Wednesday, October 7, 2015

කෙටුම්පතක් බවට හැරවීම

ඇත්ත අමුවෙන්ම

සබෑවටම පවතින දේවල් ඒ තාලටෙම ලියන එකත් දිගටම තිබෙන්නට හැරිමත් ජිවිත වල ඉදිරි යහපැවැත්මට හානිදායක වෙන්ඩ පුළුවන් නේ. ඒ නිසා වගේම ගැටළුව  විසඳුම් මට්ටම කරා යමින්  සමහන් වෙමින් තියන නිසා මීට කලින් ලිපිය අයින් කළා. අලුතෙන් එන කෙනෙකුට කියවන්ඩ නොලැබෙනවාට සමාව දෙන්ඩෝ.

මේ දින දෙකතුනට එය සියය ද ඉක්මවා කියවා තිබුණා. ඉතා සංවේදී වූ

විද්වත් හිතවතුන් රාශියකගේ සැබෑ අනුකම්පාව හා ප්‍රබුද්ධ යෝජනා සහ උපදෙස් රාශියක් ලැබී තිබුණා. ඒවා ප්‍රසිද්ධියේ වගේම පෞද්ගලික ලිපි සහ හමුවී සාකච්ඡා කිරීම් ලෙසත් ලැබී තිබුණා. 
තවම මිනිස්සුත් ඉන්නවා !

ඒ සියල්ලන්ටම ඉතාමත්ම ස්තුතියි. අර දෙමාපියන් ඉල්ලා සිටින්නෙ ඒ සියලු දෙනාටම අනේක වාරයක් පින් දෙන බව පවසන ලෙසයි. ඔන්න මම ඒකත් කළා.

ඉතා ඉවසිල්ලෙන් සිටීමට දෙමාපියන් සමත් වුනා. ලැබෙන උපදෙස් හොඳින්  විමසා එම මාර්ග අනුගමනය කළා. අද්භූත ප්‍රතිකර්මවලටත් ගියා. බෝධිපූජාවැනි ශාන්ති කර්මද  ප්‍රයෝජනයට ගත්තා. මේ නිසා ගැටළුව සෑහෙන තරම් දුරට විසඳාගනිමින් තිබෙන බව පෙනි යනවා.

දරුවා මවගේ පියාගේ සහ වැඩිහිටියන්ගේ නිරන්තර ආදරනීය සැලකිල්ල හමුවේ වේගයෙන් වෙනස් වෙමින් ගොඩ ආවා විය හැකියි. වැඩිහිටියන් අතර දැනට පවතින්නේ  සැකය පමණක් දැයි සිතෙන තරම්.

මෙහි ප්‍රගතිය ඉදිරියේදීද ලියන්නට සිතේවි.
මේ අත්දැකීම ඉතා වටිනා අධ්‍යයන අවස්ථාවක් වුනා නේද කියා මට හිතෙනවා. ආකල්ප වෙනස් වන විට සියල්ල වෙනස්වනවා. ඉතින් ආකල්ප වෙනසකට; පෙරළියකට යාගත හැකිවුනොත් බොහෝ  දේවල් කළහැකිවේවි !

19 comments:

  1. ඒ අයට ඔබෙන් අපෙන් යම් උපකාරයක් සිදුවී තිබෙනම් ඒක අපි හමෝටම සතුටක්.තව කෙනෙකුට උපාකර අවශයම වෙලාවක උපකාරයක් කිරීමයි වඩා වටින්නේ.

    ReplyDelete
  2. ඔව් මනෝ ඔබ එවා තිබූ දුරකථන අංක දුන්නා ඔවුන් උපදෙස් ලබා සාර්ථක මගක ගමන් කරමින් සිටින බව ශරීර භාෂාවෙන් පවා පෙනෙනවා.ඔවන්ට අප ඔබ ගැන ඇත්තෙ භක්තියක් වගේ දෙයක්

    ReplyDelete
    Replies
    1. සාරික මම දුරකථන අංකය දුන්න තැන වෛද්‍යවරැන්ගෙන් මම කාලයක් උපදේශණය ඉගෙන ගත්තා.ඒ වෛද්‍යවරැ මම පෞද්ගලිකව අදුරනවා.ඔවුන් ඉතා සාර්ථකයි,විශේෂඥ මනෝවෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා පවා එතනට සම්බන්ධව සිටියා.එතනට යොමු වුනනාමි ඔවුන්ගේ ගැටලුව විසදාගන්න නිසි මග පෙන්වීමක් කෙරේවි.

      Delete
    2. මේ බව ඔවුන් තෙරුම් ගෙන ඇති බව පෙනෙනවා මනෝ

      Delete
  3. වැඩිහිටයන් අතර දැනට පවතින්නේ සැකය පමණක් දැයි සිතෙන තරම්.///
    මේක තිබ්බට කමන් නෑ ටිකක් විතර ඒත් සුළුවට හරි දැනෙන්න හොද නෑ මොකද දන්නවද අර කෙලිත්තිට හිතුනොත් මුං මාව තවත් සැක කරනව කියලළ හිතෙන්න පුලුවං මොකටද නිකං ඉදල කුණු වාදං අහගන්නෙ කරලම ඇහුවත් මෙච්චරනෙ කියල ආයෙත් අර පැත්තට විසි වෙන්න පුලුවං
    ඇත්තටම සැකය කියන්නෙ පස්ට බයානක අයිටම් එකක් සාරිකා

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ් ඒ බව මමත් දෙමාපියන්ට පැවසුවා ස්තුතියි මහේෂ් සම්බන්ධවුනාට

      Delete
  4. එක අතකින් අයින් කල එක හොඳයි.. ඒත් ඊට සමාන අත්දැකීමකට මුහුණ දෙන්න උනොත් ගතයුතු ක්‍රියා මාර්ග ගැන දැනගැනීමට තිබු අවස්ථවක් නැති උනාද කියලත් හිතෙනවා.. නෑ නෑ.. අයින් කල එක හොඳයි :)

    ReplyDelete
    Replies
    1. ක.මි
      මම ඔය සම්බන්ධව කටයුතු කරන මගේ මිතුරන්ගෙනුත් උපදෙස් අරගෙන ඒ ගැන මගේ බිලොග් එකේ වෙනම පෝස්ට් එකක් දාන්නම්.ඒක බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි.

      Delete
    2. මනෝ පවසනවා මෙන් ඔහ් ලියන දේවලින් තවත් දහසක් දෙමාපියන්ට වගේම ගුරුවරුන්ටත් විශාල ප්‍රයෝජන සැලසේවි . ඒ පොස්ටුව කියවීමෙන් කල්‍යාණට ඇති වූ කම්පනය කොමෙන්ටුවෙන් දැනගන්ඩ හැති වුනා. දෙමාපියන් බැවසූ ගැටළුව හා ඔව්න්ගේ ඉල්ලීම හමුවේ මගේ ඇඟ මොන තරම්නි හිරිවැටෙන්න ඇද්ද කියල සිතුවෑකි නේද

      Delete
  5. වටිනා සහයෝගයක් වගේ.... ජයවේවා සාරිකෝ.........

    ReplyDelete
    Replies
    1. ඔව් කුරුටු හරිම හිතේ සැහැල්ලුවක් ඇතිව සිටින්නෙ සංවේදී වීම ගැන ඔබ හැමට තුති

      Delete
  6. උතුම් කොට සලකමි

    ReplyDelete
  7. හොඳයි හොඳයි එහෙම වෙනවනම් හොඳටම හොඳයි.
    ඒ දෙමවුපියන්ට සාරිකාගේ සාගරයක් වගේ වුන උදවුව ප්‍රයෝජනවත් වෙන්න ඇති.
    ආකල්ප තුලින් තමයි සමජාය් වෙනස් කරන්න පුලුවන් වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධ්‍යස්ථ. ඔබටත් විශේෂයෙන් සතුටු විය හැකි පණිවුඩයක් කියන්නම්. අර රෝගීන් ගැන ලිව්ව ඔබේ ලිපියට බොහොම දෙනකුගේ අවධානය ගිය බවක් පෙන්වන උදාහරණයක් දැනගන්ඩ ලැබුණා. මගේ නගරයට ආසන්න ගමක ගෙවල් අසළ ගැවසෙන කාන්තා රෙදි හොරකම් කරන හා නාන තොටුපලේ නිතර ගැවසෙන්න තැත්කරන දෙන්නෙක් අල්ලල හොඳට සබ්බුව දීල තියන බව ආරංචියි. තවත් ගමක එවැන්නකුට තලල පොලීසියට බාර දී ඇති බවක් දැනගන්ට ලැබුණා. ගමේ මෙවැනි ගැටළු ගමේම විසඳාගන්න තැත්කරන බවක් පෙනනවා නේද ? එක ගමක මා දන්නා කෙනෙකුගෙන් ඇසුවාම පැවසුවේ ඉන්ටනෙට් එකේ මෙවැනි අය ගැන සිංහල ලිපියක් තියනව බලන්න කියල මට පෙන්නුවේ ඔබේ සහ මා ලියා ඇති ලිපිය. ඒ වනවිට එක ලිපියක් ලිව්වේ මා බව එයා දැන සිට නෑ.මධ්‍යස්ථට ගොඩක් ස්තුතියි. සදෙව්මිගේ සිද්ධියෙන් පසුව අසාමාන්‍ය මනෝවිද්‍යාව හරහා මෙවැනි රෝගීන් ගැන මුල්වරට සිංහලෙන් දැුනවත් කරන්න ගත්තේ ඔබ බවයි. තවත් ලේඛන දේශන තියෙන්න ඇති ඒත් මෙතරම් අවධාරණය වුන බවක් හිතාගන්න අර උදාහරණය ඉඩ දෙන්නේ නෑ. මට හමු වූ තරුණ දරුවො ගෙඩක් දෙනකු මේ ගැන කියවා තියන බවද පෙනෙනවා. ඔබෙන් සිදුව ඇත්තේ විශාල මෙහෙවරක්

      Delete
    2. "හොඳයි හොඳයි එහෙම වෙනවනම් හොඳටම හොඳයි." මේ අදහසම මටත් ඇතිව තිබෙනවා. දෙමාපියන් අපේකෂා නොකළ තරම් ප්‍රබුද්ධ බවක් ගැටළුවෙදි පෙන්වා ඇති නිසා බේරගනි කියල හිතෙනවා.

      Delete
    3. ඇත්තටම මම සතුටට පත්වුනා. බ්ලොග් ලියන අය ලිපි ඉතා සරලව කතන්දර ශෛලියෙන් ලියන නිසා ඒවා ඕනෑම තරාතිරමකම කෙනෙකුට තේරුම් ගන්න ලේසියි. අපේ අදහස් ජනතාව අතරට මෙහෙම යන බව දන්නවානම් මීට වඩා සැළකිල්ලෙන් වෙලාව අරගෙන ලියන්න පුළුවන්. දැන් නිකම් හිතුන වෙලාවට ඔහෙ ලියල දාන එකනෙ කරන්නෙ.
      බ්ලොග් ලිපියක් කියන්නෙ හවුල් භෝජනයක්. කොමෙන්ට් දැමීම මගින් තවත් පිරිසක් ලිපිය හසුරුවනවා. ඒ නිසා මේක ටීම් වර්ක් එකක්.බ්ලොග් ලිපියක් පබ්ලිෂ් කළාට පසු හිතවතුන්ගෙ දායකත්වයෙන් කරුණු වඩා නිරවද්‍ය වන අතරම වඩා සංවර්ධනය වෙනවා.

      අප හිතනවාට වඩා යමක් බ්ලොග් හරහා කරන්න පුළුවන් බවයි මට දැන් සිතෙන්නේ

      Delete
  8. බ්ලොග් ලිපිවල ඇති ඵලදායි බව බ්ලොග් ලියන්නටත් පෙර සිටම මට දැනනේන වුන දෙයක්. මොනතරම් වටිනා අදහස් තවදුරටත් සංස්කරණය වෙමින් කියවන අය ඥානනය කරනවා. බ්ලොග් ලියන අයත් තමන්ට එන්න ඉඩතියන ප්‍රතිචාර ගැන විමිසිලිමත් වෙමින් උඩුගන්නවන්නට පෙර වඩා පරෙස්සම් වෙනවා.මගේ අදහස බ්ලාග් සටහන් වල වටිනාකම එන්න එන්න වැඩිවේවි කියන එකයි. අනුන්ගේ ඒවා තමන්ගෙ හැටියට දාන අයත් බොරු පුරසාරම් මුසාවදත් නිසා ඇණ ගන්න අය ඉදිරියේ දී විසිවෙලා යාවි

    ReplyDelete