Thursday, November 12, 2015

සමුගන්නා හිමිපාණනි

අක්තපත්‍රයකින් පිදුම් නොලද නායක හාමුදුරුවෝ

“………..දේශපාලකයින්ගේ වේදිකා සරසන්නෙකුගේ තත්ත්වයට ද උන්වහන්සේ කිසිදා පත් නොවූහ. නිර්භය ලෙස ඕනෑම වැරැද්දක් විවේචනය කිරීමේ හැකියාව හා පෞරුෂය උන්වහන්සේට ලැබුණේ මෙම අදීනත්වය හේතුවෙනි. මේ අර්ථයෙන් ද 1940 දශකයේ විද්‍යාලංකාර ප්‍රකාශයේවිස්තර වන රටවැසියාගේ යහපතට හේතුවන දේශපාලනයෙහි යෙදුණු නූතන යුගයේ භික්ෂුවයයන ගෞරවය ලබන්නට මාදුළුවාවේ සෝභිත හිමියෝ හැම අතින්ම සුදුසුකම් ලබති.
 -ගල්කන්දේ ධම්මානන්ද හිමිපාණන්

ඉහත ඡේදය උපුටාගත්තා Kathika Sanvāda Mandapaya වෙතින්.

සෝබිත අපේ ලොකු හාමුදුරුවනේ ඔබවහන්සේ ජීවමානව සිටියදි එක මලක් හෝදෙන්නට නොහැකි වූ මා අද මල් දහසක් ගෙනාවත් ඇති වැඩක් නැත.  ගුණ මකු මට සමාව දෙනු ලැබේවා.!


7 comments:

  1. කොහොමත් හාමුදුරුවෝ තනතුරු තානාන්තර බලාපොරොත්තු වුණ කෙනෙක් නෙමෙයි.... හැබැයි හාමුදුරුවෝ රජෙක් හැදුවා..... රටක් වෙනස් කරා......

    ReplyDelete
    Replies
    1. තමන්ට පෞද්ගලිකව යමක් අපේක්ෂා නොකළ ඉතාම දුර්ලභ මනුෂ්‍යාත්මභාවයක් නේද

      Delete
  2. ශාසනික කටයුතු වලට වඩා ක්‍රියාකාරි දේශපාලනයේ නිරත වුන හිමි නමක්.උන්වහන්සේ දේශපාලනයට යොමු වුනේ උන්වහන්සේට යමක් ලබාගන්න නෙවෙයි.මේ රටට යමක් කල යුතුයි කියන හැගීමෙන්.ඒ නිසා බලය ඇති ආණ්ඩුවේ සුලු අඩු පාඩුව පවා සෘජුවම විවේචනය කලා.උන්වහන්සේගේ අපවත් වීම රටට ලොකු පාඩුවක්.

    ReplyDelete
    Replies
    1. “චරතභික්කවේ චාරිකං බහජන හිතාය බහිජන සුඛාය“ යන්න සැලකුවොත් සෝබිත හාමුදුරුවන් යනු තම ශාස්තෘෘන් වහන්සේ පැනවූ බව කියවෙන එක් නියමයක් අකුරටම ඉටු කරන්නට වෙහෙසගත් අප මෑත කාලයේ දුටු එකම හිමිනම. බුදුන් පිරිනිවන් පාද්දී සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචන වගේම ජාතියක් බ්ලොග් ලෝකයේත් මූණු පොතේත් දකින්නට ලැබුණා. මනෝමෙන් සිතුවේ සිහිබුද්ධිය ඇති පිරිස විතරයි. මේ ගැන ලියපු ඇතැමෙකු උපදේශන සේවාවකට යොමු කළයුතු මට්ටමේ සිටින අභද්‍ර ලා

      Delete
  3. සෝභිත හිමි..
    හ්ම්..
    දේශපාලනයට ගෑවෙන උන්නාන්සෙල ගැන මගෙ මනාපයක් නෑනෙ සාරිකා..
    ඒ ගැන එච්චරයි
    (ටිකක් අන්තවාදී වගේ නේහ් ගණං ගන්න එපා)

    ReplyDelete
    Replies
    1. සෝබිත හිමිගේ තිබුණෙ ටිකක් අමුතු දේශපාලනයක් වගේ මට පෙනුනේ මහේෂ්. ඒක “පක්ෂ දේශපාලනය“ඉක්මවා ගිය අමුතු දේශපාලනයක් බව බොහෝ විට පෙනුනා. උනුන් කාවැටෙන උගතුන් නිර්මාණය කරන, වැසියන්ගේ සමගිය සමාදානය නැති භංග කරන, මිනිසත් කමේ නිවැරදි දර්ශනය කෙරෙහි මාරාන්තික බලපෑමක් එල්ල කර විනාශ කරන, ගුණධර්ම හා සාමාන්‍ය සිහි බුද්ධිය විනාශ කර දමන, නායකයන් විසින් සාමාන්‍ය මිනිසුන් ලේවැගිරීම්වලට යොමුකරවන, ජනතාව බොරුව හා මුලාවට පත්කරමින් පිළකුල් සහගත සමාජවාතාවරණයක් ඇති කරන ක්‍රමයක් වන්නේ පක්ෂ දේශපාලනය බව ඇතැම් වියතකු පළකරන මතයක්. මාදුළුවාවේ හිමියන් මීට සමාන මත දැරුවෙක් බව සිතෙනවා මහේෂ්.
      සාපේක්ෂව බැලුවාම වෙනත් ආගම්වල පූජකවරුන් බෞද්ධ පූජකවරුන් තරම් කෙලෙසී නැහැ.මේ තියන දේශපාලනයට ගෑවෙන උන්නාන්සේලා ගැන මගෙත් මනාපයක් නම් නෑ මහේෂ්

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete