු පාලනේ මතක් වෙලානේ.. හැක හැක හැක..
ReplyDeleteමාත් හිතුවෙ ඩිමෙන්ෂියා තත්ත්වෙද කියල ඒත් කල්යාන කියන බූරු පාලනේ මේකතාව අස්සේ හැංගිලාදයි හිතෙනවා. ආතට මේව පෙන්නුවාම හිනා වෙනවා මිසක් මොකුත් නොකියා ඒ ඇත්තො වාගෙ උඹත් හිතපන් කියනවා
Deleteහෙහ් හෙහ් අර මොකක්ද එක නියමෙටම තියනව කතාවෙ. ඒ වචනෙ ඔලුවට එන්නෑ .බල්ලගෙ වැඩේ බූරුව කරන එක තමයි හැම ලෙඩකටම මුල
ReplyDeleteහෙහ් හෙහ් අර මොකක්ද එක නියමෙටම තියනව කතාවෙ. ඒ වචනෙ ඔලුවට එන්නෑ .බල්ලගෙ වැඩේ බූරුව කරන එක තමයි හැම ලෙඩකටම මුල
ReplyDeleteතමන්ගේ වැඩේ තියෙද්දි අනුංගෙ සීනි කිරන්න යනව වගේ දේකුත් මේ කතාව අස්සෙ පේනව නේද මධ්‍යස්ථ
Deleteඅපේ මහජනතාවත් ඉතින් ගමරාල වගේ තමයි.තවම ඇහැරිලා නැ.පොලොසියේ වැඩේයි බල්ලා කරපු වැඩේයි වෙනසක් නැ වගේ මට පේන්නේ.බූරැවෝ ටික තමයි ඔය පක්ෂ විපක්ෂ උන්දලා.
ReplyDeleteආයෙත් ආත එක්ක තර්ක කළා. මම තව පස්සෙ කියන්නං බපංකො මේ ඇත්තේ කොච්චර අවදියෙන් ඉන්නවද ගැඹුරට හිතනව ද උඹත් සිහිබුද්ධියෙන් වැඩ ගනිංකියනවා. ආත නිවාඩු අරගෙන කියන්නේ මොනවද කියල බල් ඉන්නයි වෙලා තියෙන්නෙ.
Deleteගමරාල නැගිටලා ඉන්නේ... ඕකා බොරුවට නිදි වගේ ඉඳලා.... බල්ලගේ වැඩේ බූරුවට කියලා කොරෝ ගන්න ඉන්නේ
ReplyDeleteඅහල තියන කතාවෙ හැටියට නං මේ බූරුව නිදාගන්නඩ දෙන් නෑ කියල මෝල්ගහෙන් බූරුවට තඩි බෑවලු. උඹ අනුංගෙ වැඩ කරන්න ගිහින මට්ටු වුනා නේද කියල බල්ල ඇහුවලු. ඇත්තටම ගමරාලය නිදිවගේ ඇහැර ගෙන ඉන්නව ද මන්ද ? මේක ආතට පෙන්නුවම කියනව බූරුවො කෑ ගෑවට හොරුන්ට කමන් නෑ. ගමරාලත් බූරු හඬ ඇහුනට හොරු ඇවිත් කියල හිතන්නෙ නෑ හොරු තමංගෙ වැඩේ ජයටම කරගෙන යයි කියනව.
ReplyDeleteඑහෙම තමා හැම තැනම වෙන්නෙ...ආරක්ෂාව ගැන මහන්සි වුණු එවුන් පැත්තක.උන්ව ගනන් ගන්නෙවත් නෑ.බූරුවන්ට තමා ලකුණු වැටෙන්නේ..ඔයාගෙ ආතාට ස්තුතියි කියන්න කතාව කියලා දුන්නට.
ReplyDeleteපියුමිට ස්තුතියි මෙතනට ආවට. පියුම් සිහි කරල දෙන්නෙ මග හැරුන තවත් පැත්තක්
Delete//ළමයින්ට කියවන්නට නුසුදුසු ප්‍රතිචාර වාරණය නොකෙරේ.//
ReplyDeleteWhat is this sarika??
This comment has been removed by the author.
ReplyDeleteමෙහෙම වැකියක් එක් කළේ කවර විවේචනයක් කළත් එය යහපත් යයි සම්මත වදන් වලින් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටින්න ඕන කියල හිතපු නිසා. මූණු පොතට ගියාම ඔය කියන අසම්මත වදන් භාවිතය බහුලව දකින්න පුළුවන් නේද දේශක. මා ගුරුවරියක ලෙස වසර කීපයක් සිටි නිසා ලොකු දරු පිරිසක් හමු වුනා. මේ ලිපි ඒඅයත් කියවනවා. මට බොහොම ලෙන්ගතුව තවමත් සම්බන්ධතා අතහැර නැති උන්ට මේවා තේරුනත් නැතත් කියවමින් අදහස් පවා දක්වනවා.
ReplyDeleteමං කිව්වේ ඔය කියල තියෙන දෙයින් අදහස් වෙන්නේ කිසිම දෙයක් වාරණය නොකෙරේ යන්න නේද??
Deleteඔව් ඔව් ඔබ හරි
ReplyDelete