Monday, September 28, 2015

"දරුවන්ට එරෙහි හිංසනය පිටු දකිමු"

සබ්බේ සත්තා උග්‍ර උන්මත්තකා.....! ?

ජනමාධ්‍යකින් උපුටා ගත්තු නිසයි දරුවන්ට එරෙහි හිංසනය පිටු දකිමු කියන වදන් පෙළ උදෘතපාඨ ලකුණු අස්සට දැම්මෙ. 
පහුගිය දවස්වල සිද්ද වුන ඛේදවාචකයන් මොනවද කියන එක දැන් සෑහෙන්න පැහැදිලියි. හොඳ සිහියෙන් ඉන්න අයට කරන්නට බැරි ඒ අපරාධ  කරල තියෙන්නෙ මානසික රෝගීන් බව. 

ඔවුන් රටේ හැම ක්ෂෙත්‍රයකම  ඉන්න බවත් පහුගිය ටිකේ ජනමාධ්‍ය දිහා බැලෙන කොට තේරුම් ගියා. 
ඒ හින්ද "සබ්බේසත්තා උන්මත්තකා" විය හැකියි. ඒත් සබ්බේ සත්තා "උග්‍ර" උන්මත්තකා වෙන්න විදිහක් නෑ නේ.

මේවට ප්‍රතිකාරය වෙන්නේ රෝගීන් සොයා එල්ලා මරා දැමීම ද ? මානසික රෝගීන් නොසලකා හැරීම අපේ රටේ තරම් වෙනත් රටක සිදුවෙනවා දැයි නොදන්නෙමි. 

මේ සත්‍ය කතාවක්. 
ඈත පිටිසර නගරයකට ආසන්නයේ පිහිටි ගමක්. (මේ කියන්න යන කෙනාගෙ නම ලියන්නේ නෑ.) සැහෙන්න දක්ෂතා තියන ............. කෙනෙක්.  ඒත් එයා කරගත්තු කසාදය අසාර්ථක වී ගියා. එයාට හොරකමේ යන එක සාමාන්‍ය පුරුද්දක් වෙලා තිබුණෙ. මෙහෙම ඉන්න අතරේ හොරකමකට වැරදි කරුවෙලා හිරේ ගියා. අවුරුදුදක විතර දඬුවම් කාලය නිමවූ නිසා නිදහස් වෙලා ගමට ආව. එයා පිස්සෙක් බව හිරේ යන්ඩ පෙරදිත් ගමේ ඇතැමෙක් කතා වුන බව මට මතකයි.
නෑදෑයො නම් හොඳ සිහිය තියන පිළිගත් අය. අසිහියෙන් ඉන්න විකෘති පුද්ගලයෙක් නිසා හිරේදි  වෙදකම් කළ බවත් ආරංචි වුනා. ගමට ආවට පස්සේ වසරක් පමණ යනතුරු යන තුරු හොඳට හිටිය. එත් මත්පැන් පානයට ඇබ්බැහි   උන ගමන්  ආයෙත් පරණ පුරුදු ඇති වුන බව පෙනුනා. 

මෙයා ගැහැණූ දරුවන් සිටින ගෙවල් අසල නිතර ගැවසීම නිසා ගමේ අය හිටියෙ විමසිල්ලෙන් හින්ද කරදරයක් ඇති වුනේ නෑ. රාත්‍රියේ නිවෙස් වල ජනේල අසල සිට හසුවීම, රෙදි වැල්වල  වනල තිබ්බ, විශේෂයෙන් කාන්තා ඇඳුම් හොරකම් කර ගෙන ගොස් අතටම හසු වීම වගේ දේවල් වැඩිවැඩියෙන් ආරංචි වෙන්න වුනා. කවුරුත් තමන්ගෙ දරුවන් පරෙස්සම් කරගන්න සැලකිලිමත් වුනා. 

අසල් වැසියන් විසින් මේ විස්තර අදාල පුද්ගලයාගෙ නෑදෑයන්ට පැවසීම අනුව ඔවුන් ද මැදිහතවී පොලීසිය මගින් මේ පුද්ගලයා නැවත පුනරුත්ථාපන කඳවුරකට යැවුවා විය හැකියි. මේ දිනවල ඔහු නැවතත් ගමට පැමිණ ඇත. කිසියම් කලක් යන තුරු දිනපතා පාවිච්චි කරන්න බෙහෙත් නියම කර ඇති බව දැනගන්න ලැබෙනවා. දැන් ඔහු සිටින බවක් වත් දැන ගන්න බැරි තරමට හොඳයි. 

"බැරිවෙලාවත් මේක බෙහෙත් නවත්තල  ඉස්සෙල්ල වගේ  කසිප්පු බොන්න ගත්තොත් තමයි  වැඩේ". මේ ගමේ අය පවසන කතාවක්. මේ ඇත්තටම රෝගියෙක් නේ. ඉතින් එවැනි අය අතින් සිදුවිය හැකි අපරාධයක දි  එල්ලා මරන්න ඕනිද ?  නැතිනම් අපරාධ වෙන්න කලින් වෙනත් සුදුසු පියවර අරගත යුතුද මේ කල්පනාව ඇති වුනේ මෙන්න මේ ලිපිය කියෙවුවට පස්සෙ

පාසල හා විෂය මාලාව ඔස්සේ අධ්‍යාපනයට යම් තරමින් ළං වන ලිපි ලියමින් සිට  ටිකක් ඈතට ගිහින් මේ ලිපිය ලියන්න ගත්තෙ තේමාවෙන් පිට පැන්න නිසා නෙවෙයි. ඒකත් අධ්‍යාපනයට සම්බන්ධ නිසයි.

ඔන්න ඔක්තෝබර් පළවෙනිදා දකින්ඩ ලැබෙන අවිධිමත් ඉගැන්නිල්ලක් බලන්න පුළුවන් බව අාරංචියි. ගරුන්නාන්සෙලා වෙන්නේ ජනමාධ්‍යයක්.  ගෙවල් වල සාලෙ තියන යකාගෙ පෙට්ටියෙ පොරචාරරෙ කරනවා. 

ළමා හිංසනය පිටු දකින්ඩ ඕන කියග කියා දෙන්න යන්නෙ සිහියෙන් ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට. ඒ අයගෙ හිතේ තමන් ඇර රටේ ඉන්න අනෙක් සේරම අපරාධ කාරයො කියල වෙන්න ඇති. ඒක නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ආකල්ප හදන්න උත්සාහ ගන්නවා වගේ පේන්නෙ.  
බලධාරීන්ටයි මාධ්‍ය කරුවන්ටයි  මධ්‍යස්ථ මත ධාරියා නමින් ලියන මේ ලිපිවත් කියවල ඉන්න කියන්නයි මේ පෝස්ටුව ලිව්වෙ



ඉහත රූප සටහන උපුටා ගෑනිම පහත ලින්ක් එකෙනි.
yourliferules.wordpress.com


23 comments:

  1. ළමයින් රැකීමේ වගකීම අැත්තේ වැඩිහිටියන්ටයි...... දරුවෙකුට වෙන දෙයකදී අපි වගකිව යුතුයි.....

    ReplyDelete
    Replies
    1. හැබෑව කුරුටු පුංචි එව්වන් වැඩිහිටියො බොහොම වගකීමෙන් රැක බලාගන්න ඕන. මාළුන්ට පීනන්න උගන්වනව ද දන් නෑ. උන් උපන් ගමන් පීනනවා. ඒත් දියරයක් තුළ පීනමින් කුස තුළ වැඩෙන මිනිස් දරුවා ගොඩට අවට පස්සේ පීනන්න උගන්නන්න බැරිවුනොත් වතුරට වැටුනාම පීන ගන්න බැරිව මැරෙනවා.
      මිනිස් දරුවාට මවගේ තන පුඩුවෙන් කිරි උරා බොන්නත් උගන්නන්න ඕන කියල ඉස්සලේල ලිව්ව එක දුටු වෛද්‍යවරියක් මට කියනව ඒ විතරක් නෙවෙයි සීස් කරල එළියට ගත්තු දරුවට හුස්මගන්න පවා උගන්වන්න ඕන බව පැවසුවා. එතුමියට ගොඩක් ස්තුතියි කියන්නත් අවස්ථාව ගත්තා.

      Delete
  2. මහාපරිනිබිබාණ සූත්‍රයේ දැක්වෙන ආකාරයට අනුව ලිචිඡවින්ගේ රාජ්‍ය ඉතා සාමකාමි එකක් කියනවනේ.මූලාශ්‍රවල දැක්වෙන විදියට ඔවුන්ගේ නීති පද්ධතිය හා දඩුවමි දීමෙ ක්‍රමවෙිදය තුල තිබිලා තියෙන්නේ චරිතසෝදනය කිරිමක්.ඇත්තෙන්ම් වඩා සාර්ථක එවැනි ක්‍රමවෙිදයක්.

    අපේ රටවල නීතිය ක්‍රියාත්මක වීමෙදි ගැටලු බොහොමයක් දකින්න ලැබෙනවා.ඒ නිසා තව තවත් අපරාධකාරයේ බිහිවන සමාජ වටපිටාවක් නිර්මාණය වනවා මිසක් අවම වීමක් දකින්න ලැබෙන්නේ නැ.

    ReplyDelete
    Replies
    1. අා.............. රූපේ වෙනස් කරලා නේද???

      Delete
    2. ගුණධර්ම ආදර්ශයෙන් ඉගෙන ගන්න අවසථාව සලසා දුන්නේ පැරණි ගුරුවරු. චරිත සෝධනය ඉබේම සිදුවුනා. අපේ ගුරුවරු බඳව ගත්තෙ මොන සුදුසු කම් බලල ද ? අපි ඡන්දේ දුන්නේ අපේකෂකයගෙ මොන සුදුසු කම් බලල ද ? ඔබ අන්තිම ඡේදයෙන් පවසන අනාගතය බොහමෙ දුක්ඛ දායකයි නේද මනෝ

      Delete
    3. කුරැටු
      ආයෙත් පුරැදු එකම දාගත්තා.ඒකනේ හැමෝටම මතක

      සාගරිකා
      ඔය කියන හැමපැත්තක්ම චරිතසෝධනයකට අවශ්‍යයි.අංගුලිමාල අපරාධකාරයෙක් උනෙත් රහතන් වහන්සේ නමක් උනෙත් ගුරැවරැ දෙන්නගේ බලපෑම.ගුරැවරයෙකුගේ වගකීම උගන්වන එක විතරක්ම නෙවෙයි ඇත්තටම. සිගාලවාද සූත්‍රයේදි උනත් ගුරැවරැන් විශේෂකරන්නෙත් ඒකනේ.

      Delete
    4. සාරිකා මිසක් සාගරිකා නෙවෙයි. ඇයි ළමයෝ මගේ නමවත් මතක තියාගන්න බැරිද ?
      ඇත්ත මනෝ ආපසු හැරි බලනවිට අපි හැමෝගෙම ජීවිත පදනම ගොඩ නැගීමට හවුල් වුන ගුරුතුමෙක් හෝ ගුරු ගුමියක් සිටිනවා

      Delete
    5. ටිකක් එහෙ මෙහෙ වුනා.මගේ බිලොග් එකේ රිප්ලයි කරලා තියෙන්නෙත් සාගරිකා කියලා.මට නමි පටලැවිල්ල හරියට වෙනවා.දවසක් නිහිංසාට හංසි කියලා කොමන්ටුවක් දැමිමා.
      දැන් හරි සාරිකා

      Delete
  3. මේ කොණ්ඬයා හැර තවත් කොණ්ඬයන් සිටිය හැක.. ළමයි කියන්නේ ළමයි.. උන්ට මේවා තේරෙන්නේ නෑ.. දෙමව්පියන් තවත් හොදින් ළමයි ගැන අවදානෙන් ඉන්න ඕන.. පොඩි අතපසුවීමකුත් ඇති වරදක් වෙන්න..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් ළමයි කියන්නේ පුංචි වැඩිහිටියො නොවයි නේ. උන් අමුතුම සත්තු ජාතියක් උන් රැක බලා ගන්න ඕන තමන්ගෙ ඇස් දෙක වගේ. ඒක තමයි මූලික අවශ්‍යතාව

      Delete
  4. කියපු කතාව නම් සැබෑව, ඒ අහක් ඉන්න මාව ඇදගත්තු එකයි හිතට​ දුක​.......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇගීයම ගැන. හැබැයි මාත් ඔය නම යොදාගන්න හිටියෙ.මාත් සබ්බේ සත්තා අතරින් කෙනෙක් නේ.ඔය නම මම යොදාගන්න තරගෙදි පැරදුන හින්ද මට ඔබ ගැන ඉරිසියයි

      Delete
  5. රෝගීන් එල්ලීම කියන්නෙ යුරෝපයෙ අදුරු යුගයෙ මායාකාරියන් පිච්චුව වගෙ වැඩක්. ජිවමාන උදාහරනයක් අරන් කෙටියෙන් රසවත්ව ලියල තියනව. මගෙ පතරන්ග ලිපි වලට වඩා මෙහෙම ලිව්වහමයි ජනතාව අතරට යන්නෙ.මගෙ ලිපිවල ලින්ක් දැමීම ගැන බොහොම ස්තුතියි.

    ReplyDelete
  6. රෝගීන් එල්ලීම කියන්නෙ යුරෝපයෙ අදුරු යුගයෙ මායාකාරියන් පිච්චුව වගෙ වැඩක්. ජිවමාන උදාහරනයක් අරන් කෙටියෙන් රසවත්ව ලියල තියනව. මගෙ පතරන්ග ලිපි වලට වඩා මෙහෙම ලිව්වහමයි ජනතාව අතරට යන්නෙ.මගෙ ලිපිවල ලින්ක් දැමීම ගැන බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන් කොමෙන්ට් දාන කොට රිපීට් වෙනව.පබිලිස් වුනාද කියල සැකේට ඇගිල්ල ආයෙ තිබ්බහම දෙපාරක්ම පබිලිස් වෙනව.

      Delete
    2. ස්තුතියි මධ්‍යස්ථ ඔබේ ලිපි කිසිසේත් දිග වැඩි නෑ. ඒව යේ වටිනාකම අමිලයි. කරුමෙ කියන්නේ ඔව් කියවන්න අපේ බලදාරීන්ට මාද්දිය වේදීන්ට ඉස්පාසු නැති එකටයි. තවත් කරුමයක් තියනවා. මේ හැබෑව දැන දැනත් නිහඬව ඉන්න උගත්තු කොච්චර අපේ රටේ ඉන්නවද ? බලාග ගියාම මේ අභාග්‍යයන් උදා වෙලා තියෙන්නෙ නූගත්තු හින්ද නෙමයි. උගත්තු ඔහේ ඕන දෙයක් වෙච්චාවෙ තියල නිහඬව ඉන්න හින්දා නේද................ !!!!!!!!!!!!!!!!!!!!

      Delete
  7. මේකයි මට හිතෙන්නෙ
    අනාගතය කියන අදෘශ්‍යමාන කාලයෙදි යම් කිසිවෙක් සමාජයට අවැඩ දායක වෙනව කියල හෝ සමාජය අපගමනයකට ලක් කරනව කියල දැනෙනව නං ඒ වගේ කෙනෙක් ව වක්‍රව හෝ සෘජුව පුනරුත්තාපනය කළ යුතුයි. ඒත් සමහරු ඉන්නව රෝග ලක්ෂන පහල වෙනකල්ම කිසිවක් නොකර පස්සෙ මොකක් හරි වුනාම දෙස් දෙවොල් තියනව...
    උදාහරනයක් විදියට සාරුවා සුනිල් ගන්න. අමුම අමු මානසික පිස්සෙක් නෙ. ඒත් දකුණෙ ඉන්නෙ අට වඩා පිස්සො කියන එක පහුගිය දවස් වල පෙනෙන්න ඇති නෙ. ඉතිං ඒ වගේ ජනකායක් එක්ක කෝමද බං ඒක සෛලිකයන් වගේ ජීවත් වෙන්නෙ.
    අපි කෝම හරි සෙට් වෙලා අරූව පුනරුත්තාපනය කරන්න කලිං ලංකාවෙ ජනමාධ්‍ය ඇතුලු සමස්ථ ජනතාව ගෙන් බහුතරයක් ගෙ මොළ සෝදල ඉන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි මහේෂ් යමක් දැනකියාගත්තු මිනිස්කම තියන මිනිස්සු තවත් නිහඬව ඉන්නව කියන්නෙ නම් මහ විනාශයකට පාර කපා ගැනීමක්. පිළිගත් ජනමාධ්‍ය වේදීන් එකතු වෙලා තම තමන් මෙහෙයවා ගන්න ආචාර ධර්ම පද්ධතියක් සකස් කර ගන්න ඕන.

      Delete
  8. රස්සාව කරන්නත් එපායැ ඉතින් දැන්තමයි මෙතනට එන්න ඉස්පාසු ලැබුණෙ කොමන්ට් වලට රිප්ලයි ලේට් වුනේ ඒ හින්ද ලිපියෙත් ටයිපින් දෝස ගොඩක් තබුණා. යාළුවනේ පමාව ගැන මට සමාවෙන්න ඕන.

    ReplyDelete
  9. හොඳම දේ දරුවන්ටයි කියනවනේ , එත් ඒ කතාවට විතරයි

    ReplyDelete
  10. ඔව් ඉවාන්. අපි බතල හිටවන්නෙ කටින් නේ. හැම දේම කතාවට විතරයි. පාසලකට ගියාම බලතෑකි හොඳම දේ දරුවන්ට දෙන හැටි. ඕනම දිළිඳු පාසලක උනත් වැස්සට නොතෙමි ඉන්න තැනක් තියෙන්නේ විදුහල්පතිටයි ගරුවරුන්ටයි විතරයි. ඒත් එතන නිතර කියන්නෙත් හොඳම දේ දරුවන්ට කියන එකයි.

    ReplyDelete
    Replies
    1. ඕනෑම රෝගියකුට අනුකම්පා කරන උපාසක අම්මලා මානසික රෝගීන් දුටු සැනින් කෝප වෙයි(විශේෂයෙන් කාම උමතු රෝගීන්) ඔබ දුන් උදාහරණය අනුව එම රෝගීන් නිසි පුනරුත්තාපන හා පතිකාර ලබාදිය යුතුය. එල්ලා මැරීමෙන් හෝ ගල් ගැසීමෙන් එවැනි රෝගීන් සුව නොවේ. එවැනි රෝගීන් ගෙන් තමාද ආරක්ෂා විය යුතුය ඒ ඔවුන්ට හොඳ නරක නොතේරෙන බැවිනි

      Delete
    2. ඇත්ත. ඈත ගම්වල සිටින නූගතුන් යි සම්මත අයට තේරෙන දේ නාගරිකව වෙසෙන ගැමියාට වඩා ඉගෙන ගත්තු අය ය කියාගන්නා අයට ඒ සරළ සත්‍යය තේරුම් ගන්න බැරිකමනේ පුදුමෙ. පුරාණ ගැමියන්ට වඩා නූතනයන් කියාගන්න බොහොම අයගෙ 9මාධ්‍ය හසුරවන අයගෙත්) චින්තනය හරිම පටුයි නේ ද? කියල ඔය උදාහරණය ගැන හිතන විට මට සිතෙන්නට වුනා ප්‍රසාද්

      Delete